මීළඟට නියඟයක්...?

Published in පුවත්
Saturday, 27 May 2017 12:39

දැඩි ගංවතුර තත්වයකට මුහුණ දෙමින් සිටින මේ අවස්තාවේ මේ සටහන තබන්නේ අද දින කොලොම්බියා විශ්වවිද්‍යාලයේ International Research Institute for Climate and Society මගින් නිකුත් කරන ලද ලිපියක් පදනම් කරගෙනයි..

ගංවතුරෙන් පසුව බොහෝවිට ඊළඟ ස්වභාවික ව්‍යසනය වනුයේ දැඩි නියඟ තත්වයයි.. මෙය ස්වභාවික පාරිසරික චක්‍රය වේ.

ශ්‍රී ලංකාව El Nino සංසිද්ධියට මුහුණ දෙන දූපත් රාජ්‍යකි. Nino 3.4 කලාපයට අයත් වන ශ්‍රී ලංකාවේ දැඩි නියඟ තත්වත් දැඩි ගංවතුර තත්වත් ඇතිකිරීමට මෙම එල්නිනෝ ක්‍රියාවලිය බලපායී.. මෙම කලාපයට බලපාන එල් නිනෝ තත්වය El Nino Southern Oscillation (ENSO) ලෙස හඳුන්වයි. පසුගිය මාස කීපයේ සක්‍රීය නොවී තිබූ මෙම එල් නිනෝ තත්වය ඉදිරි මාස කීපයේදී සක්‍රීය වියහැකි බව ඇමරිකානූ climate Prediction Centre මගින් නිකුත් කරනු ලැබූ වාර්තාවේ සඳහන් වේ.
මෙම ගංවතුර තත්වය ENSO ක්‍රියාකාරීත්වය නිසා ඇතිවූවක් බව තහවුරු කර නැති අතර ඉදිරි මාස කීපයේ එල් නිනෝ තත්වයක් ඇතිවිය හැකි බව IRICS ආයතනය පුරෝකතනය කර ඇත.

ගණිතමය හා සංක්‍යානමය පරිඝණක පුරෝකතන මොඩලයන් අනුසාරයෙන් මෙම දත්ත සිතියම් ගත කර ඇත. IRI - Multi- model probability forcast අනුව ආසියානු කලාපයේ වර්ශාපතනය පුරෝකතනය කර ඇත. මැයි මස නිකුත් කරන ලද වර්ශාපතන සිතියම පහත ඇති අතර විශාලනය කරන ලද ශ්‍රීලංකාව ට අදාල සිතියමද දක්වා ඇත. මෙය ජූනී ,ජූලී, අගෝස්තු මාස වලට අදාලවේ.

ඒ අනුව ලංකාවේ වියලි කලාපය කහ පැහැයෙන් දක්වා ඇති අතර වර්ණ දර්ශකයට අනුව සාමාන්‍ය වර්ශාපතනයට වඩා ඉතා අඩු වර්ශාපතනයක් ( below normal precipitation )බලාපොරොත්තු වියහැකි බව පෙන්වා දී ඇත.

ඒ අනුව දැන් සියලු දෙනා ගංවතුර ආධාර එකතු කරන ආකාරයටම තවත් මාස කීපයකින් නියං ආධාරද එකතු කරන්න වන බවක පෙර නිමිති පෙන්නුම් කරයි.
ස්වභාවික ආපදාවලට මුහුණදීමේ ප්‍රධනම ක්‍රමවේදය පෙර සූදානමයි.. යමක් සිදුවූ පසු පිලියම් යොදනවාට වඩා ඒ සිදුවීමට ශක්තිමත්ව මුහුණ දීමට නිසි පූර්ව ක්‍රියාමාර්ග ගත යුතුය. ස්වභාවික පරිසර වෙනස්වීම් පිලිබඳ පෙරයීම් 100% නිවැරදි නොවූවත් අවදානමට පෙර සූදානම වැදගත් බව සියලුදෙනා සිහිතබා ගැනීම වඩා සුදුසුය..

- සමීර..

Sameera Dharmadasa
FB මෙන් උපුටා ගන්නා ලදී

http://iri.columbia.edu/our-expertise/climate/forecasts/seasonal-climate-forecasts/

daily2 2daily2 1

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us