මෛත්‍රීගේ විද්‍යාත්මක විෂය පථ බෙදිල්ලෙන් රවී 'විදේශ සහ ලොත‍රැයි ඇමැති' වෙයි ! (ගැසට් නිවේදනය සහිතයි) Featured

Published in පුවත්
Saturday, 10 June 2017 10:16

පසුගියදා සිදු වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසුව ඒ ඒ අමාත්‍යංශ සඳහා විෂය පථ වෙන් කිරීමේ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කොට තිබේ. මෙහිදී විශේෂිතම කාරණය වන්නේ විදේශ අමාත්‍යංශයට ජාතික ලොත‍රැයි මණ්ඩලය සහ සංවර්ධන ලොත‍රැයි මණ්ඩලය ද පැවරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීමය.මේ අනුව රවී කරුණානායක මහතා විදේශ හා ලොත‍රැයි ඇමැතිවරයා ලෙස හැඳින්වීම වඩා විද්‍යාත්මක ක්‍රමවේදය ලෙස සැලකිය හැකිය.

ලොත‍රැයි මණ්ඩල දෙකම මුදල් අමාත්‍යංශය යටතේ වූ ආයතන දෙකක් ලෙස දශක ගනනාවක් තිස්සෙ පැවැති නමුත් ඒ මෙවර වෙනස් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇත්තේ හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතාගේ හා අගමැතිවරයාගේ දැඩි ඉල්ලීමක් පිට බව ද  වාර්තා වේ. ලොත‍රැයි මණ්ඩල දෙක යනු වසරකට ලොත‍රැයි පත් බිලියනයකට ආසන්න ප්‍රමාණයක් අලෙවි කරනු ලබන විශාල වශයෙන් මුල්‍යමය ගනු දෙනු සිදුවන ආයතන දෙකකි. රජයේ විවිධ අරමුදල් වෙත මුදල් උපයා දීම මෙහි ප්‍රධාන කටයුත්ත වේ. එමෙන්ම මෙම ලොත‍රැයි පත් මුද්‍රණ ටෙන්ඩර් ලබා ගැනීම ඉතා තරගකාරී මෙන්ම දූෂිත බවටද පසුගිය කාලයේ තොරතුරු වාර්තා විය. එසේම මාධ්‍ය වෙත ලබා දෙන  ලොත‍රැයි දැන්වීම් යනු මාධ්‍ය පාලනය කළ හැකි ප්‍රධාන මෙවලමක් වීම නිසාද මෙම ආයතන දෙක යම් ඇමැතිවරයකු සතු වීම එම ඇමැතිවරයාගේ හොඳ නම පවත්වාගෙන යෑම කෙරෙහි දැඩි දායකත්වයක් සපයයි. කෙසේ නමුත් රවී කරුණානායක මහතා මුදල් ඇමැතිධුරයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා දෙන සං‍තෝෂමක් ලෙස මෙම ලොත‍රැයි මණ්ඩල දෙක ලබාදීම සිදු කෙරෙන බවට ජනාධිපතිවරයා පොරොන්දුවක් වී තිබූ බවට ද මීට පෙර තොරතුරු වර්තා විය. 

මේ අතර නව ගැසට් පත්‍රයෙන් මුදල් අමාත්‍යංශය යටතෙ තිබු සේවා නියුක්ති භාරකාර අරමුදල (ETF)  නව අමාත්‍යංශයක් වූ සංවර්ධන කාර්යභාර අමාතයංශය වෙත පවරා ඇත. එම ඇමැතිධුරය තිලක් මාරපන මහතා දරයි.

මේ අතර නව ගැසට් නිවේදනයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ වන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ විෂය පථයේ ද විශාල වෙනස්කම් සිදුව තිබේ.  ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ වූ ජාතික චිත්‍රපට සංස්ථාව, රාජ්‍ය මුද්‍රණාලය, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව යන ආයතන තුන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතට පත් කර තිබේ. මෙම ආයතන ත්‍රිත්වය හිටපු ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාරත්න මහතා සිය නව අමාත්‍යංශය වන ඉඩම් අමාත්‍යංශයට පවරා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ බවට තොරතුරු වාර්තා විය.

විෂය පථයන් වෙන් කිරීමේ ගැසට් නිවේදනය ප්‍රමාද වීම නිසා එම අමාත්‍යංශ වැඩ කටයුතු පසුගිය සති දෙකෙදී අඩපණව තිබිණි.

 

gazet 1

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

ක්‍රීඩා

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) ක්‍රියාත්මක...

Connet With Us