අලුත් පාතාල නායකයා කොල්ලුපිටියේ තුෂාර !

Published in පුවත්
Monday, 29 May 2017 15:09

මේ සටහන තබන්නේ පසුගිය දිනක ලේක් හවුස් ආයතනයේ මාධ්‍යවේදීයෙකු වන විමුක්ති දුශාන්තට අග්‍රාමාත්‍ය සමාජ ජාලා ප්‍රධානි වන තුෂාර ඩී. වන්නිආරච්චි සිදුකර ඇති බව කියන තර්ජනය සම්බන්ධවය.

මේ සිදුවීමට පාදක වන හේතුව වන්නේ පසුගියදා වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති සාදයක් අතර තුර අග්‍රාමාත්‍ය සමාජ ජාලා ප්‍රධානි වන තුෂාර ඩී. වන්නිආරච්චි ඇතිකරගත් කළබගෑනියක් සම්බන්ධව විමුක්ති දුශාන්ත සිය මුහුණු පොතේ කෙටි සටහනක් තැබීමය.

ඒ ගැන උරණවූ අග්‍රාමාත්‍ය සමාජ ජාලා ප්‍රධානි වන තුෂාර ඩී. වන්නිආරච්චිගෙන් අපට අසන්නට අමුතුවෙන් යමක් ඉතිරිකර නැත. ඒ අපි වෝටර්ස් ඒජ් හී සිදුවූ සිදුවීම ගැන මෙහිදී අදාළ කර නොගන්නා නිසාය. එසේම උසාවි යන්නටවත් ඉඩක් නොතබන බවත් තුෂාරගේ හැටි විමුක්ති නොදන්නා බවටත් තුෂාර කරන තර්ජනයේ පටිගත කළ හඬ පටය අපටද අසන්නට ලැබී ඇති නිසා ඒ ගැන සටහනක් තැබීමේ නිදහස අප සතුය.

අප දන්නා ලෙසට විමුක්ති ලේක්හවුස් මාධ්‍යවේදීයකු වීමට පෙර infosrilanka වෙබ් අඩවියේ වෙබ් කර්තෘවරයා ලෙස කටයුතු කළ අතර වෙබ් මාධ්‍ය වේදීන්ගේ සංගමයේද සාමාජිකයෙකි. එසේම රාජපක්ෂ රෙජීමය ගෙදර යැවීම වෙනුවෙන් සිය වෙබ් අඩවිය හරහා විශාල දායකත්වයක් සැපයුවෙක්ද වෙයි.

එසේම විමුක්ති දුශාන්ත එක්සත් ජාතික පක්ෂයේ green blood සංවිධානයේද ඉදිරිපෙළ සාමාජිකයෙකි.

එක් පසක අගමැති සමාජ ජාලා අධිපතිය. අනෙක් පස විමුක්තිය. ඉතින් විමුක්තිට උසාවි යන්නටවත් ඉඩක් නැතිවන ලෙස තුෂාරට කළ හැක්කේ කුමක්ද? පහර දෙන්නද? උස්සගෙන ගිහින් අතපය කඩන්නද? සමාජ ජාලා වෙබ් අඩවියක තැබූ සටහනක් වෙනුවෙන් එතරම් දරුණු දඬුවමක් දෙන්නට තරම් තුෂාරට ඇති බලය කුමක්ද? චණ්ඩියෙක්ද?

තුෂාරට එරෙහිව කවුරු හෝ සමාජ ජාලා වෙබ් අඩවියක සටහනක් තැබීම අතපය අහිමි කරගන්නට සිදුවන තරම් භයානක ඉරණමකට ඇද දමන්නට හේතුවක් වනවාද?

ඒ ප්‍රශ්නය නඟන්නෙකුට තුෂාර දෙන පිළිතුර ඔව් නම් අපට අසන්නට තවත් ප්‍රශ්නයක් ඇත. තුෂාර ඔබගැන හරි හෝ වැරදි සටහනක් තැබීම එතරම් දරුණු සහ රටේ නීතියට පවා ආවරණය නොවන ආකාරයේ ගෝත්‍රික දඬුවමකට හේතු වනවා නම් ඔබ නිලවශයෙන් වගකියන, එනම් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව යමෙකු තබන සටහනකට දෙන දඬුවම මොකක්ද? මරණයද? උසාවියක් නෛතික ක්‍රියාමාර්ගයක් නොමැති සුදු හෝ කළු වෑන් රියක අතුරුදහන් වීමක්ද?

