ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ තවත් වංචාවක් හසුවෙයි.

Published in පුවත්
Tuesday, 16 May 2017 22:49

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සිය මැතිවරණ නිරීක්ෂකයන් සදහා පැවති වැඩමුළුවකදී ලබා දෙන මුදල සදහන් නොකර ප්‍රවාහන දීමනාවක් සදහා අත්සන් ගැනීමට ගත් උත්සාහයක් ව්‍යවර්ථ කිරීමට ඊට සහභාගී වූ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සමත් වී ඇත.

කොළඹ පදනම් ආයතනයේදී පසුගිදා (15) පැවති වැඩමුළුවේදී මෙලෙස මුදල සදහන් නොකළ ලැයිස්තුවකට අත්සන් ගැණීමට එම ආයතනයේ කලමනාකාරීනියක් උත්සහා ගෙන ඇති අතර ඊට එරෙහිවූ මැතිවරණ නිරීක්ෂකයන් අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර ඇත. මෙම උත්සාහය ගෙන ඇත්තේ මීට පෙරද තම පෙම්වතාට රුපියල් මිලියනයක මුදලක් ආයතනයෙන් වංචනිකව ලබා දීමට කටයුතු කළ කළමනාකාරීනියමය.

මුදල සදහන් නොකර දීමනා ගෙවනුයේ පසුව වැඩි මුදලක් එයට යොදා මුදල් යටි මඩි ගැසීමටද යැයි ප්‍රශ්න කළ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ද වන මැතිවරණ නිරීක්ෂකයන්. ආයතනය වෙනත් ගෙවීම් කරන්නේ මෙසේද යැයි ප්‍රශ්න කර තිබේ.

එමෙන්ම ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැශනල් ආයතනය කියන සුපිලිපන්භාවය මෙය දැයි ප්‍රශ්න කළ ඔවුන් මෙයට පෙරදී මෙවන් තත්වයකට මුහුණ නොදුන් බව ප්‍රකාශ කළහ. මින් පසු තමන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු වලට සහභාගී නොවන බවද ඔවුන් සමහරක් පවසා ඇත.

එදිනම රාත්‍රියේ පැවතී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ සාමාජිකයන්ගේ හමුවකදීද මෙම සිදුවීම දැඩි ලෙස විවෙච්නයට ලක්ව තිබේ. ආයතනයේ කීර්තිමත් සාමාජිකයන් වන චන්ද්‍රා ජයරත්න, නෙලුම් ගමගේ, ලසන්ත ද සිල්වා, සී. දොඩාවත්ත මෙහිදී අදහස් දක්වමින් ආයතනයේ කීර්තිනාමයට මෙවන් සිදුවීම් වලින් දැඩි හානියක් වන බව පෙන්වා දී ඇත.

 

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ලැජ්ජා නැති වැඩක් කරලා

Last modified on Tuesday, 16 May 2017 22:57

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us