බුලත් කොළය කියන්නෙ අපේ ආණ්ඩුවේ කොටසක්. අපි සමඟියෙන් ඉන්නේ - තලතා

Published in පුවත්
Friday, 22 December 2017 08:31

බුලත් කොළය කියන්නෙ අපේ ආණ්ඩුවේ කොටසක්. අපි එකට එකතුවෙලා සමඟියෙන් ඒ ගමන යනවා. බුලත් කොළයද පොහොට්ටුවද කියන දේ නෙවෙයි ප්‍රශ්නේ. ජනාධිපතිතුමාගේ පක්ෂය හැටියට ජයග්‍රහණය කළත් අපි දන්නවා හරි දේ කරනවා කියලා. 2015 ජනාධිපතිවරණයේදී දුන්න පොරොන්දු ඉටු වෙනවා.

අපි තරගයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. පොහොට්ටුව ගැන අපි කතා කරන්නේම නෑ. ජනාධිපතිතුමාගේ බුලත් කොළය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා හැටියට ගෙන යන වැඩපිළිවෙළට අපි ආශීර්වාද කරනවා. කවුරු දිනුවත් එකයි. ඒ ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. ' යැයි අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය.

අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21දා) රත්නපුර දිස්ත්‍රික් එජාප නාම යෝජනා භාරදීමට රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මැතිවරණ කොමිසමේ සභාපති පක්ෂග්‍රාහීව කටයුතු කරනවා කියලා පොහොට්ටුවේ අය කියනවා?

මම නම් මහින්ද දේශප්‍රිය මහත්තයා පක්ෂග්‍රාහීව කටයුතු කරනවා දැකලා නෑ. පොහොට්ටුව කියන්නේ පවුලක් බලයට ගේන්න උත්සාහ කරන පිරිසක්. මේ රට විනාශ කරන්න බිය ගන්වලා, පැහැර ගැනීම් කරපු කණ්ඩායමක් අද එකතු වෙලා නාම යෝජනා භාරදීලා තියෙනවා. ඒ අයගේ නාම යෝජනා ගැන අපිට වැඩිය කතා කරන්න දෙයක් නෑ. ඒ කණ්ඩායමේ ඉන්නේ දූෂිතයෝ, හොරු, මිනීමරුවෝ, වංචාකාරයෝ. ඒ ගැන වෙන කියන්න දෙයක් නෑ.

පුංචි මැතිවරණයෙන් මොන විදියට තීරණය ලැබෙයිද?

ඒක ඉතින් ඒ අයගෙන්ම තමයි අහන්න වෙන්නේ. ඒක තේරුම් ගන්න ඕනි ඒ අයගේ පස්සෙන් යන උදවිය. මේ අය කා වෙනුවෙන් කා සඳහා යන කණ්ඩායමක්ද කියලා ජනතාව තේරුම් ගන්න ඕනි. ඒ අය මැතිවරණ කරපු විදිය, මිනිස්සු තළා පෙළා දූෂිත විදියට මැතිවරණ ජයග්‍රහණය කළ ආකාරය, අල කිලෝ දෙක බෙදපු විදිය මේ සියල්ල දැන් මතක් වෙන්න ඕනි. අපි ආණ්ඩුවේ ඉඳලත් ආණ්ඩුවෙන් බෙදිය යුතු දේවලුත් අප නතර කරනවා. සිල් රෙදි බෙදපු හැටි එහෙම හැමෝම දන්නවනේ. එහෙම කරලත් මැතිවරණ දිනාගන්න බැරිවුණා.

ඔවුන් අද යළිත් පවුලක් ජයග්‍රහණය කරන්න කැප වෙනවා. හොරු ටිකට හොරකම් කරන්න, මිනී මරන අයට මිනී මරන්න, මාධ්‍යවේදීන් පැහැරගෙන යන්න, අහිංසක මිනිසුන් පීඩාවට පත් කරන්න, නඩුකාරයෝ අග්‍රවිනිශ්චයකාරවරයෝ පැය ගාණකින් ගෙදර යවන්න, අධිකරණවල තීන්දු තීරණ එක කෝල් එකෙන් වෙනස් කරන්න තමයි මොවුන් බලය ඉල්ලන්නෙ. මේ ඔක්කොම රටේ මිනිස්සු දන්නවා. ආණ්ඩුව තියෙන්නෙ අපිට. එතකොට ගමත් අපේ වෙන්න ඕනි. අපි ආණ්ඩුවෙන් තමයි ගම සංවර්ධනය කරන්නේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us