හොකී මා‍ෆියාව, දයාසිරිට මොකවත් බැරි බව ආයෙත් පෙන්වයි

Published in පුවත්
Thursday, 15 June 2017 12:01

ශ්‍රි ලංකා හෝකී සම්මේලන යනුවෙන් ආයතනයක් මෙරට මේවන විට ක්‍රියාත්මකව නොමැති වූවත් ශ්‍රි ලංකා හොකී සම්මේලනයේ ලිපි ශිර්ෂ පාවිච්චි කරමින් එහි හිටපු සභාපතිවරයා වන නියොජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ තව දුරටත් මෙරට හා විදේශිය, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සමඟ ගනු දෙනු කරමින් තිබේ. මේ සම්බන්ධයෙන් පැමිණිලි පිට පැමිණිලි ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරට ලැබී තිබුණද සුමිත් එදිරිසිංහ ඇතුලු එම දූෂිත ක්‍රීඩා සංගම් නිලධාරීන්ට එරෙහිව 'හප්' කියා කීමටවත් ක්‍රීඩා ඇමැතිට මෙතෙක් හැකිව නොමැත.

ඇමැතිට තිබෙන එකම ගැල විජ්ජාව සුමිත් එදිරිසිංහ විසින්ම මේ වන විට අධිකරණ හමුවේ පවරා ඇති නඩුවය. මේ දෙපාර්ශ්වයේ අවබෝධයෙන් යුතුව සිදු කෙරෙමින් පවතින නඩුවක් දැයි සැක හිතෙන තරමට මේ නඩුවද දිග් ගැහෙමින් තිබේ. එම දෙපාර්ශ්වය එකි නෙකාට කිසි චෝදනාවක් නොමැතිව එක්ව වැඩ කරමින්ද තිබේ. එම නිසා මේ අවනඩුව ගැන ඇමැතිගෙන් විමසා වැඩක් නැත..නඩු නඩු කියා කියනවා හැර ඔහුට වෙන උත්තර නැත.

පසුගිය ජුනි 13 වන දින දා තමින් යුක්තව සුමිත් එදිරිසිංහ ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ ලිපි ශීර්ෂයක් යෝදා ගෙන වෙළඳ සේවා හොකී සංගමයට ලිපියක් යොමු කරමින් හොකී පුහුණු පාඨමාලවක් සඳහා සහභාගිත්වය දක්වන ලෙස දැනුම් දී තිබේ. මෙය අමාත්‍යංශය සමඟ එක්ව සිදුකරන්නක් බව ද එහි දැක්වේ.

ශ්‍රිලංකා හොකි සම්මෙලන විසුරුවා හැරියේ මිට වසර දෙකකට පමණ ඉහතදිය.. ඒ දශකයකට වැඩි කාලයක් පුරා හොකී තමන්ගේ පෞද්ගලික බූදලයක් කර ගනිමින් කටයුතු කළ සුමිත් එදිරිසිංහලාගේ දූෂිත වැඩ පිලිවෙල ගැන දිගින් දිගටම එල්ල වී තිබුණු චෝදනා හා අධිකරණමය ක්‍රියාමාර්ග ආදිය හේතුවෙනි. එතැන් පටන් හොකී සම්මේලනයක් ක්‍රියාත්මක නොමැති අතර හොකී සම්බන්ධ සියලු වගකීම් ක්‍රීඩා අමාත්‍යංශය යටතට පත් කරන ලදී.

