රාජාංගනය වැවෙහි ජලය පානීය ජල බොතල් කර්මාන්ත ශාලාවක් වෙත ලබා දීමට එරෙහිව මෙම උද්ඝෝෂණය සංවිධානය වී තිබූ අතර 1500 ක පමණ පිරිසක් මෙයට සහභාගී වී සිටියහ.
උද්ඝෝෂකයන්ගේ කලහාකාරී හැසිරීම පාලනයකිරීම සඳහා කඳුලු ගෑස් ප්‍රහාරයන් දියත් කර තිබූ අතර 45 දෙනෙකු පමණ අත් අඩංගුවට ගෙන තිබේ.උද්ඝෝෂකයන් විශාල පිරිසක් හා පොලිස් නිලධාරීන් 4 දෙනෙකුට පමණ තුවාල සිදුවීමද වී ඇත.
කෙසේ නමුත් අත් අඩංගුවට ගත් පිරිස් වලට පවා මෙහිදී පොලීසිය විසින් පහර දෙනු දකින්නට ලැබිණි.