ගුවන්සේවා අධිකාරිය බිල්ඩිමකට කෝටි 1306ක් කුලී ගෙවලා ! සබීතාගේ කුලියට දෙවැනි නැත.

Published in පුවත්
Monday, 19 June 2017 11:00

සිවිල් ගුවන්සේවා අධිකාරී කාර්යාල මුලස්ථානය පවත්වාගෙන යන 3 මහල් කාර්යාල ගොඩනැගිල්ල සඳහා වසර 15ක කාලයක් තිස්සේ කුලිය වශයෙන් රුපියල් කෝටි 1306ක මුදලක් ගෙවා ඇති බව වාර්තා වේ. මෙහි මාසික කුලිය ලක්ෂ 60ක් වන අතර වත්මන් ගොඩනැගිල්ල එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සමීප හිතවතකුට අයත් එකක් බවද අධිකාරී සේවකයින් පවසයි.

කෙසේ නමුත් මෙම අධිකාරිය තම ආදායමෙන් කෝටි 70 බැගින් අවස්ථා කිහිපයකදීම මහා භාණ්ඩාගාරයට මුදල් ලබාදී ඇත. ඒ අනුව අධිකාරිය සඳහාත් ගොඩනැගිල්ල ඉදිකර ගැනීමේ හැකියාව තිබියදීත් මෙම මුදල කුලී මුදල වශයෙන් ගෙවීම සම්බන්ධයෙන් එල්ල වු විවේච්න සලකා බලා ප්‍රවාහන හා ගුවන්සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා කටුනායක නයිකන්ද ප්‍රදේශයේ 6 මහල් ස්ථිර ගොඩනැගිල්ලක් කඩිනමින් පිහිටුවීමට පියවර ගැනිමට කටයුතු කළේය.

එහෙත් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා 2015 දෙසැම්බර් 14 දින මුල්ගල් තබා ඇතත් මෙතෙක් නිමකොට නැත. මෙහි ඇස්තමේන්තුව රුපියල් 803,369,987 කි. (කෝටි 80.3) ඉබි ගමනින් වන මෙම ඉදිකිරීම් කටයුතු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් සිදු කරනු ලබයි. මෙම ඉදිකිරීම් කටයුතු නිමකර බාරදීමට නියමිතව තිබුණේ 2017 මැයි 14 වන දිනය.

සිවිල් ගුවන්සේවා අධිකාරීයේ සේවය කරන්නේ සේවකයින් 147 දෙනකු පමණක් බවද වාර්තා වේ. ඒ අනුව ආන්දොලනයට තුඩුව තිබෙන කෘෂිකර්ම අමාත්‍යංශ්‍යට කුලියට ගත් රාජගිරියේ මහල 10 ගොඩනැගිල්ල හා සැසදිමේදී මෙම 3 මහල් අධිකාරි ගොඩනැගිල්ල වෙනුවෙන් දරන වියදම ද එකම වර්ගයේ නාස්තිදායක වියදම්ය.

කෘෂි කර්ම ඇමැති දුමින්ද දිසානායක තමන්ගේ නව අමාත්‍යංශ ගොඩනැගිල්ල වෙනුවෙන් මේවන විට වර්ෂයකට ආසන්න කාලයක් මුලුල්ලෙ මාසිකව රුපියල් ලක්ෂ 245 ගනනේ ගෙවමින් තිබේ. නමුත් මෙතෙක් එම ගොඩනැගිල්ලට අමාත්‍යංශ කාර්යාල කිසිවක් ගෙන ගොස් නැත.

මෙම ගොඩනැඟිල්ල කුලියට ගැනීම අගමැතිවරයාගේ වුවමනාවක් අනුව යැයි කියමින් වරදෙන් ගැලවීමට දුමින්ද දිසානායක මහතා සහ ඔහුගේ හෙංචයියන් දැඩි උත්සාහයක් ගනු ලැබුවද මෙය කුලියට ගැනීම දිසානායක ඇමැතිවරයා මෙන්ම කැබිනට් මණ්ඩලය අනුමත කළ කටයුත්තකි. දිසානායක ඇමැතිවරයා මේ සඳහා විරෝධයක් දක්වා නැත. මේ වන විට එම ගොඩනැගිල්ලෙ නවීකරණ කටයුතු මෙන්ම නව ගෘහභාණ්ඩ මිලදි ගැනිමේ කටයුත්තේ දිසානායක ඇමැතිවරයා යේදී සිටින්නේ ද ඊට තමන්ගේ ඇති කැමැත්ත නිසාය. කෘෂිකර්ම අමාත්‍යංශය වෙනුවෙන් කොළඹ සෙත්සිරිපායේ ගොඩනැගිල්ල වෙන් කළ විට ඒ ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම නව ගොඩනැගිල්ල යෝජනා කළේ අගමැතිවරයාය.

 

ඉදිකෙරෙමින් පවතින සිවිල් ගුවන්සේවා අධිකාරීයේ 6 මහල් ගොඩනැගිල්ල

civil 2

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us