අගමැතිගේ මිනිහෙක් නිසා තුෂාරට නීතිය අදාල නැත

Published in පුවත්
Thursday, 15 June 2017 12:52

ලේක් හවුස් ආයතනයේ මාධ්‍යවේදීයෙකු වන විමුක්ති දුශාන්තට අග්‍රාමාත්‍ය සමාජ ජාලා ප්‍රධානි වන තුෂාර ඩී. වන්නිආරච්චි තර්ජනය කිරීම සම්බන්ධව මහරගම පොලිසියට පැමිණිලි කර දින 18 කට ආසන්න කාලයක් ගතවී ඇතත් තවමත් ඒ සම්බන්ධ විභාගයක් සිදුව නැති බව වාර්තා වෙයි.

ඒ සම්බන්ධව අප වෙත අදහස් දක්වමින් මාධ්‍යවේදී විමුක්ති දුශාන්ත සඳහන් කර සිටියේ සිදුකළ පැමිණිල්ලට අදාළ වැඩිදුර කටයුතු පිළිබඳ තමන් මහරගම පොලිසියෙන් විමසීමක් කළත් අග්‍රාමාත්‍ය සමාජ ජාලා ප්‍රධානි වන තුෂාර ඩී. වන්නිආරච්චි විදෙස්ගතව සිටීම නිසා පැමිණිල්ල වැඩිදුර විභාග කිරීමට නොහැකිව ඇති බව දැනුම්දුන් බවය.

එසේම අග්‍රාමාත්‍ය සමාජ ජාලා ප්‍රධානියාගේ ලිපිනය ලබාදෙන ලෙස මහරගම පොලිසිය ඉල්ලීමක් කළ බවත් තමන් එයද පොලිසියට ලබාදුන් බව විමුක්ති සඳහන් කර සිටියි.

එසේම වැඩිදුරටත් අප සමඟ අදහස් දැක්වූ විමුක්ති මෙසේද පැවසීය.

"පොලිසිය කිව්ව විදිහට තුෂාර රට ගිය බව දැනුම්දීලා තියෙන්නෙ ඔහු රාජකාරි කරන කාර්යාලයෙන්. ඇත්තටම ඔහු මුහුණු පොතේ ඒ විදිහෙ සටහනක් තබා තිබුණා. නමුත් රට ගිය කෙනා මෙන්න ටිකකින් ස්ටේටස් අප්ඩේට් කරනවා ගංගාරාමය අසළ ඉන්න බවට. ඒ කියන්නෙ අමු බොරුවක් කියලා තියෙන්නෙ. පොලිසිය ඉන්නෙ බොරු අහලා ඒවා විශ්වාස කරලා ඔහේ ඉන්න නම්, සාමාන්‍ය මිනිහෙක් මොකද කරන්නේ. මොකද ඉතා පැහැදිළිව පොලිසිය තුශාරව කැඳවන්නේ නැත්තේ ඔහුගේ ධුරය නිසා"

මාධ්‍යවේදී විමුක්ති දුශාන්ත වෙත අග්‍රාමාත්‍ය සමාජ ජාලා ප්‍රධානි වන තුෂාර ඩී. වන්නිආරච්චි තර්ජනය කිරීමට පාදක වන හේතුව වන්නේ පසුගියදා වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති සාදයක් අතර තුර අග්‍රාමාත්‍ය සමාජ ජාලා ප්‍රධානි වන තුෂාර ඩී. වන්නිආරච්චි ඇතිකරගත් කළබගෑනියක් සම්බන්ධව විමුක්ති දුශාන්ත සිය මුහුණු පොතේ කෙටි සටහනක් තැබීමය.

ඒ පිළිබඳ අප මීට පෙර වාර්තා කළ අතර ඒ බව පහත සබැඳියාවෙන් කියවාගන්නට හැකියාව ඇත.

http://lankadaily.com/latestnews/item/9411-2017-05-29-09-39-22

කෙසේ වුවත් පුද්ගලයෙකුට සිදුකල ජීවිත තර්ජනයක් පිළිබඳ පොලිස් විමර්ශනයක් තබා අවම වශයෙන් වගකිව යුතු පාර්ශ්ව පොලිසියට කැඳවීමට ක්‍රියාකර නොතිබීම කියා පාන්නේ රෙජීම සමය තුළ සහ යහපාලන සමය තුළ මොනවා වෙනස් වුවත් පොලිසිය වෙනස් වී නැති බවද යන ගැටලුව මෙහිදී පැන නගී. පාලකයාට හෝ පාලකයාගේ හෙංචයියන්ට නීතිය එදා ක්‍රියාත්මක වුයේ නැත. අදත් නැත.

කෙසේ වුවත් මේ පිළිබඳ අපේ අදහස ඉහත දක්වා ඇත. එහෙයින් මේ ගැන අපේ අවසන් ස්ථාවරය වන්නේ කුක්කන්ගේ මේ ප්‍රාතිහාර්යය සමාජ රෝගයක් බවට පත්වීමට ඉඩ නොදීම කාගේත් වගකීම බවය. නැතිනම් අද විමුක්තිට වූ දේ හෙට තවත් අයෙකුට වීම සම්බන්ධව ඇත්තේ කාලය සහ සිදුවීම් සම්බන්ධ වෙනසක් පමණි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us