එහෙත් සුමිත් එදිරිසිංහලාගේ බලවන්ත භාවය මත ක්‍රීඩා අමාත්‍යංශයද තමන්ට උවමනා ලෙස නටවන්නට හැකි විය. අමාත්‍යංශය වෙනුවෙන් පත් කෙරුනු නිලධාරීන් එදිරිසිංහලාගේ අල්ලෙ නැටවෙන රූකඩ විය. ක්‍රීඩා අමාත්‍යංශයේ ,ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් රැසක්ම එදිරිසිංහලාගේ රුකඩය. මේ නිලධාරීන් විසින් එදිරිසිංහලාට අවශ්‍ය ලෙස ක්‍රීඩා ඇමැතිවරයාවද නටවමින් තිබේ. ඇමැතිව පහසුවෙන් ඇන්ද විය හැකි බව මේ නිලධාරීන් පසුගිය කාලයේ ඔප්පු කර පෙන්වා තිබේ. ක්‍රීඩා සංගම් මා‍ෆියාව සමඟ ක්‍රීඩා ඇමැතිට හැප්පෙන්න බැරි බවත් මේ වන විට බොහෝ සංගම් මා‍ෆියාකරුවො පෙන්වා දී තිබේ.

අණපනත් නීති රීති කොතෙකුත් ගෙනාවත් ඇමැතිට මේ සංගම් මා‍ෆියාව පාලනය කිරීමට කොන්දක් නැති බව දිනෙන් දින පැහැදිලි වෙමින් තිබීම අප ප්‍රාර්තනා කළ දේ නොවේ. හොකී සම්මේලනයේ නිලවරණය සාධාරණයව පවත්වා ක්‍රීඩාව වෙනුවෙන් අවංකව කැපවූ සුදුසු පුද්ගලයන්ට ඒ වගකිම භාර දිය යුතු හා ඒ සඳහා සුදුසු පුද්ගලයන් ඉදිරිපත්ව සිටින මොහොතක සුමිත් එදිරිසිංහ අධිකරණයට ගියේ ඒ වැලැක්වීමට බව පැහැදිලි කාරණයකි. එහෙත් ඒ නඩුව අවසන් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන්ගෙන් විය යුතුව තිබෙන කාර්යක්ෂමභාවය මෙතෙක් පෙන්වා නැත. ඒ එදිරිසිංහලාගේම යටිකූට්‍ටු වැඩ නිසා බවද අමුතු හෙලිදරව්වක් නොවේ.

මේ වන විට නිලවරණය සඳාහා ඡන්ද හිමිව තිබෙන සක්‍රියව පවතින හොකී සංගම් ගන්න හත අටකට වඩා නැත. එම සක්‍රීය හොකී සංගම් සියල්ල එදිරිසිංහලාගේ දූෂිත වැඩපිලිවෙල පිළිගන්නේ නැත. මන්ද මෙරට හොකී ක්‍රීඩාව විනාශ කර දැමුවේ එදිරිසිංහලා බව මේ සංගම් ඉතා හොඳාකාරවම දන්නා නිසාය. මේ ගැටලුව නිසා එදිරිසිංහලා මේවන විට සිදු කරමින් සිටින්නේ තමන් නියෝජනය කරන රාජ්‍ය සේවා අංශයේ විශේෂයෙන්ම තමනට හිතවත් පොලීසියේ හා බන්ධනාගාර නිලධාරීන් යොදවා රට පුරා ව්‍යාජ හොකී සංගම් ගොඩනඟා ඔවුන්ට ඡන්ද බලයද ලබා දී නිලවරණයේදී ඒ සහය ලබා ගැනීමේ කුමන්ත්‍රණ කාරී වැඩ පිළිවෙල ක්‍රියාවට නගමින්ය. මේ වන විටත් එදිරිසිංහගේ සහයට සිටින සංගම් තුන හතරද හොකී ක්‍රීඩාව වෙනුවෙන් මෙලෝ බෝලයක් සිදු කරමින් තිබෙන සංගම් නොවේ..ඉන් කිහිපයක්ම කඩදාසි ලිපි ශිර්ෂ වලට පමණක් සීමාවී තිබෙන සංගම්ය.

ක්‍රීඩා ඇමැතිවරයා මේ ඇත්ත කතන්දරය ගැන දැන ගැනීමට හේතුවක් නැත. මන්ද ඔහු දන්නේ තමන්ගේ නිලධාරීන් පවසනු ලබන දේ පමණය. මේ අනුව හොකී තබා මෙරට කිසිදු ක්‍රීඩාවකට ඉදිරියේදී වගතුවක් වේ යැයි සිතිය නොහැක..

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us