මහ බැංකු බැඳුම්කර පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරිපත් කළ වාර්තාවේ තොරතුරු ලබාගැනීමට තම පක්‍ෂය අද (2දා) ජනාධිපති ලේකම් කාර්යාලයට යන බව ජවිපෙ නායක, විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පවසයි.

ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍ය සංගමය විසින් සම්පාදනය කළ වෙබ් මාධ්‍යයය වෙනුවෙන් වන ආචාරධර්ම සංග්‍රහය ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පිළිගැන්වීම සිදු කරනු ලැබ තිබේ.

පළාත් පාලන මැතිවරණයේදී පොහොට්‍ටු කල්ලියට සහාය ලබාදීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගේ මූලිකත්වයෙන් පිහිටුවා තිබෙන 'වියත් මඟ' සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩලය එකඟතාවකට පැමිණ ඇත.

අප දැනට භාවිතා කරන දින දර්ශනයට අනුව 2017 වසර ගෙවී ගොස් අපි 2018 නව වසරට පා තබා සිටිමු. වසරක් ගෙවී නව වසරක් උදාවන විටම සුපුරුදු සම්ප්‍රදායට අනුව සුබ නව වසරක් වේවායි කවුරුත් එකිනෙකාට සුබ පතා ගනිති. සුබ පැතුම් පත් යවති. මෙම ක්‍රියාවලිය අප දන්නා කාලයක සිට සිදු වුවද වසර ආරම්භයේදී අප එකිනෙකාට සුබ පතා ගත්තද අපේ සමාජයේ සාතිශය බහුතරයකට ගෙවුන වසරවල් සුබ වූයේ නැත. සත්‍යය එයයි.

පසුගිය සතියේ ක්‍රීඩා ඇමැතිවරයාගේ ජංගම දුරකතනයට ලැබුණු කෙටි පණිවිඩයක සඳහන් වූයේ..' මහත්මයාණෙනි, ඔබව හමුවීමට අවශ්‍යයි. ඔබ කොහෙදී ද හමුවිය හැක්කේ.." යනුවෙනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි වන ආකාරයෙන් වෙනත් දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන ඕනෑම කෙනකුට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා වැරැදිකරුවන් වන අයගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමේ බලය පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතාට පැවැරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කොට තිබේ.

රජ්ජුරුවන්ගේ මූණේ වැසූ මැස්සා එළවීමට වඳුරා කළේ මැස්සාට කඩුවෙන් කෙටීමය..මැස්සා එළවීම සාර්ථක වූ නමුත් රජු මළේය. මෙවැනි වඳුරු භාවිතාවේ යෙදෙන මාධ්‍යවේදීන් ද මේ රටේ සිටිති. මැස්සා එලවා ආතල් ගන්නා මේ මාධ්‍යවේදීන් බහුතරයක කුලකය වන්නේ ගවේශනාත්මක මාධ්‍යවේදී කුලකයයි. මේ අය පොරවල්ය..

"රුසියාවේ පුටින් බලයට ගෙනාවා වගේ 2020දී අපි මහින්ද රාජපක්ෂ මහතා බලයට ගේනවා. මියන්මාරයේ අවුන්සාන් සුකී ඩ්‍රයිවර් දමලා දින්නා වගේ මහින්ද රාජපක්ෂ මහතා බලයට ගේන්න පුළුවන්" යනුවෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගියදා ප්‍රකාශ කරන ලදී.

අත්තනෝමතිකව රඳවා ගැනීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම පසුගිය සිකුරාදා (15දා) රටින් පිටව ගියහ. එසේ පිටව යන්නට පෙර ඔවුහු බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූවෝය. ඒ පසුගිය 4දා සිට පුරා දින 11ක් තිස්සේ ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන සොයා බලන්නට කළ සංචාරයෙන් පසු ස්වකීය නිර්දේශ හා යෝජනා පිළිබඳව රටේ මාධ්‍ය දැනුවත් කරන්නටය. ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකරණ නිලධාරීනි උෟනා මැකෝලි සමඟ එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායමට අයත් ජෝ ඇන්ටෝනියෝ ගුවේරා බර්මූඩස්, ලී ටුමේ සහ එලීනා ස්ටීනර්ට් යන නියෝජිතයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

විමල් වීරවංශ විසින් අටවා දුන් රාවනා බලය නම් බෞද්ධාගම්වාදී ත්‍රස්ත සංවිධානයේ ලොක්කා වන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නම් කහකඩධාරී ගොබිලා රාජපක්ෂගේ කිරිපල්ලේ ( පොහොට්‍ටුවේ ) ලැඟගෙන ඉන්නා තිරිසන් ජාතිවාදීන්ගේ ආගම්වාදීන්ගේ ජඩකම එතරම්ද යන්න ඊයේ පෙන්වා සිටියේය.

Connet With Us