විවාදයට තුඩු දී ඇති බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් මේ වන ක්‍රියාත්මක ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (24)දිනයේදී මුතුකුඩආරච්චිගේ විනෝදනී නමින් පෙනී සිටි කාන්තාවක් ලබාදුන් සාක්ෂිය මේ වන විට මාධ්‍යවල විශේෂ පුවත්ක බවට පත්ව තිබේ. ඒ රවී කරුණානායක මහතාට මහල් නිවාස සංකීර්ණයක නිවසක් කුලී පදනම යටතේ පර්පෙචුවල් සමාගමේ හිමිකරු බව පැවසෙන අර්ජුන් ඇලෝසියස් මහතා විසින් ලබා දී තිබීම ගැනය. එමෙන්ම පසුව එම නිවස රුපියල් මිලියන 165 ක මුදලකට රවී කරුණානායක මහතාට අයත් සමාගමක් මඟින් මිලදී ගැනීම සම්බන්ධයෙනි.

කුරුණෑගල දිස්ත්‍රික්කය හරහා යන මධ්‍යම අධිවේගී මාර්ගය හෙතුවෙන් බරපතල පාරසරික ගැටලු මතු කරන බව එම ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි. විශේෂයෙන්ම මෙම මාර්ගයේ මුල් සැලැස්ම වශයෙන් පැවැතියේ කුළුනු මතින් මෙම මාර්ගය ඉදිවන බවත් පසුව වියදම් අඩු කර ගැනීම සඳහා පස් පුරවා මෙම මාර්ගය ඉදි කිරීමට තීරණය කිරීම නිසා මෙම පාරිසරික ගටලු මතුවන බව ඔවුන් පෙන්වා දෙයි.

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් කේ.ඒ.ඩී අමල් කරුණාසේකර මහතා පත්කර ඇතැයි  මාධ්‍ය වාර්ථා කරයි. යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා යුද හමුදාපතිවරයා ලෙස වැඩ බාරගැනීමෙන් අනතුරුව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුර පුරප්පාඩුව පැවතියේය.

මාධ්‍යවේදියාගේ කාර්ය භාරය සම්බන්ධයෙන් අටෝරාසියක් කතන්දර තිබුණද ඒ කිසිවක පවත්න ආණ්ඩුවට හෝ පොලිසියට හෝ පක්කලිකම් කිරීම වියයුතු බව සඳහන්ව නැති බවට සැකයක් නැත. විශේෂයෙන්ම ගවේශනාත්මක මාධ්‍යකරනය සම්බන්ධයෙන් නම් මාධ්‍ය වේදීයා යනු තමන්ගෙ හෙළිදරව් කිරීම විනා අන් කිසිවකට යටත් විය යුතු පුද්ගලයකු නොවේ.

හික්‌කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය විද්‍යාලයේ 17 දින පැවති අන්තර් ආගමික සහජීවනය සඳහා සංවිධානය කරන ලද රාමසාන් උත්සව වැඩසටහනක්‌ අතරතුරදී එම විද්‍යාලයේ ආදි සිසුන්ගෙන් එල්ල වූ විරෝධය නිසා උණුසුම් තත්ත්වයක්‌ ඇතිවිය.

සෞඛ්‍ය අමාත්‍යවරයා, වෛද්‍යවරුන් පිරිසක් එක් කර ගනිමින් නව වෘත්තීය සමිති ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (17) කළ ප්‍රකාශය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රතික්ෂේප කරයි.

“එට්කා - නෑයෙක්ද? ආක්‍රමණිකයෙක්ද?” කෘතිය ජනගත කිරීම වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සංවිධානත්වයෙන් ජුලි මස 19 වන බදාදා සවස 4 ට කොළඹ නිදහස් මාවතේ ජාතික පුස්තකාල සහ ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

පසුගිය කාලයේ මත්පැන් වල මිළ වැඩි කිරීම නිසා සුරා බදු ලෙස ලැබුණු රාජ්‍ය ආදායම සියයට 10 කි පමණ බිඳ වැටී ඇති බව අනාවරණය වී ඇත. නිත්‍යානුකූලව මෙරට වෙළඳ පොළට නිකුත් කරනු ලබන මත් පැන් හී මිළ වැඩි කිරීම මත අලෙවිය සීග්‍ර වශයෙන් පහත වැටිම නිසා මේ තත්වය උද්ගතව තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේ වනවිට එම්.බී.බී.එස් ප‍්‍රාථමික උපාධිය ලද වෛද්‍යවරයා එම උපාධිය ලැබීමෙන් පසුව සියලූ රෝගවලට ප‍්‍රතිකාර කිරීමේ හැකියාව ඇත්තෙකැයි යන පණිවුඩය සමාජයට දෙයි. සයිටම් උපාධිය තත්ත්වයෙන් බාල එකක් බැවින් රෝගීන් මිය යා හැකි බැවින් මේ සටන ඊට එරෙහිව බව ද කියයි. ඔවුන් නොකියා කියන්නේ එම්.බී.බී.එස් ලාභී වෛද්‍යවරයා සර්වලබලධාරි විය යුතුය කියාය.සියලූ රෝග කටයුතු නිර්ණය කිරීමේ හා ඒවාට ප‍්‍රතිකාර කිරීමේ හැකියාව තිබිය යුතුය කියාය.

ශ්‍රිලංකා යුධ හමුදාව රාජපක්ෂ පාලනය තුලදී ඉහළ නිළධාරීන් ගොඨාකරණය වීමේ අනි‍ටු ප්‍රතිපල වත්මන් යහපාලනයට බුක්ති විඳිමට සිදුව තිබූ බව නොරහසකි. හමුදාවේ ඉහළ නිළධාරීන් රැසක් කටයුතු කරමින් සිටියේ සිය සේනා විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අවශ්‍යතාවයන් සපළ කරනා ආකාරයෙන් නොවේ. විශේෂයෙන්ම යුධ අපරධ චෝදනා මානව හිමිකම් කැඩීමේ චෝදනා මත "රණ විරුවන්" දං ගෙඩියට දක්වනවාය කියමින් හමුදාව තුල වත්මන් යහපාලන ආණ්ඩුවට එරෙහිව නොසන්සුන්තාවයන් ඇති කිරීමටද ඇතැම් හමුදා නිළධාරීන් කටයුතු කොට තිබිණි.

Connet With Us