මීළඟට නියඟයක්...?

Published in පුවත්
Saturday, 27 May 2017 12:39

දැඩි ගංවතුර තත්වයකට මුහුණ දෙමින් සිටින මේ අවස්තාවේ මේ සටහන තබන්නේ අද දින කොලොම්බියා විශ්වවිද්‍යාලයේ International Research Institute for Climate and Society මගින් නිකුත් කරන ලද ලිපියක් පදනම් කරගෙනයි..

2016 වසරේදී මෙරටට ගෙන්වන ලද තිරිඟු ඇට ප්‍රමාණය සම්බන්ධයෙන් ශ්‍රීලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාවේ සඳහන් අගය පිළිබඳ විශාල සැකයක් ඇති වී තිබෙන බව එම ක්ෂෙත්‍රයේ තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙරටට තිරිඟු ඇට ආනයන කිරීම සම්බන්ධයෙන් එම ක්ෂෙත්‍ර අධ්‍යනයකදී හෙළිව තිබෙන ආකාරයට 2016 වසරේදී මෙරටට ආනයනය කරන ලද තිරිගු ඇට ප්‍රමාණය මෙට්‍රික් ටොන් 16,00,000 කට අධිකය. නමුත් මහ බැංකු වාර්තාවේ සඳහන් වන්නේ මෙට්‍රික් ටොන් 9,48,000 කට ආසන්න අගයකි.

බොදු බල සේනා නම් ජාතිවාදී ආගම්වාදී ත්‍රස්තවදී සංවිධානය මෙහෙය වන ගලබොඩ අත්තේ ඥානසාර නම් කහකඩධාරියාට ජීවිත තර්ජන ඇති බවත් එම නිසා ජීවිතය බේරා දෙන ලෙස පොලිස්පතිවරයාට ඇවිටිලි කර තිබේ.

ජන වර්ග අතර සමඟියට බාධාවන ආකාරයේ සිදුවීම් සඳහා වගකිය යුත්තන්ට එරෙහිව පවතින නීතිය ප්‍රකාරව කටයුතු කරන ලෙස බලධාරීන්ට උපදෙස් දීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි.

ඇමැති මණ්ඩල සංශෝධනයේදී ජනමාධ්‍ය අමාත්‍යංශය මංගල සමරවීර මහතාට ලැබුණද ඔහු යටතේ වන කිසිදු ආයතනයක කිසිදු නිලධාරියකු වෙනස් නොකළ යුතු බවට ජනාධිපතිවරයා නියෝගයක් පනවා ඇති බව ඇමැති සමරවීර මහතාට සමීප ආරංචි මාර්ග පවසයි.

නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසුව ඇමැති විෂය පථයන් වල සංශෝධනයද සිදුවීම සාමාන්‍ය දෙයක් වූවත් අලුත් ඇමැතිධුර ලැබූ ඇමැතිවරු තමන් කලින් සිටි ධුරවලට අදාල රාජ්‍ය ආයතන ගනනාවක් නව අමාත්‍යංශවල විෂය පථයන් ලෙස ගැසට් කරන ලෙස ජනාධිපතිවරයාට බලපෑම් එල්ල කරමින් තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

අද දින (22) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වැඩ වර්ජනය වාර්තා කිරීමට යැයි කියමින් මාතර රෝහලේ වා‍ට්ටුවකට ඇතුල් වීමට යත්න දැරූ හිරු මාධ්‍යවේදියාට රෝහල් ආරක්ෂක අංශ විසින් පහර දුන් බවට පලවන පුවත් පට්ට පල් බොරුක් බව වාර්තාවේ.

ඌව වෙල්ලස්සේ උක් වගාව සදහා කැළෑ ඉඩම් අක්කර හැට දෙදහස් පන්සියයක් සිංගප්පූරු සමාගමක් හරහා ඇමරිකාවට ලබාදීමට රජය මේ වන විට කටයුතු කර ඇත. පරිසර ඇමති හා ජනාධිපති වන මෛත්‍රීපාල සිරිසේන විසින් එයට අදාල කැබිනට් පත්‍රිකාවට මේවන විට අත්සන් තබා ඇති අතර ජුනි 05 වන දින එම ඉඩම් නිල වශයෙන් පරිසර ආමත්‍යවරයා ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.

අද සිදුවූ ඇමැති මාරුවේ වැදගත්ම සංසිද්ධි දෙක නම් මංගල සමරවීරට මුදල් ඇමැතිකම හිමිවීමත් රවී කරුණානායකට විදේශ ඇමැතිකම හිමිවීමත්ය..

දෙදෙනාටම අලුත් ඇමතිකම් මඤ්ඤං විය හැකිය..

ශ්‍රී ලංකාවේ සංඝ රත්නයේ සුළුතරයකගේ නින්දිත හැසිරීම අතිශය බරපතල ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබේ. බලධාරීන්ගේ නිසි සැලකිල්ලට ලක්නොවී එම තත්වය නිදහසේ වර්ධනය වීමට ඉඩ හැරියොත් තවත් වාර්ගික ප්‍රචණ්ඩත්වයක් සහ ලේ හැලීමක් දක්වා රට තල්ලු කිරීමට නිසැකවම එය හේතුභූත වෙනවා ඇත. කහ සිවුරු පොරවා ගත් මේ ‘කව්බෝයි’ පන්නයේ භික්ෂූන්ට රටේ සිටින ඇතැම් දේශපාලනික කණ්ඩායම් පිටුබලය සපයන බව ප්‍රසිද්ධ රහසකි.

Connet With Us