එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව අනුව එම සංඛ්‍යා ලේඛන සඳහා පාදක කරගෙන ඇත්තේ මෙරටට තිරිගු පිටි ගෙන්වනු ලබන ප්‍රධාන සමාගම් 2 වන ප්‍රීමා සමාගමේ , සීරන්ඩිබ් සමාගාමේ හා රේගුව ලබා දුන් දත්තයන් බව සටහන් වේ.
කෙසේ නමුත් එලෙස ඉන්දියාවෙන් ගෙන්වනු ලැබු මෙට්‍රික් ටොන් 1,00,000 ක පමණ තිරිගු පිටි ප්‍රමාණය ද මහ බැංකු වාර්තාවට ඇතුලත් වන බව සටහන් නොවන අතරම 2016 වසරේ ආනයන භාණ්ඩ සම්බන්ධයෙන් වන සැක සහිත සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර තිබෙන්නේ නම් ඒ රටේ ඇත්ත පාන් පිටි පාරිභෝජනය වසන් කිරීමක් බව පෙනේ. මේ තත්වය සහල් ගොවියා අර්බුදයක සිටීමත් එම විරෝධතා යටපත් කිරීම වෙනුවෙනුත් මෙරට තිරිගු පිටි පාරිභෝජනය අඩු වී ඇති බව පෙන්වීම සඳහා ආණ්ඩුව ගන්නා සටකපට උත්සාහයක් විය හැකි බවද මෙම සමීක්ෂකයන් සැක පල කරයි.
සාමාන්‍යයෙන් සහල් මිළ වැඩිවීම හා හිඟවීම මත සහල් පාරීභෝජනය අඩුවන වසර වලදි පිටි පාරිභොජනය සැලකිය යුතු ලෙස ඉහළ යාම සිදුවෙයි. පසුගිය 2015 වසර යනු මෙරට වැඩිම සහල් ප්‍රමාණයක් නිශ්පාදනය කරනු ලැබු වසරයි. එහෙත් එම වසරේදීද තිරිගු ඇට මෙට්‍රික් ටොන් ලක්ෂ 12කට අධික ප්‍රමාණයක් ගෙන්වා ඇත. ඒ තිරිගු පිටි ලෙස ගෙන්වූ ප්‍රමාණයන් ද ගනනය නොකරය.
2016 වසරේ සහල් මිල ඉතා සීග්‍රයෙන් වැඩි වීම හා හිඟ වීම තුල පැහැදිලිවම සහල් පාරිභෝජනය අඩු වී තිරිගු පිටි පාරිභෝජනය වැඩි විය යුතුය. මේ අනුව මහ බැංකු වාර්තාවේ ආනයනික තිරිගු පරිමාව සැලකිය යුතු ලෙස අඩුවී සටහන් වීම සැක සහිතය. මහ බැංකු සංඛ්‍යා ලේඛන නිවැරදි නම් මෙහිදි අමතරව පැන නඟින අනෙක් ගැටලුව නම් 2016 වසරේදී මෙරට ජනතාව කෑවේ මොනවාද යන්න ගැනය.
2016 වසරේ සහල් පාරිභොජනය කෙතරම් අඩුවීද යත් මේ වන විට සහල් නිශ්පාදන ව්‍යාපාරිකයන් විශාල ප්‍රමාණයක් සිය ව්‍යාපාර අත්හැර දමා තිබේ. එම නිශ්පාදකයන් පවසන ලෙස 6000 කට පමණ රැකියා අහිමි වී තිබේ. සහල් පිටි නිශ්පාදනය ද මුලුමනින්ම නැවැතී ඇත. ඒ අනුව සහල් පිටි යොදා සිදු කරමින් පැවතුන බිස්කට් ,ඉඳි ආප්ප, කේක් ආදී නිශ්පාදනද මේ වන විට වෙළඳ පොලෙන් ඉවත්ව තිබේ.