අල්ලස් කොමිසමේ හොරුන්ගේ තුරුලේ ! හොරාගේ පැමිණිල්ලටත් විමර්ශන සිදු කෙරේ. Featured

Published in පුවත්
Friday, 16 June 2017 21:33

රුපියල් බිලියන ගනනක් බදු වංචා කළ බදු හොරෙකුගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නිර්නාමිකව (යැයි එසේ කියන) ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් අද දින (16) ජනමාධ්‍යවේදියකු කැඳවා ප්‍රශ්න කර තිබේ. මෙම ප්‍රශ්න කිරීමට හේතුව වී ඇත්තේ මේ බදු හොරා හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරි ජනරාල්වරිය අතර වන අනොන්‍ය අවබොධය මත එම බදු හොරාගේ බදු කපා හැරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පුවත්පතක පළ වූ හෙලිදරව් කිරීමකි.

පුවත් පත සත්හඬය. ජනමාධ්‍යවේදියා සත්හඬ පුවත් පතේ ව්‍යාපාරික කර්තෘව සිටි සංජය ලියනගේය.

දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරිය වන කල්‍යාණි දහනායක හා ඇතැම් ඉහළ නිලධාරීන් විසින් සිදු කරනු ලැබු වාංචා දූෂණ ගනනාවක් ඔහු විසින් පසුගිය කාලයේ හෙළි දරව් කරනු ලැබීය. එවා එසේ මෙසේ එවා නොවේ.. ඒ වංචා කළ මුදල් වල ප්‍රමාණය ගැන නිදර්ශනයකින් කියන්නෙ නම් මේ වන විට වැට් බදු ලෙස රජය වාර්ෂිකව එකතු කරන මුදල් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමණයක් මෙලෙස රටට වංචා කොට තිබේ. මේ සම්බන්ධයෙන් ආදායම් දෙපාර්තමේන්තුව සියලුම වෘත්තිය සමිති අදාල වගකිව යුත්තන්ට පැමිණිලි පිට පැමිණිලි කර තිබුණද හිටපු මුදල් ඇමැති වගේ වගක් නැතිව සිටියේය. වත්මන් මුදල් ඇමැති මංගල සමරෙවීරටද මේ සම්බන්ධයෙන් මේවන විට පැමිණිලි කර තිබෙන නමුත් මෙතෙක් ඒ ගැන සද්දයක් නැත.

කෙසේ නමුත් මේ බදු හොරගේ පැමිණිල්ල අනුව ,අල්ලස් විමර්ශකයන් චෝදනා කරන්නේ ජනමාධ්‍යවේදිය සිදු කර ඇත්තේ එම තොරතුරු මාධ්‍යයේ පළ කර බදු හොරාව බය කිරීමය. ඉන් පසුව දේශිය ආදායම් දෙපාර්තමෙන්තුවේ තවත් නිලධාරීන් පිරිසක් එම බදු හොරාව කැඳවා බදු නොගෙවා ප්‍රශ්නයෙන් ගලවා දෙන්නම් කියා කප්පම් ඉල්ලන්නේලූ. බදු හොරා මෙහිදී අසරණයාය. අල්ලස් කොමිසමට දුක හිති ඇත්තේ ඒ ගැනය.

නිර්නාමික යැයි කියන මේ පැමිණිල්ල දැක අල්ලස් කොමිසමේ විමර්ශන මහත්වරු දැන් හොරකම රටට හෙළි කළ ජනමාධ්‍යවේදිය කැඳවා ප්‍රශ්න කර ඇත්තේ මේ සුපේක්ෂල ශික්ෂාකාමී අසරණ බදු හොරා අපහසුතාවයට ලක් කිරීම මහ පොළව නුහුලන අපරාධයක් කළ ගානටය. ( මේ බදු හොරා කවුද යන්න ගැනත් ඔහුගේ කූප්‍රකට ව්‍යාපාර ගැනත් අපට අවබොධයක් තිබේ. එහෙත් මේ පැමිල්ල කළ බදු හොරා කවුද යන්න ගැන ජනමාධ්‍යවේදීයා ප්‍රශ්න කර තිබුණත් ඒ ගැන අල්ලස් කොමිසම හෙළි කිරීම ප්‍රතික්ෂේප කර තිබූ බැවින් ඒ තාවකාලිකව අපද නොකියා සිටිමු. )

