ආණ්ඩුවේ මුල්‍ය වංචා හොයන්න අලුත් ඔත්තු සේවයක් ! Featured

Published in පුවත්
Saturday, 10 June 2017 11:36

මෙරට රාජ්‍ය අංශයේ ආර්ථිකමය මර්මස්ථාන කේන්ද්‍රකරගෙන සිදු වෙමින් පවතින මූල්‍ය වංචා දුෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් චර පුරුෂයන් යොදවා ඒ සම්බන්ධයෙන් සොයා බලා මුදල් ඇමැති හා අගමැතිවරයාට වාර්තා කිරීම සඳහා විශේෂ බුද්ධි ඒකකයක් නිර්මාණය කිරීම සඳහා මුදල් ඇමැති මංගල සමරවීර මහතා පියවර ගනිමින් සිටින බව එම අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

මෙවැනි විශේෂ බුද්ධි ඒකක විදේශ රාජ්‍යයන් ගනනාවක ක්‍රියාත්මක වෙමින් පවතින අතර විශේෂයෙන්ම සිංගප්පූරුව වැනි රාජ්‍යයන් තම රටේ රාජ්‍ය මුල්‍ය අක්‍රමිකතාවයන් ඉතා අවම තත්වයකට පත් කර ගෙන ඇත්තේ මේ ආකාරයේ විශේෂ චර පුරුෂ සේවාවක් ක්‍රියාත්මක කිරීම හේතුවෙනි.

මේ වන විට මෙරට ක්‍රියාත්මක මුල්‍ය අපරාධ කොට්ඨාශය. යම් අක්‍රමිකතාවයක් සිදුවීමෙන් පසුව වන පැමිණිලි මත ක්‍රියාත්මක වන්නක් පමණක් වීම නිසා නිරන්තරයෙන් රාජ්‍ය මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින බුද්ධි අංශයක අවශ්‍යතාවය පැන නැඟී තිබේ. එමඟින් වරදක් වීමට පෙර වලක්වා ගැනීමේ හැකියාව ඇති බැවින් රාජ්‍ය යාන්ත්‍රණය වඩා පිරිසිදුව හා ක්‍රියාශීලීව පත්වගෙන යාමට හැකි වනු ඇතැයි මුදල් ඇමැතිවරයාගේ මතය වී ඇතැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් පෙන්ව දෙයි.

මෙරටට අදාලව මීට පෙර ප්‍රේමදාස යුගයේදී ' ලෝරන්ස් මා‍ෆියාව' නමින් ප්‍රකට වූ විශේෂ පොලිස් ඒකකයක් ක්‍රියාත්මක වූ අතර එමගින් අමාත්‍යංශයන් හි සිදුවන අක්‍රමිකතාවයන් දුර්වලතාවයන් ජනාධිපතිවරයාට වාර්තා කිරීම සිදු විය. එහෙත් ඒ දේශපලන වෛරයන් පිරිමහ ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා යොදා ගත් බවට චෝදනා එල්ල විය.

කෙසේ නමුත් මෙම වන ඒකකය පිහි‍ටු වීම සඳහා මුල්‍ය අපරාධ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමකින් හෙබි ඉහළ පොලිස් නිලධාරියකුගේ, බැංකු කටයුතු හා මුල්‍ය වෙලඳ පොළ කටයුතු සම්බන්ධයෙන් විශේෂඥ දැනුමකින් යුතු පුද්ගලයන් කිහිපදෙනෙකුගේ සහය ලැබී ඇත. එමෙන්ම මීට විදේශීය විශේෂඥ දැනුම ලබා ගැනීමටද අපෙක්ෂා කරන බව දැන ගැනිමට තිබේ.

Last modified on Saturday, 10 June 2017 13:42

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us