එසේනම් තුෂාර දැනට සමාජ ජාලා වෙබ් අඩවි වල අග්‍රාමාත්‍යවරයාගේ ලිංගිකත්වයට පවා අපහස කර සටහන් තබන කී දෙනෙකු ඔබ මරාදමා තිබෙනවාද? කීදෙනේකුව ඔබ අතුරුදහන් කර තිබෙනවාද?

තුෂාර ඔබ මේ ප්‍රශ්න වලට කරුණාකර පිළිතුරු යුතුයි නේද?

අපි එහෙම විමසන්නේ හේතුවක් ඇතුව. මොකද අපි මේ හදන්නෙ ඔයාට බය වෙන්න. ඔබ පිළිතුරු නොදුන්නොත් අපට සිදුවෙනවා ඔබත් රාජපක්ෂලා සමයේ සිටි ඔහුගේ ඉඳුල් කෑ බලකායේ කුක්කන්ගේ ගොඩට එකතු කරන්න. මොකද බලපෙරලියෙන් පසුව පොඩි තනතුරක් අරගෙන රාජපක්ෂ සමයේ කුක්කන් පන්නයට අඳින යහපාලන කුක්කෝ දැන් දැන් පාරට එන්න හදන බවක් පේනවා.

රාජපක්ෂ රෙජීමය ගෙදර යවන දේශපාලන සටනේදී ලංකාවේ ඉඳගෙන ඔවුන්ට අභියෝග කළ මාධ්‍යසගයින් ජනාධිපති කාර්යාලයේ හෝ අග්‍රාමාත්‍යකාර්යාලයේ හෝ එහෙමත් නැත්නම් කිසියම් බල දේශපාලන ශරීරයක් අසළ විතරක් නෙවෙයි. අදටත් ඔවුන් එළියේ සිට යහපාලන පොරොන්දු ඉටුකර ගැනීමට සහ වඩාත් යහපත් හෙටක් වෙනුවෙන් වර්තමානයට බලපෑම් කරමින් එළියේ සිටිනවා. ඒ වගේම තමයි එදා රාජපක්ෂ රෙජීමය යටතේ හතරවෙනි තට්ටුවට ගියත් රටින් පළානොගිය ජීවිත තර්ජන හමුවේ පවා සිය වගකීම් ඉටුකළ අය මුහුණදුන් රාජ්‍ය ත්‍රස්තවාදය සමග ගලපද්දී ඔයා පොඩි හාල් කෑල්ලක්. ඒ නිසා කරුණාකරලා අදහස් වලින් වගේම හැසිරීමෙන් පවා කුක්කෙක් නොවී නියම ලිබරල් මහත්තයෙක් වෙන්න කියලා අපි ඔයාට ආරාධනා කරනවා. ඒ වගේම තමයි සමහර නයි අහිගුන්ඨකයා නැතුවත් පොලේ යන්න ආසයි වගේම වුන් නොදන්නේ ඊට පස්සෙ වෙන්න නියමිත දේ කියලත් අපි හොඳට දන්නවා. සේරටම වඩා වැදගත් දේ තමයි තුෂාර සමාජ ජාලා වෙබ් කියන්නෙ අපි කාගේවත් බූදල් නෙවෙයි. ඒ නිසා ඒවා පාලනය කරන්න ඔයාලා අපි වගේ පොඩි මිනිස්සුන්ට බෑ. ඒ වගේම ඒවායේ ලියන කියන දේ දරාගන්න බැරි තරම් ආවේගයක් වනවා නම් හොඳම වැඩේ තමයි ඔය පට්ටම නම්බු ඇතුව පැත්තකින් තියලා පාතාලෙට බහින එක. මොකද එතකොට අපිටත් පුළුවන් ඔයාට බයේ ඉන්න. එතකං, කරුණාකරලා ප්‍රශ්නයක් ආවහම ලිබරල් විදිහට විසඳගන්න එන්න.

අපි මේ කියන්නෙ මොකක්ද කියලා රාජපක්ෂ සමයේ විදේශගතව සිටි ඔබ අපිට වඩා හොඳට දන්නවා ඇති කියා වන විශ්වාසයෙන් මේ සටහන නිමා කරනවා.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us