අරුන්දික, උදයංග හමු වුණේ ජපන් තානපති ගංගනාත්ගේ ගෙදරදි ! Featured

Published in පුවත්
Saturday, 17 June 2017 00:08

මහින්ද රාජපක්ෂගේ ජපන් සංචාරය තුලදී ඊට අපරාධමය වරදක් සම්බන්ධයෙන් මත ජාත්‍යන්තර රතු වරෙන්තුවක් සහිතව සිටින උදයංග වීරතුංග හා නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මුණ ගැසී ඇත්තේ ජපානයේ ශ්‍රිලංකා තනාපති ධමමික ගංගනාත් දිසානායකගේ නිවසේදී බවට අප වෙත විශ්වාසනීය තොරතුරු මාර්ගයකින් දැන ගැනීමට ලැබී තිබේ.

මෙරට අධිකරණයෙන් කට්ටි පනිමින් සිටින උදයංග වීරතුංග සමඟ සතු‍ටු සමිච්චියේ යෙදෙමින් සිටින ඡායාරූප කිහිපයක් පසුගියදා ප්‍රසිද්ධ විය. පසුගිය රාජපක්ෂ සමයේදී මිග් 27 යානා හතරක් මිලදී ගැනිමේදී සිදු කළා යැයි පැවසෙන බරපතල මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හා එවකට රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග චෝදනා ලබා තිබේ. මෙහිදී උදයංග වීරතුංගට එම විමර්ශන කටයුතු සඳහා ප්‍රශ්න කිරීමට අවශ්‍ය වූවත් ඔහු මේ වන විට සැඟවී සිටී. මේ හේතුවෙන් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කිරීම සිදු කර තිබේ.

එසේ තිබියදී හිටපු ජනාධිපතිවරයා ඔහුගේ අන්තෙවාසික මන්ත්‍රීවරුන් ඔහුව විදේශ රාජ්‍යන්හීදී මුණ ගැහෙන බවට තොරතුරු වාර්තා වූ අතර පසුගිය දා ඔහුගේ ජපන් සංචාරයටද උදයංග වීරතුංග සම්බන්ධ වී තිබේ. ඒ කෙසේ නමුත් යහොලන ආණ්ඩුවේ නියොජ්‍ය ඇමැතිවරයකු වූ අරුන්දික ප්‍රනාන්දු ද මෙම ජපන් සංචාරයට යම් මොහොතක එක්වී ඇති අතර ඔහුද උදයංගව මුණ ගැසී තිබේ.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ අධිකරණයට කැඳවා තිබෙන නමුත් කට්ටි පනිමින් සිටින චූදිතයකු සමඟ ආණ්ඩුව ඇමැතිවරයකු සම්බන්ධකම් පැවැත්වීම ගැන විශාල විවේච්නයක් ඉදිරිපත් ව තිබිණි.

අධිකරණය යම් අපරාධමය වරදක් සම්බන්ධයෙන් වන චෝදනා ලැබුවකු අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනැයි කියමින් වරෙන්තු නියෝගයක් නිකුත් කරන්නේ එම චුදිතයා අධිකරණයෙන් කට්ටි පැන සිටින නිසාම නොවේ. එම චුදිතයා විසින් රටේ පිළිගත් නීතියට අභියෝග කිරීමක් මෙන්ම අධිකරණයට අපහාස කිරීමක් වන බැවිනි.

එහෙත් චුදිතයකු යනු වරදකරුවකු නොවේ. තමන්ට එරෙහිව යම් චෝදනාවක් තිබේ නම් ඒ අධිකරණය හමුවට පැමිණ නිවැරදි කර ගැනීමේ හැකියාව මේ රටේ ඕනෑම පුරවැසියකු හමුවෙ ඇති අයිතියකි. ඒ අවස්ථාව මඟ හැරීම යනු , චෝදනාව සම්බන්ධයෙන් ඔහුගේ ඇති වරදකාරී හැඟීම නිසා බව පැහැදිලි කරුණකි.

