හවුස් ඔෆ් ෆැෂන්, ප්‍රයිම් ලෑන්ඩ් ඉඩම් ගනුදෙනු ගැන FCID විමර්ශන

Published in පුවත්
Tuesday, 16 May 2017 13:05

ප්‍රයිම් ලෑන්ඩ් පෞද්ගලික සමාගම (Prime Lands Group (Pvt) Ltd) විසින් කොළඹ 07, වෝඞ් ප්ලේස්හි ඉදිකරනු ලබන දැවැන්ත ගොඩනැඟිල්ල සහ එම ඉඩම සම්බන්ධව ලිපිගොනු අංක FCID/107/15 යටතේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

ෆ්‍රයිම් ලෑන්ඩ් පෞද්ගලික සමාගම එම ඉඩම මිලදී ගෙන ඇති ආකාරය මෙන්ම සහ යලි විකිණීමේ ක්‍රියාවලියේ දී ඊට මැදිහත්වූ පාර්ශ්ව අදාළ ගනුදෙනු තුළ මුල්‍ය අපරාධ සිදුකර ඇති බවට ලැබී ඇති පැමිණිලි කිහිපයක් පදනම් කරගෙනය.

ලැබී ඇති එම පැමිණිලි වලට අනුව මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන වාසය කළ නිවසට යාබද අක්කරයක ප්‍රමාණයෙන් යුතු මෙම ඉඩම සම්බන්ධව පාර්ශව 21 ක් මැදිහත්වූ බේරුම් නඩුවක් තිබී ඇත. එසේම මීට කලකට පෙර පර්චසය රුපියල් ලක්ෂ 45 බැගින් වන මුදලකට මෙම ඉඩම 'හවුස් ඔෆ් ෆැෂන්' ව්‍යාපාරයේ හිමිකරුවන ප්‍රීති ජයවර්ධන විසින් හිමිකරගෙන ඇත. වාර්තා වන ආකාරයට ෆ්‍රයිම් ලෑන්ඩ් පෞද්ගලික සමාගම තට්ටු 65ක නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා මෙම ඉඩම මිලදීගෙන තිබෙන්නේ එම ව්‍යාපාරිකයාගෙනි.

එසේම මේ වන විට ෆ්‍රයිම් ලෑන්ඩ් පෞද්ගලික සමාගම අදාළ ඉඩමේ සිදුකරමින් තිබෙන මහා පරිමාණ ඉදිකිරීම හේතුවෙන් ජේ.ආර්.ජයවර්ධන වාසය කළ නිවස ඉරිතලා ගොස් ඇත. එහෙත් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත ලැබී ඇති පැමිණිලි වලට අනුව සැලකිය යුතු කාලයක පටන් වෝඩ් පෙදෙසේ මහා පරිමාණ ඉදිකිරීමක් සිදුකළ නොහැකි අතර මහල් දෙකකට වඩා වැඩි ඉදිකිරීම් සිදුකිරීමට නගරසභාව මෙන්ම නාගරික සංවර්ධන අධිකාරියද අවසර දෙන්නේ නැත. එහෙත් ෆ්‍රයිම් ලෑන්ඩ් සමාගමට මෙම මහා පරිමාණ ඉදිකිරීම සඳහා එම ආයතන අවසර දී ඇති බවත් එම තීරණයද ඉතා සැක සහිත බවත් එම පැමිණිලි වල වැඩිදුරටත් සඳහන්ව ඇති බවත් වාර්තා වෙයි.

එසේම රාජපක්ෂ රෙජීම සමයේ කළු සල්ලි මේ වන විට ඉදිකිරීම් ක්ෂත්‍රයේ ආයෝජන හරහා සුදු කිරීමේ ජාවාරමක්ද මහා පරිමාණයෙන් දියත් වන බවට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට කාලයක පටන් පැමිණිලි ඉදිරිපත් වී ඇති බවත් අදාළ ඉඩම් ගනුදෙනුව තුළ ප්‍රීති ජයවර්ධන සහ ප්‍රයිම් ලෑන්ඩ් සමාගම ද එම ජාවාරමේ නිරතව සිටීද යන්න සම්බන්ධව මේ වන විට විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවත් මුල්‍ය අපරාධ කොට්ටාශයේ ජේෂ්ට නිලධාරියා අප සමඟ අනාවරණය කර සිටියේය.

ඒ අනුව ලැබී ඇති පැමිණිලි සහ විමර්ශන කණ්ඩායම් වල සොයාගැනීම් පදනම් කරගෙන ෆ්‍රයිම් ලෑන්ඩ් පෞද්ගලික සමාගම ඇතුළුව මෙම ගනුදෙනුවට සම්බන්ධ පාර්ශ්ව ඉදිරියේදී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කැඳවීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මේ සම්බන්ධව අප වැඩිදුර කරුණු විමසීම සඳහා අප ප්‍රයිම් ලෑන්ඩ් සමාගමේ ජේෂ්ට නිලධාරියකු ඇමතු අතර ඔහු තමන් කාර්ය බහුල බවත් ඒ නිසා පසුව අමතන බව දන්වා දුරකථනය විසන්ධි කළත් නැවත අප සමඟ සම්බන්ධ වුයේ නැත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us