මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

Published in Gossip
Thursday, 11 May 2017 15:17

පසුගිය මැයි පළමුවනදා ගාලු මුවදොර පිටියෙහි පැවැති ඒකාබද්ධ විපක්ෂ මැයි දින ‍රැළිය හා එම පෙලපාළියෙහි සම්පූර්ණ වියදම රුපියල් කෝටි 18 කට වඩා වැඩි බව එම පාර්ශ්වයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම මැයි දින රැළියේ කටයුතු වෙනුවෙන් මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකුගේ මූලිකත්වයෙන් ඊට අරමුදල් එකතු කර තිබෙන අතර ඒ වෙනුවෙන් රුපියල් කෝටි 18 කට ආසන්න මුදල් එකතු කර තිබේ. මීට අමතරව ඒ ඒ සංවිධයකවරු විසින් හා ප්‍රාදේශීය ව්‍යාපාරිකයන් මඟින් තවත් කෝටි ගනනක් මුදල් වැයවී ඇති නමුත් ඒ ගනනය කිරීමක් සිදුව නොමැත.  මෙලෙස එකතුවූ කෝටි 18 න් විශාල මුදල් ප්‍රමාණයක් ප්‍රාදේශීය සංවිධායකවරු වෙත ලබා දුන් බවද ඒ අනුව මුදල් ,කෑම බීම, මත්පැන් ලබා දී විශාල පිරිසක් කොළඹට ගෙන්වා ගැනීමට හැකිවූ බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඒ අතර මෙලෙස මුදල් එකතු කිරීමේ මූලිකත්වය ගත් ව්‍යාපාරිකයා තමන්ගේ මුදලින් රුපියල් කෝටියක මුදලක් හා  පැමිණුන පිරිස් වෙනුවෙන් 'ඇමරිකන් වෝටර්' නමින් වන වතුර බෝතල් ලක්ෂයක් ලබා දීමද සිදු කර ඇත.

Leave a comment

ld add copy

Latest News

ආපදා මරණ 69ක් ! 34ක් අතුරුදන්

ආපදා මරණ 69ක් ! 34ක් අතුරුදන්

මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා මරණ 69ක් වාර්තා වී ඇ...

Connet With Us