ඥානසාර මරණ බයේ.. ජීවිතය බේරාදෙන්නැයි ජනපතිට අගමැතිට පොලිස්පතිට ලියයි

Published in පුවත්
Wednesday, 24 May 2017 19:06

බොදු බල සේනා නම් ජාතිවාදී ආගම්වාදී ත්‍රස්තවදී සංවිධානය මෙහෙය වන ගලබොඩ අත්තේ ඥානසාර නම් කහකඩධාරියාට ජීවිත තර්ජන ඇති බවත් එම නිසා ජීවිතය බේරා දෙන ලෙස පොලිස්පතිවරයාට ඇවිටිලි කර තිබේ.

පොලිස්පතිවරයාට යොමු කරනු ලැබ ඇති ලිපියේ ( පැමිණිල්ලේ) තමන්ට මරණ තර්ජන ඇත්තේ කවරෙකුගෙන්ද හෝ ඒ සම්බන්ධව කිසිදු සක්ෂියක් ගැන හෝ සඳහනක් නොමැත. හීනෙන් බිය වී කරන නන් දෙඩවිල්ලකට වැඩි දෙයක් මෙම ලිපියේ නැත.

අද දින අසනීප වූවා යැයි කියමින් තමන්ට එරෙහිව තිබෙන නඩුවට පෙනී නොසිටිමින් අධිකරණය මඟ හැර සැඟවුණ ඥානසාර මරණයට බිය වීම අතිශය සාධාරණය. මේ බිය ගුල්ලෝය. කුණුහරුප කීම ,පල්ලියකට කෝවිලකට කඩයකට සැඟවී ගල් ගැසීමේ සිට හොර රහසේ පැමිණ ගිනි තියා පලායෑම වැනි තුට්‍ටු දෙකේ වැඩ වලින් සිංහල බෞද්ධ චණ්ඩියන් වෙන්න හැකි යැයි සිතා සිටින බියගුල්ලන් විසින් පොලිස්පතිවරයාට යොමු කරනු ලැබු ලිපිය පහත දැක්වේ

 

පොලිස්පතිතුමා .
පොලිස් මූලස්ථානය
කොළඹ

බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මරණ තර්ජන

බොදු බල සේනා මහ ලේකම් හිමි මරා දැමීමට කුමන්ත්‍රණ කර ඇති බවත් එයට පාදක කිරීම උදෙසා අන්‍යාගමික ස්ථාන වලට පහර දෙමින් ජාතිවාදී හා ආගම්වාදී කෝලාහාල ඇතිකර එමගින් මෙම ජීවිත තර්ජන සාධරණීකරණය කිරීමට සැලසුම් කර ඇති බව අපට දැනගන්නට ලැබී ඇත..

මේ උදෙසා බන්ධනාගාර ගත පාතාල සාමජිකයින් යොදා ගෙන හෝ රාත්‍රී කාලයේ ගමන්කරන විටක අන්‍යාගමික ප්‍රදේශයක කලබලයක් ඇති කර ජීවිත තර්ජනයක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවට අපට තොරතුරු ලැබි තිබුනි..එම තොරතුරු වල යම් සත්‍යතාවයක් ඇති බව අපට පෙනී යයි.

සිය අරමුණ ඉටු කර ගැනීම උදෙසා ජාතික හා ජාත්‍යන්තර උපකාර ලබන අන්තවාදීන් විසින් මෙම උත්සහා ගනු ලැබිය හැකි බවත් ඒ උදෙසා රජයට සම්බන්ද පිරිස් මෙන්ම විපක්ෂයේ පිරිස් ද සිටින බව අපගේ විශ්වාසයයි..

මේ මගින් රටේ පවතින තත්වය තවදුරටත් භයානක තත්වයකට පත් විය හැකි බැවින් මේ.පිලිබඳ පරීක්ෂා කරන ලෙසත් ,එම හිමියන්ගේ ආරක්ෂාව පිලිබඳව කටයුතු කරන ලෙසත්, ඔබගෙන් ඉල්ලා සිටිමු.

පසුගිය රජය කාලයේදී ද මෙවනි ජීවිත තර්ජන අපට තිබුණ බවද සදහන් කරමු.

මේ තත්වය තුල රජය නිසි පියවර නොගැනීමෙන් ඒ හිමියන්ට යම් අනතුරක් වුවහොත් ඒ පිලිබඳ වගකීම ජනාධිපති ,අගමැති ප්‍රමුඛ රජය විසින් ගතයුතු බව අප විසින් දැනුම් දෙමු..

ස්තුතියි
තෙරුවන් සරණයි

කථිකාචාර්ය දිලන්ත විතානගේ
ප්‍රධාන විධායක නිලධාරී
බොදු බල සේනා..

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us