කෙසේ නමුත් අපට දැන ගන්නට ලැබුනු තොරතුරු අනුව අදාල ජනමාධ්‍යවේදියා අල්ලස් කොමිෂමේ විමර්ශක මහත්වරුන්ට තමන්ව විත්තිකරුවකු කිරීමට ගන්න නින්දිත උත්සාහය ගැන ලුනු ඇඹුල් ඇතිව ඇත්ත ඇති සැටියෙන් කියා දී ආපසු පැමිණ තිබේ. අවශේෂ ප්‍රශ්න අධිකරණයෙන් බේරාගමු යැයි ඒ මහත්වරුන්ට වැඩි මනත් පවසා තමන් විසින් සිදු කළ හෙළිදරව් කිරීම වල විස්තර ලබා දී අල්ලස් කොමිසමේ රාජකාරිය විය යුත්තේ මේ රාජ්‍යයට වංචා කරන හොරුන් අල්ලා දඬුවම් දිම බවත් මතක් කර දී ඇත.

රුපියල් බිලියන ගනක් බදු නොගෙවා රාජ්‍යයට බරපතල මුල්‍ය අපරාධක් කළ බදු හොරෙකුගේ පැමිණිල්ලකට ඒ හොරකම සිදු වූ ආකාරය හෙළිදරව් කළ මාධ්‍යවේදියාගෙන් ප්‍රශ්න කර මේ අල්ලස් කොමිසමේ නල්ලමලේ විමර්ශකයන් එක්කද යහපාලනය ක්‍රියාත්මක කරන්නේ කියන ගැටලුව දැන් අපට තිබේ..

අල්ලස් කොමිසම යහපාලනය යටතේ ඉතා සක්‍රීය ආයතනයක් කරන බවට ආණ්ඩුවේ හැම දේශපාලන ගොබිලාම නිරන්තරයෙන් මන්තරයක් මෙන් මැතුරූවද ඒ මෙතෙක් කළ කිසිදු දෙයක් නැත, නිකම් පඩි කකා පු‍ටු රත් කරන හාල් පාරුවෝ ටිකක් මෙම කොමිසමේ සිටී. හිටපු කොමසාරිස් ජනරාල්වරිය වැඩි පුර රඟන්ට ගොස් තනතුර නැති කර ගත්තේද වැඩකට ඇති කීසිවක් සිදු කර නොවේ. දැන් අලුත් කොමසාරිස් ජනරාල්වරයකු සිටි..උන්නාද මළාද කියා දැන ගැනිමට වත් නැත. ඒ කොහොම වූවත් පදවි තානන්තර සල්ලි බාගේ නැති පොඩි පහේ මනුස්සයකු ගන්නා රුපියල් සියයේ අල්ලසට කුදලාගෙන් ඇවිත් කූඩුවේදාන මේ නීති ගරුක මහත්වරුන් බිලියන් ගනනින් වන අල්ලස් දුෂණ වංචා වලට අත තියන්නේද නැත.. ගූ බයය.. එවැනි පැමිණිල්ලක් ලැබුණොත් දෙපැ‍රැන්ද දිගේ හුජ්ජ බේරෙනවාය.

කිසිදු හිරිකිතයක් නැතුව, පට්ට හොරෙකුගේ පැමිණිල්ලකට හොරාව ආරක්ෂා කරමින් හොරාට බදු නොගෙවා සිටීමට ඉඩ කඩ තව දුරටත් සකසා දෙමින් ඒ සාධාරණීය කරන්න අවශ්‍ය වටපිටාව සකස් කරමින් අල්ලස් කොමිසම කටයුතු කිරීම තවත් බරපතල දූෂිත කටයුත්තකි. විලි ලැජ්ජ නැති කෂඩ වැඩකි. මෙහෙම කටයුතු කරන අල්ලස් කොමිෂන් වලින් රටට වැඩක් නැත. මෙවා විසිරුවා හැර ඕන හොරෙකුට කැමැති ලෙස කටයුතු කරන්න ඉඩ දී ( මොකද කොහොමත් හොරකම මේ යහපාලනයේත් සරුවට සිදුවේ ) රට ඔය යන අතකට යන්න ඉඩ දීම අඩු ගනනේ මේ තේරුමක් නැති කොමිෂන් නඩත්තු කිරීමට වැය කරන මුදලවත් රටට ඉතුරු වනු ඇත.

 

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us