2006 වසරේ දි සිදුවූ කූප්‍රකට දූෂිත මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනාවට ලක්වී සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගටද ඒ අයිතිය එලෙසම තිබේ. එහෙත් ඔහු අධිකරණය මග හරිමින් කට්ටි පනිමින් තිබේ. ඔහු යුක්‍රෙනයේ පදිංචිකරුවෙකි. එහෙත් ඒ පදිංචි ලිපිනයෙන් ඔහු පලා ගොස් සැඟවී ඇත. නමුත් විටින් විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විදේශ සංචාරයන් අතර තුර ඔහු මතුවෙයි. ඒ ඡායාරූප ප්‍රසිද්ධ කරයි.. ඒ, හැකිනම් තමාව අල්ල ගනු යැයි මෙරට රජයට කරන අභියොගයක් ලෙසින් බව ද පැහැදිලිය.

රටක අධිකරණ පද්ධතිය නීති පද්ධතිය, නීති ක්‍රියාත්මක කරවනු ලබන ආයතන නිසි පරිදි ක්‍රියාත්මක වීම සමස්ත රටේ ක්‍රියාකාරිත්වය කෙරෙහි සෘජුවම බලපානු ලබයි. රටක ගුණාත්මක සංවර්ධනය රඳා පැවතීමට ඒ අත්‍යාවශ්‍ය සාධකයක් වන්නෙය. ඒ වෙනුවෙන් රටේ වැසියා නීති ගරුක විය යුතුය. රට වැසියා නීතිය ගරු කරනු ලබන්නකු බවට ශික්ෂණය කිරීම රජයේ වගකීම වන්නේය. රජය එම වගකීම ඉ‍ටු කිරීම පැහැර හැරීම සිදුවන්නෙ නම් තව දුරටත් නීතිය, නිගරු වීමත් ඒ නිරන්තරයෙන් කඩවීම සිදුවනු ලබයි.

රටක් ලෙස ශ්‍රීලංකාව පසුගිය රාජපක්ෂ සමයේ දී ජාත්‍යන්තර අපවාදයට ලක් වූයේ නීතිය වෙනුවට අනීතිය රජ කිරීම හේතුවෙනි. යළි ශිෂ්ඨ සම්පන්න ජාතියක් ලෙස ශ්‍රීලාංකිකයා ගොඩ නැංවීම වත්මන් යහපාලන රජයේ ප්‍රමුඛ කටයුත්ත වන්නේ ඒ නිසාය.

මෙහිදී නීති හදන ආයතනය වූ පාර්ලිමේන්තුවටත් එහි මහජන නියෝජිතයන්ටත් පැවැරෙන කාර්යභාරය අති මහත්ය . එමෙන්ම නීතියට සියලු රට වැසියන් යටත්ය. නීතිය හමුවේ සියලු දෙනා සමානය. ඒ අනුව නීති ගරුක පුරවැසියන් ලෙස එම මහජන නියොජිතයන් රටේ සමස්ථ මහ ජනතාවට ලබා දෙන ආදර්ශයද රටේ යහපැවැත්ම වෙනුවෙන් ඉතා වැදගත්ය.

මෙරට දේශපාලන ඉතිහාසය පුරා අප ලබා තිබෙන ඉතා නරක අත්දැකීම් අනුව මේ යහපාලනයේ ආදර්ශමත් භාවය පවත්වාගෙන යෑම වත්මන් මහජන නියොජිතයන්ට අභියොගයක් විය හැකිය. මන්ද නීතිය බල්ලට දමා තමන්ගේ හීන පෞර්ෂයන් ගොඩනංවා ගැනිම වෙනුවෙන්.. බඩ ගෝස්තරය ‍රැකගැනීම වෙනුවෙන්.. ලැජ්ජා විරහිතව පෙනී සිටින නිවට දේශපාලකයෝද මෙරට ඕනෑ තරම් සිටින බැවිනි.

මේ නිසා අරුන්දික ප්‍රනාන්දු ඇමැතිවරයා රටේ මහජනතාවගේ මුදල් අපහරණය කළ බවට චෝදනා ලැබු අධිකරණ වරෙන්තුකරුවකු සමඟ සතු‍ටු සාමිචියේ යෙදී සිටිම මඟින් අපරාධ සහයකුගෙ තත්වයට ඇද වැටී තිබෙන්නෙ යැයි කිසිවකු චෝදනා කරන්නෙ නම් ඒ වැරදි නොවේ. ඔහු මෙරට නීතියට අධිකරණයට පක්ෂපාතී වැදගත් ශිෂ්ඨ සම්පන්න මහත්මයකු නම් කළ යුතුව තිබුනේ මේ චුදිතයා අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙරට රජයට සහය වීමය.

