News Items (18842)
ශ්‍රීලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ඒ සේනානායක මහතා අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් ලෙස කටයුතු කරමින් සිටිය දී අසාධාරණ ලෙස ස්ථාන මාරුවක් ලබා දීමට මුදල් ඇමැතිවරයා කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව දැන ගැනීමට තිබේ. රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් කීර්තිමත් සේවා ඉතිහාසයක් ඔහුට තිබිණි.
රවී, බිලියන 75 ක් ඉල්ලා මහ බැංකු අධිපතිට දුන් අමුතු ලියුම මෙන්න !
මුදල් ඇමැති රවී කරුණානායක මහතා මාර්ග සංවර්ධන කටයුතු කිරීම සඳහා වන ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් බිලියන 75 ක් ලබා දෙන ලෙස මහ බැංකු අධිපතිවරයාට යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ප්‍රශ්නකාරී තත්වය විමසීමට ඇමැතිවරයාව බැඳුම්කර සම්බන්ධ ජනාධිපති කොමිසමට කැඳවන ලෙස පසුගියදා බැඳුම්කර කොමිසමෙන් අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලීමක් කරනු ලැබීය.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ තවත් වංචාවක් හසුවෙයි.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සිය මැතිවරණ නිරීක්ෂකයන් සදහා පැවති වැඩමුළුවකදී ලබා දෙන මුදල සදහන් නොකර ප්‍රවාහන දීමනාවක් සදහා අත්සන් ගැනීමට ගත් උත්සාහයක් ව්‍යවර්ථ කිරීමට ඊට සහභාගී වූ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සමත් වී ඇත.
හවුස් ඔෆ් ෆැෂන්, ප්‍රයිම් ලෑන්ඩ් ඉඩම් ගනුදෙනු ගැන FCID විමර්ශන
ප්‍රයිම් ලෑන්ඩ් පෞද්ගලික සමාගම (Prime Lands Group (Pvt) Ltd) විසින් කොළඹ 07, වෝඞ් ප්ලේස්හි ඉදිකරනු ලබන දැවැන්ත ගොඩනැඟිල්ල සහ එම ඉඩම සම්බන්ධව ලිපිගොනු අංක FCID/107/15 යටතේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
යහපාලන රජය යටතේ පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවර භාවයකට පැමිණ ඇති බව අමෙරිකාව පවසයි.අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල සභික බිල් ජොන්සන් මහතා පෙන්වා දෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් එක්ව රට පාලනය කිරීම සුවිශේෂී අවස්ථාවක් ලෙස දකින බවය.
ලබ්බට තැබූ අතම පුහුලෙටත්, ගෝඨා සිරකරුවන්ට කළ දේම රංගජීවටත් නොකරයිද?
පසුගිය සමයේ විශාල ආන්දෝලනයකට තුඩු දුන් වැලිකඩ රැඳවියන් ඝාතණයේ ඝාතකයායැයි නම කියැවුණු මත්ද්‍රව්‍ය නාශක අංශයේ රංගජීවට වෙඩිතැබීම පසුපස සිටින්නේ එම ඝාතනයට අණ දුන් පසුගිය රජයේ අයවලුන්ම බව ඕනෑම කෙනෙකුට ප්‍රත්‍යක්ෂ වන තත්ත්වයක තිබියදී, රජය සහ ජනමාධ්‍ය වටෙන් වටෙන් ගොස් ඔහුට වෙඩි තැබීම වෙනත් පාතාළ කණ්ඩායම් හෝ තවෙකෙකුගේ ගිණුමට බැර කිරීමට යත්න දරමින් සිටිති. රජයට සහ ආරක්ෂක අංශ වලට ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්ණ කිරීමය. කෙසේ හෝ පසුගිය රජයේ අනෙක් කාරණා වලදී මෙන්ම මේ ප්‍රශ්ණයේදීද ඔවුන්ව ප්‍රශ්ණ කිරීමට නව මෛත්‍රී රනිල් රජය ඇඹරඑන්නේ දේශපාලන ඩීල් හේතුවෙනි.නැතහොත් තම පංති යුතුකම ඉටු කරමින් සිටිනා බව ප්‍රත්‍යක්ෂය.
ලාබයි... ලාබයි.. බුදුන්ගේ ධාතු eBay හරහා ගෙන්වා ගත හැක.
ගෞතම බුදුන්ගේ ශරීරකොටස් හෙවත් සර්වඥ ධාතු eBay හරහා ගෙන්වා ගත හැකිව තිබේ. eBay වෙබ් අඩවියෙහි එම ධාතු වල මිළ ගනන් සහිතව දැන්වීම පළ කර තිබේ.
වෛස්රෝයි සුඛෝපභෝගි දුම්රිය ධාවනය නිසා මිලියන ගනනක පාඩුවක්
වෛස්රෝයි සුඛෝපභෝගි දුම්රිය ධාවනය සහ එම සමාගමට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ කාර්යාල පරිශ්‍රයක් ලබා දිමේ දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල පාඩුවක් සිදු ඇති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම් කරු එස් පී විතානගේ මහතා, ජනධිපතිවරයා වෙත ලිඛිතව දන්වා ඇත. ඒ ලියවිල්ල පහත දැක්වේ.
මගේ මතය ගණිකා වෘතිය නීති ගත කළ යුතු බවය, එහෙත් එය මේ මොහොතේ ශ්‍රී ලංකාවේ නීතිගත කරන්න ගියහොත් මම ඊට සහාය නොදෙන්නෙමි ! හේතුව, ගණිකා වෘතිය තුල එම ලිංගික සේවකයාත් පාරිභෝගිකයාත් දෙදෙනාම සූරා කා සම්පූර්ණ වාසිය ලබා ගන්නේ වෙළෙන්දාය. මුඩුක්කු වෙනුවට ලස්සන ගෙවල් නම් හදන්නට ඉඩ ඇත. එහෙත් ගණිකා ව්‍යාපෘතිය ද, අන් සියල්ල මෙන්, දේශපාලකයින්ද සම්බන්ධ කර ගත් ජාවාරමක් බවට පත්වීම වැලැක්විය නොහැකි අතර දිලිඳු පාසල් යන දැරියන් පවා, උප්පැන්න සහතික පවා වෙනස් කර කිසිඳු ප්‍රමිතියක් නැති ගණිකා වෘතියට ඇද දමනු ඇත. සයිටම් සම්බන්ධයෙන්ද මගේ මතය බොහෝ දුරට ඊට සමානය.
ගෝඨා දේශපාලනයට එන්නෙම නැතිලු ! හෙංචයියන් හෙළුවෙන් හිටගෙන තටමයි
ගොඨාබය රාජපක්ෂ මහතා අමරිකනු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට තීරණය කර ඇති බවට අප පසුගියදා පළ කළ පුවත් සම්බන්ධයෙන් ඔහුගේ මාධ්‍ය හෙංචයියන් කලබල වී ඇත. ඉතා හදිස්සියෙන් අප පල කළ පුවතට පිලිතුරක් ගොනු කිරීමට මොවුන් කටයුතු කර තිබේ. ඒ ශ්‍රීලංකා මිරර් වෙබ් අඩවියටය.
