රුපියල් බිලියන ගනනක් බදු වංචා කළ බදු හොරෙකුගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නිර්නාමිකව (යැයි එසේ කියන) ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් අද දින (16) ජනමාධ්‍යවේදියකු කැඳවා ප්‍රශ්න කර තිබේ. මෙම ප්‍රශ්න කිරීමට හේතුව වී ඇත්තේ මේ බදු හොරා හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරි ජනරාල්වරිය අතර වන අනොන්‍ය අවබොධය මත එම බදු හොරාගේ බදු කපා හැරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පුවත්පතක පළ වූ හෙලිදරව් කිරීමකි.

ලේක් හවුස් ආයතනයේ මාධ්‍යවේදීයෙකු වන විමුක්ති දුශාන්තට අග්‍රාමාත්‍ය සමාජ ජාලා ප්‍රධානි වන තුෂාර ඩී. වන්නිආරච්චි තර්ජනය කිරීම සම්බන්ධව මහරගම පොලිසියට පැමිණිලි කර දින 18 කට ආසන්න කාලයක් ගතවී ඇතත් තවමත් ඒ සම්බන්ධ විභාගයක් සිදුව නැති බව වාර්තා වෙයි.

ශ්‍රි ලංකා හෝකී සම්මේලන යනුවෙන් ආයතනයක් මෙරට මේවන විට ක්‍රියාත්මකව නොමැති වූවත් ශ්‍රි ලංකා හොකී සම්මේලනයේ ලිපි ශිර්ෂ පාවිච්චි කරමින් එහි හිටපු සභාපතිවරයා වන නියොජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ තව දුරටත් මෙරට හා විදේශිය, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සමඟ ගනු දෙනු කරමින් තිබේ. මේ සම්බන්ධයෙන් පැමිණිලි පිට පැමිණිලි ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරට ලැබී තිබුණද සුමිත් එදිරිසිංහ ඇතුලු එම දූෂිත ක්‍රීඩා සංගම් නිලධාරීන්ට එරෙහිව 'හප්' කියා කීමටවත් ක්‍රීඩා ඇමැතිට මෙතෙක් හැකිව නොමැත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 06 වන දින යාපනයේ පදිංචි ප්‍රාදේශීය මාධ්‍යවේදියකු වන වසන්ත රූබන් මහතාට විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කොළඹ එම දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස නියෝගයක් යවා ඇත. එහෙත් දෙමළ භාෂාවෙන් කටයුතු කරන මාධ්‍යවේදී රූබන් මහතාට එම නියෝගය යවා ඇත්තේ සිංහල භාෂාවෙනි.

පසුගිය වසරේ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් තීරු බදු රහිත සහන මිලට වාහන බලපත්‍ර ලබා දීම නිසා රජයට අහිමි වූ ආදායම රුපියල් බිලියන 38.2 වන බව මුදල් අමාත්‍යංශයේ 2016 වාර්ෂික වාර්තාවේ දැක්වේ. කෙසේ නමුත් ඒ ඊට පෙර 2015 වසරේ පාඩුවට වඩා බිලියන 2 ක අඩුවීමකි.

මෙරට රාජ්‍ය අංශයේ ආර්ථිකමය මර්මස්ථාන කේන්ද්‍රකරගෙන සිදු වෙමින් පවතින මූල්‍ය වංචා දුෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් චර පුරුෂයන් යොදවා ඒ සම්බන්ධයෙන් සොයා බලා මුදල් ඇමැති හා අගමැතිවරයාට වාර්තා කිරීම සඳහා විශේෂ බුද්ධි ඒකකයක් නිර්මාණය කිරීම සඳහා මුදල් ඇමැති මංගල සමරවීර මහතා පියවර ගනිමින් සිටින බව එම අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

පසුගියදා සිදු වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසුව ඒ ඒ අමාත්‍යංශ සඳහා විෂය පථ වෙන් කිරීමේ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කොට තිබේ. මෙහිදී විශේෂිතම කාරණය වන්නේ විදේශ අමාත්‍යංශයට ජාතික ලොත‍රැයි මණ්ඩලය සහ සංවර්ධන ලොත‍රැයි මණ්ඩලය ද පැවරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීමය.මේ අනුව රවී කරුණානායක මහතා විදේශ හා ලොත‍රැයි ඇමැතිවරයා ලෙස හැඳින්වීම වඩා විද්‍යාත්මක ක්‍රමවේදය ලෙස සැලකිය හැකිය.

ඇමැති ජෝන් ඊයේ (08)මාධ්‍යවේදී ‍රැකියාව කරන කිහිපදෙනෙකුට දාපු පාර්ට් එක ගැන සිවිල් සංවිධාන හෝ මාධ්‍ය සංවිධාන හෝ තවමත් නිවේදනයක් නිකුත් නොකර තිබීම ගැන උරන වූ මහින්දවාදියෙක් සිය ෆේබුක් ගිණුමේ දැමු පෝස්‍ටුවක් දැකීමෙන් මේ ලියන්නට සිත් විය.

රුපියල් මිලියන තිහක මුදලක් අයුතු ලෙස උපයාගැනීම මඟින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වැරැදි සිදු කළ බවට අධිචෝදනා 11 යටතේ නීතිපතිවරයා පවරා ඇති නඩුව ප්‍රකාරව එම චෝදනා ඔප්පු වුව හොත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට සහ සෙසු විත්තිකරුවන්ට සිව්දෙනාට වසර 20 ක සිර දඬුවමක් ප්‍රකාශයට පත් විය හැකි බව එම පනතෙහි දක්වා ඇති විධි විධාන අනුව දැක්වේ. පසුගිය අප්‍රේල් මස දී මෙම චෝදනා ගොනු කිරීම සිදුවිය.

පසුගියදා සිදුවූ ආපදා තත්වයේදී එම විපතට පත් වූවන්ට සෙත් පතා (05 )පැවැති කොළඹ සම්බෝධි විහාරය මඟින් සංවිධානය කළ පිරිත් සජ්ඣායනය මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක ව්‍යාපෘතියක් බවට පත්ව තිබූ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

Connet With Us