යහපාලනේ, ආර්ථිකය ගොඩදාගෙන - ඇමරිකාවෙන් සහතිකයක්

Published in පුවත්
Tuesday, 16 May 2017 10:17

යහපාලන රජය යටතේ පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවර භාවයකට පැමිණ ඇති බව අමෙරිකාව පවසයි.අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල සභික බිල් ජොන්සන් මහතා පෙන්වා දෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් එක්ව රට පාලනය කිරීම සුවිශේෂී අවස්ථාවක් ලෙස දකින බවය.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමඟ මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදි බිල් ජොන්සන් මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

උතුරේ ද සංචාරයක නිරත වී ඇති ජොන්සන් මහතා එම ප්‍රදේශවල ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ කටයුතු සේම සංවර්ධන කටයුතු ද සාර්ථක බව ප්‍රකාශ කර ඇත.

තවදුරටත් උතුරේ ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු යමක් වේ නම් ඒ සඳහා රජය පියවර ගනු ඇති බව තමා විශ්වාස කරන බව ද බිල් ජොන්සන් මහතා පවසයි.

මෙම සාකච්ඡාවේ දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පෙන්වා දී ඇත්තේ යහපාලන රජය යටතේ රටේ සියලු ප්‍රදේශ සංවර්ධනය වෙමින් පවතින බවය.

ශ්‍රී ලංකාව මේ වන විට ජාත්‍යන්තර වශයෙන් ද සාර්ථකත්වය කරා ළගා වෙමින් ඇති බව රවී කරුණානායක අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේෂප් මහතා ද එක්ව සිටි බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

adaderana

bill 2

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us