ෆොනීට පොලීසිය බාරදීමට එරෙහිව ශ්‍රීලනීප මෙහෙයුමක් ! Featured

Published in පුවත්
Tuesday, 27 February 2018 12:25

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යංශය බාර දීමට එජාප නායකත්වය විසින් තීරණය කර තිබුණද ඊට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයට හිතැති කහකඩධාරීන්ගේ විරෝධය පි‍ටුපස සිටින්නේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේම කොටසක් බවට තොරතුරු අනාවරණය වේ.

ජනධිපතිවරයාගේ පාර්ශ්වය හා මහින්ද රාජපක්ෂ පාර්ශ්වය අතර සාම්‍යයක් ගොඩනඟා ගැනීම වෙනුවෙන් එම දෙපාර්ශ්වයම මේ වන විට සාකච්ඡා කරමින් සිටී. යම් හෙයකින් රාජපක්ෂ පාර්ශ්වයේ අපරාධ චූදිත්යන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක වුවහොත් එම සාකච්ඡා කඩාකප්පල වීම නියත වශයෙන්ම සිදු වන නිසා..ඒ වැලැක්වීම අරමුණු කොටගෙන ෆොන්සෙකාට නීතිය හ සාමය ඇමැතිධුරය ලබාදීම වලක්වා ගැනීම එම දෙපාර්ශ්වයේම වුවමනාව වී තිබේ.

මේ වන විට කහකඩධාරීන්ගේ විරෝධයක් මතු කර ඒ හරහා ෆොන්සේකාට එම තනතුර බාර නොදෙන තැනට වැඩ කරමින් තිබේ. මේ සම්බන්ධයෙන් පසුගියදා අගමැතිවරයා හා ෆොන්සේකා මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී මෙම තත්වය ගැන අගමැතිවරයා පැහැදිලි කර දී තිබේ. මෙහිදී ෆොන්සෙකා මහතා පැහැදිලි කොන්දේසියක් ලෙස ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් එල්ලවන බලපෑම් වැලැක්විය යුතු බවත් තමන්ට ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව තිබිය යුතු බවත් පවසා තිබේ.

මේ අතර  මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර ඇත්තේ එම ඇමැති තනතුර ශ්‍රීලනීප මන්ත්‍රීවරයකුට ලබා ගැනීමට උත්සාහයක් ගනිමින් තිබෙන බවය. එමඟින් මෛත්‍රී පාර්ශ්වය හා මහින්ද පාර්ශ්වයේ සාකච්ඡා සාර්ථක කරගැනීම මෙහි යටි අරමුණ වී තිබේ.  පසුගිය කාල වකවානුවේදී රාජපක්ෂවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීම වැලැක්වීමට දැඩි බලපෑමක් කරනු ලැබුවේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වය විසින් බව ප්‍රසිද්ධ කරුණකි. හිටපු නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක ඉල්ලා අස්වීමට සැබෑ හේතුව වී තිබුණේ එම බලපෑම මත ඇමැතිධුරයේ කටයුතු නිසියාකාරව කරගෙන යෑමට නොහැකි වීමත් ඒ නිසාම මහ ජනතාවගේ චෝදනාවට ලක්ව තිබීමත් පදනම් කරගෙනය.

අගමැති රනිල් වික්‍රමසිංහ එම ඇමැතිතනතුර වෙනත් කිසිවකුට බාර නොදී තමන් සන්තකයේ තබා ගනු ලබුවේද ජනාධිපතිවරයාව මට්‍ටු කිරීමේ අදහසින් බව අගමැති කාර්යාල ආරංචි මාර්ග විසින් පෙන්වා දෙයි.

මේවන විට ඒකාබද්ධ විපක්ෂයේ වෙබ් අඩවි හා සමාජ ජාලා ඔස්සෙ රනිල් වික්‍රමසිංහට එරෙහිව දැවැන්ත මඩ අවලාද ප්‍රහාරයක් ආරම්බ කරමින් එජාපය දෙකඩ කිරීමේ උත්සාහයක් දරමින් සිටින්නේ ෆොන්සේකාට ඇමතිධුරය ලබා දීමට ගන්න උත්සාහ්ය වැලැක්වීමටය. වංචා දූෂණ අක්‍රමිකතා ‍රැසක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින විමල් වීරවංශ, ප්‍රස්න්න රණතුංග හා උදය ගම්මන්පිළ මේ වෙනුවෙන් විශේෂ මැදිහත් වීමක් කරමින් තිබෙන බවද පෙනෙන්ට තිබේ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us