හොරා රනිල්, කියපු මෛත්‍රී හොරු අල්ලන්න රනිල්ටම දුන්නේ ඇයි ? Featured

Published in පුවත්
Sunday, 25 February 2018 12:39

ජනාධිපතිවරයා පසුගිය පළාත් පාලන මැතිවරණ වේදිකාව පාවිච්චි කළේ රනිල් හොරා කියන්නය. අගමැති තනතුර වෙනස් කරන්නත් මහ මෙහෙයුමක් දියත් කළේය. තමුන් මේ හොරු අල්ලා අවීචි මහනරකාදියට යවා මිසක් තනතුරෙන් යන්නේ නැති බවද කීවේය.

එහෙත් දැන් අගමැති රනිල් තමන්ගේ බලය තවදුරටත් වර්ධනය කර ගනිමින් නීතිය හා සාමය ඇමැතිකමද ලබා ගෙන තිබේ.

මේ ජනාධිපතිවරයා ලැබූ පරාජයක්ද නැතිනම් ජනතාවට විහිළු සැපයීම තවදුරටත් ජනාධිපතිවරයා සිදුකරමින් සිටිනවාද යන්න පැහැදිලි නැත.එසේත් නැත්නම්  තමන්ගේ බැරි බැරියාව වසාගෙන , හොරු ඇල්ලීමේ වගකීමේන් තමන්ට මිදෙන්නට හැකි උපක්‍රමයක් ලෙස නීතිය හා සාමය රනිල්ටම දුන්නා වෙන්න බැරි නැත.

ඒ කෙසේ නමුත් අගමැතිවරයා පවරාගෙන ඇත්තේ අතිශය වගකීම් සහගත විෂයකි. ඔහුට තවදුරටත් මේ සම්බන්ධයෙන් විහිළු සැපයිය නොහැක. රාජපක්ෂවරුන්ව ආරක්ෂා කරමින් සිටින බවට ජනාධිපතිවරයාගේ පාර්ශ්වය විසින් නඟන චෝදනාවට දැන් ඔහු භාවිතාවෙන් පිළිතුරු සැපයිය යුතුය.

දේශපාලනික වශයෙන් ගත් කළ පසුගිය කාලයේ රනිල්ට අවශ්‍ය වූයේ ශ්‍රීලනිපය දෙකට කඩා දැමීමට රාජපක්ෂවරුන්ගේ ඇති උත්සාහයට උල්පන්දම් දීමය. දැන් ඒ කාරිය අවසන්ය. දැන් ඔහු හමුවේ වන අභියෝගය වන්නෙ පොහොට්‍ටුව කැබලි කිරීමය. ඒ සඳහා රාජපක්ෂවරුන් කූඩු කිරීම විය යුතුය. එසේ නොවුණහොත් එය එජාපයේ මෙන්ම ශ්‍රීලනීපයෙත් අවසානය වනු ඇත.

ප්‍රභූ පැලැන්තිය ආරක්ෂා කිරීම රනිල්ලාගේ පැලැන්තියේ සාම්ප්‍රදායික වුවමනාව මත්තේ තවදුරටත් රනිල් සිටියහොත් ඔහු අපේක්ෂා කරන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වෙනස මේ රටේ සිදුකළ හැකි නොවනු ඇත. රට ජාතිවාදයෙන් යට වී යළි ගෝත්‍රික පන්නයේ පාලනයක් සහිත යුගයක්ම උදාවනු ඇත.

Last modified on Sunday, 25 February 2018 13:00

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us