ජනපතිව ‍රැකගන්න.. එජාපයෙන් මෙහෙයුමක් Featured

Published in පුවත්
Monday, 19 February 2018 12:07

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව වන බලවේගවලින් ඔහුව රැක ගතයුතු බව අගමැතිවරයා එජාප මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී තිබේ. කිලී මහරාජා සහ ඔහුගේ මාධ්‍ය නඩයත් ,ඔහුගෙන්ම වරප්‍රසාද ගන්නා ගොබ්බ ජනාධිපති උපදේශකයෝ , මහරාජා යටතේ තිබෙන් ජනාධිපති මාධ්‍ය අංශයත් සහ මහින්ද රාජපක්ෂගේ පොහොට්‍ටු කණ්ඩායමත් විසින් මේ වන විට ජනාධිපතිවරයාව දැඩී පීඩනයකට ලක් කර ඇති බවත් එම නිසා මේ මොහොතේදී ඔහුට ශක්තියක් වීම මිස ඔහුව විවේචනයට නොකරන ලෙස අගමැතිවරයා අවධාරණය කර තිබේ.

ජනාධිපතිවරයා කිසිසේත්ම ජාතික ආණ්ඩුව බිඳ දැමීමේ උත්සාහයක නැති නමුත් දේශපාලන කුමන්ත්‍රණකරුවන් විසින් මාධ්‍ය හරහා රටේ නැති ප්‍රශ්න මවමින් සම්මුතික ආණ්ඩුව අවසන් බවට බොරු පුවත් ප්‍රචාරය කරමින් රට ව්‍යාකූල කිරීමට දරණ තැත සම්බන්ධයෙන් වඩා වගකීම් සහගත ලෙස කටයුතු කරන ලෙසද මෙහිදී ඉල්ලා තිබේ.

අද දින ශ්‍රීලනිපය ප්‍රමුඛව මහින්ද රාජපක්ෂ කණ්ඩායම පාර්ලිමේන්තුවේදී සිය බහුතරය පෙන්වීමට කටයුතු කරන බව පවසූවද එවැනි කිසිම සූදානමක් තිබෙන බව පෙනෙන්නට නොමැත. එම කණ්ඩායම නියෝජනය කරන පිරිසෙන් අඩක්වත් අද දින පාර්ලිමේන්තු පැමිණ නොසිටීමද විශේෂ කරුණකි.

මේ අතර මේ වන විට කල් ඉකුත් වී තිබෙන ශ්‍රීලනීප එජාප ජාතික ආණ්ඩු ගිවිසුම ඉක්මනින් අලුත් කිරීමටටහ් කැබිනට් මණ්ඩල සංශෝධනයක් ඉදිරි දින කිහිපයේදී සිදු කිරීමටත් මේ වන විට දෙපාර්ශ්වය කටයුතු කරමින් තිබේ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us