මැතිවරණ නීති උල්ලංඝනය කළ එකී අපේක්ෂකයන් බොහෝ පිරිසකගේ තොරතුරු අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත දැනුම් දුන් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පවසයි.
හේරත් මහතා පැවසුවේ එසේ ඉදිරිපත් වූ අපේක්ෂකයන් ජයග්‍රහණය කළද හිමිවන මන්ත්‍රි ධුරය අවලංගු වන බවයි.
එවැනි තත්ත්වයන් තුළ ඡන්දය ප්‍රයෝජනවත් ආකාරයට භාවිත කිරීම තම වගකීම බව ජනතාව අවබෝධ කරගත යුතු යැයිද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.