දැන් රටේ ආර්ථික කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ අයිතිය ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වන බව ජාතික ආර්ථික සභාවට පවරාගෙන ඇත.
ආර්ථික කළමනාකරණ කමිටුව ගත් ඇතැම් වැරදි තීන්දු ක්‍රියාත්මක කිරීමට යෑම නිසා රටේ ආර්ථිකය කඩාවැටුණු බවත් දේශීය කර්මාන්ත නැංවීමට ආර්ථික කළමනාකරණ කමිටුව දුන් සහාය ඉතා අල්ප බවත් ජනාධිපතිවරයා කැබිනට් මණ්‌ඩල රැස්‌වීමේදී ප්‍රකාශ කර තිබේ.
මීට සමාන කතාවක් පොළොන්නරුවේ පසුගියදා (26) පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින් පවසා තිබිණි. ඒ අනුව රටේ ආර්ථිකයට ඔරොත්තු දෙන සංකල්පවලට යා යුතු බවත් සැලසුම්, ඇස්තමේන්තු සියල්ල රටට ඔරොත්තු දෙන විදිහේ ඒවා විය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආර්ථික දැකම බව එහිදී පෙන්වා දී තිබේ.
කොහොම නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ක්‍රියාත්මක කෙරුණු ආර්ථික කළමනාකරණ කමිටුව අගමැති ආර්ථික උපදේශකයන් වන චරිත රත්වත්ත, ආර්. පාස්‌කරලිංගම්, මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්. එස්. එච්. සමරතුංග, අගමැති ලේකම් සමන් ඒකනායක, ඇමැතිවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, මලික් සමරවික්‍රම යන මහත්වරුද ඇතුළත් වූහ. ඒ ඒ ව්‍යාපෘතිවලට අදාල අමාත්‍යංශ ලේකම් වරු දෙපාර්තමේන්තු ප්‍රධානින්ද සහභාගී විය..තීන්දු තීරණ ගැනුනේ එම සාකච්ඡාවලින් අනතුරුවය. එක අගමැතිවරයාගේ බලපෑමට යටත් වූවක් නොවේ. නමුත් එම තීන්දු ක්‍රියාත්මක කරවීමේදී ගැටළු මතු වූයේ රාජ්‍ය නිලධාරීන්ට මෙරට යල් පැන ගිය නීති රීති හා, ක්‍රමවේදයන් නිසා වූ අකාර්යක්ෂමතාවයන් හේතුවෙනි.
ඊට අමතර ජනාධිපතිවරයා විසින්ම පත් කරනු ලබන නියෝජිතයන්ගෙන් සමන්විත ආයෝජන මණ්ඩලය ආයොජන සම්බන්ධයෙන් ඉතා අකාර්යක්ෂම ලෙසත්.. කොමිස් ගසා කැම් වලත් නිරත වීමේ උත්සාහයන් නිසා ආයෝජකයන් නැවත හැරීයාම සිදුව තිබිණි.
එම ප්‍රායෝගික ප්‍රශ්න ගැන ජනාධිපතිවරයාට ප්‍රශ්නයක් නැත. ඔහු දන්නේද නැත. මේ සියලු ගැටලුකාරිත්වයන් අවසන් කර නිවැරදි ජාතික ප්‍රතිපත්තියක් යටතේ.. රට තුල සමාන්තර සංවර්ධනයක් කිරීම වෙනුවෙනුත් ආයෝජකයන්ට එකම වහලක් යටින් සියලු කරුණු කාරණා ඉටු කර ගැනීමටත් සියලු සංවර්ධන ක්‍රියා දාමයන් එකම ආයතනයක් මගින් අධීක්ෂණය කිරීමට පමණක් නොව මුල්‍යමය විනිවිධ භාවය තහවුරු කළ හැකි ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගේන ආ ' සංවර්ධන පනතට' මේ ජනාධිපතිවරයා එදා බරපතල ලෙස විරුද්ධ විය. සුපිරි ඇමැතිවරයකු බිහි වෙනවා කියමින් බොරු ප්‍රචාර පැතුරුවේ ජනාධිපති කාර්යාලය විසින්මය. ඊට එරෙහිව පලාත් සභාවන් හීද විරෝධයක් මතු කළේය..ඊට රාජපක්ෂ පාර්ශ්වයේ සහයද ලැබිණි.
පසුව එම පනත වෙනුවට එහි කොටස් හොරාගෙන තමන් යටතේ ක්‍රියාත්මක වීමට ' තිරසර සංවර්ධන පනත' යනුවෙන් පනතක් සම්මත කර ගත් නමුත් වෙච්ච තිරසර සංවර්ධනයක් නැත. ..ඊට දැන් ඒ පනතට වෙච්ච දෙයකුත් නැත.
ආණ්ඩුව 2025 ඉලක්ක කරගෙන දැවන්ත සංවර්ධන ඉලක්කයක් වෙනුවෙන් වැඩ සටහනක් යෝජනා කළ විට ජනාධිපතිවරයා සිදු කළේ ' ග්‍රාම ශක්ති' නමින් ගෙවතු වගාවෙන් රට සංවර්ධනය කිරීමේ වැඩපිලිවෙලක් එළියට දැමීම. ඒ ප්‍රචාරය වෙනුවෙන් මිලියන් ගනනක මුදල නැති භංගස්ථාන කළේය ..නමුත් හැදිච්ච ගෙවත්තක් හෝ නැත... ජනාධිපතිවරයාගේ කාබනික පොහොර වගා සංග්‍රාමයද ලත් තැනම ලොප් වී ගියෙය.
ඊයේ පෙරෙදා පාසල් දරුවන් සඳහා ටැබ් ලබා දීමේ ව්‍යාපෘතියද ජනාධිපතිවරයා විසින් වලකනු ලැබ තිබුනේ ඒ සල්ලි වලින් මිනිසුන්ගේ කන බොන දෙවල් ආදී වෙන කරන්න වැඩ ඇති බව පවසමින් බවද වාර්තා විය.
මෙලෙස ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද යන්න පැහැදිලි කර ගැනීමට තවත් උදාහරණ එමට ඇත. කොහොම නමුත් ජනාධිපතිවරයා යෝජනා කරන්නේ ' ඔය තියෙන හැටියකට ලෙව කාලා හරි ජීවත් වෙමු' කියාය.
ජනාධිපතිගේ ජාතික ආර්ථික සභාව ඉදිරියේදී කටයුතු කරනු ඇත්තේ ඒ වෙනුවෙන් බවට සැක නැත