ඡන්දෙට සටන් පාඨ ඉල්ලන්න, ජවිපෙ ජනපති හමුවෙයි

Published in පුවත්
Tuesday, 02 January 2018 07:31

මහ බැංකු බැඳුම්කර පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරිපත් කළ වාර්තාවේ තොරතුරු ලබාගැනීමට තම පක්‍ෂය අද (2දා) ජනාධිපති ලේකම් කාර්යාලයට යන බව ජවිපෙ නායක, විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පවසයි.

අදාළ වාර්තාවේ ඇතුළත් කරුණු, තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාදෙන ලෙස ලිඛිත ඉල්ලීමක් ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන බවද මන්ත්‍රිවරයා කීය.

දිසානායක මහතා පැවැසුවේ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ වාර්තාවට අමතරව මීට පෙර බරපතළ මූල්‍ය අපරාධ පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාවල තොරතුරුද එහිදී ලබා ගැනීමට අපේක්‍ෂා කරන බවය.

මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නීතිඥ සුනිල් වටගල යන අය සහභාගි වනු ඇත.

(මව්බිම)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us