ඊටත් වඩා බරපතම කාරණය වන්නේ ශ්‍රිලංකාව නැමැති රාජ්‍යයේ නිල රාජ්‍ය ධූතයාගේ නිවසේදී මේ චූදිතයන්ට සුවපහසු නවාතැන් පොළක් වීමය. යහපාලනය තවත් එක් වගකීමක් වන්නේ පසුගිය පාලනයේ හොරු ඇල්ලීම යැයි මේ තානාපති නිලධාරියද එවකට කීවේය. එහෙත් දැන් ඔහුගේ නිවසේ මේ කිව් හොරු පදිංචිව සිටී.

විදේශීය රටක තානාපති නිළධාරියා යනු රටේ ප්‍රතිමුර්තිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පෙනී සිටින්නාය. රටක ශිෂ්ඨ සම්පන්න බව ඔහු වෙතින් පල විය යුතු ප්‍රථම ගුනාංගයය. රටක් නියොජනය කිරීම සඳහා තානාපතිධුරයක් ලැබූ පසුව ඒ තනාපතිවරයා අපරාධකරුවකු ලෙස චෝදනාවට ලක් වන්නෙ නම් අපරාධ සහයකු වන්නේ නම් බරපතලම හානිය සිදුවන්නෙ මේ රටටය.., ශ්‍රීලංකාව නම් රාජ්‍යය ඉදිරියේ කළු පැල්ලමක් සටහන් වීමය...., ශ්‍රීලංකිකයා ලෝකය හමුවෙ පහත් ජාතියක් බවට පත් වීමය.... නමුත් ඒ රාජපක්ෂ පාලන සමයේදී වැදගත් වූයේ නැත. එහෙත් යහපාලන සමයේ දීත් ඒ එලෙසින්ම සිදුවෙමින් තිබේ.

හිටපු ජනාධිපතිවරයා රටේ මහජනතාවට නීතියට අධිකරණයට වගකිව යුත්තෙකු වූවත්
ඔහු එසේ නොකිරීම ගැන පුදුම වන්නට දෙයක් නැත. මන්ද ශ්‍රිලංකාව අනීතික පාලනයකට යට කරමින් වංචාවට දූෂණයට සියළු ඉඩ කඩ විවෘත කරමින් මෙරට ඉතිහාසයේ ජරාජීර්ණම පාලන යුගයක් පවත්වාගෙන ගියේ එම යුගයේදී වන නිසාය.

එමෙන්ම උදයංග වීරතුංග ඔහුගේ බෑනාය. මේ ගනු දෙනුවට වගකිව යුතු අනෙක් තැනැත්තා ලෙස චෝදනාවට ලක්වන හිටපු ආරක්ෂක ලේකම් වන ගොඨාභය රාජපක්ෂ ඔහුගේ සොහොයුරා වීම ද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් මෙරට ජනතාවට යුක්තිය බලාපොරොත්තු වීමේ ඉඩකඩ ඇත්තේම නැත. ඔහුගේ දැන් පරම පවිත්‍ර චේතනාව වන්නේ තමන්ගේ යුගයේ හොරු ආරක්ෂාකර ගැනිම බව වුවමනවටත් වඩා පැහැදිලි කාරණයකි. විශේෂයෙන්ම තමන්ගේ පවුලේ හොරු ‍රැක ගැනීම ඔහුට අන් සියල්ලට වඩා වැදගත්ය.

මේ වුවමනාව වෙනුවෙන් යහපාලන ආණ්ඩුවේ ශ්‍රිලනිප එජාප බේදයකින් තොරව එම නියෝජිතයන්ගෙන්ම උදව් උපකාර ලැබී තිබීම, ජනතාව තමන්ගේ පශ්චාත් භාගයට තමන් විසින්ම තලා ගත යුතු තත්වයකි. මන්ද මේ කාලකණ්නි දේශපාලන ක්‍රමය පවත්වාගෙන යෑම ජනතාවගේ කැමැත්ත වී තිබීම නිසාය.

 

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us