මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

Published in Gossip
Thursday, 04 May 2017 09:47

එජාප උප නායක රවී කරුණානායක මහතා එම පක්ෂයේ ළඟ නායකත්ව අනුප්‍රාප්තිකයා ලෙස නම් කොට මුදල් අමාත්‍ය ධුරය වෙනුවට වෙනත් ප්‍රධාන අමාත්‍ය ධුරයක්ද ලබා දීමට සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැරු උත්සාහයද අසාර්ථක වී ඇති බව 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

මේවන විට පක්ෂ නායකත්ව ධුරාවලියේ එජාප නායකත්වයට පසුව උප නායක ධුරය පැවතුනත් නියෝජ්‍ය නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කොට තිබීම නිසා පක්ෂයේ දෙවන පෙල නායකත්වයන් සම්බන්ධයෙන් පාක්ෂිකයන් තුලද ගැටලුකාරීව තිබේ.

කෙසේ නමුත් මුදල් ඇමතිකමෙන් අස්කළහොත්, ආණ්ඩුවේ සියලු රහස් හෙළිකර පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුන් ගන්නා බවට රවී කරුණානායක මහතා මේ වනවිටත් අගමැතිවරයාට බලපෑම් කර ඇත. මුදල් ඇමැතිධුරය ට එජාපයේ වෙනත් ජේෂ්ඨ ඇමැතිවරයකු පත් කිරීම අගමැතිවරයාගේ අපේක්ෂාව වී තිබේ. ඊට මංගල සමරවීර මහතාගේ නමද යෝජනා වී තිබිණි.
මේ අතර මුදල් ඇමැතිවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රසාදය දිනා ගනිමින් කටයුතු කරමින් තිබේ. පසුගියදා පැවති දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ උත්සවයකදී ද ජනාධිපතිවරයා විසින් මුදල ඇමැතිවරයාගේ කාර්ය භාරය අගයනු ලැබීය. වත්මන් ආණ්ඩුව පිහිටවූ අවස්ථාවේදී කරුණානායක මහතාට මුදල් ඇමැතිකම ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයාගේ ඉල්ලිම මත සිදු වූවක් බවට එවකට තොරතුරු වාර්තා විය. කරුණානයක මහතාට මුදල් ඇමැතිකම ලබා දී තිබුණේ එම අමාත්‍යාංශයට මීට පෙර අයත් ව තිබූ ප්‍රධාන ආයතන ගනනාවක් ඉවත් කර වූවත් තමාට මුදල් ඇමැතිවරයා ලෙස සීල් එක ( නිල මුද්‍රාව) ගැසීමට පමණක් වුව තිබුණද ඒ ප්‍රමාණවත් යැයි ඔහු හිතවතුන් සමඟ නොයෙක්වර ප්‍රකාශ කර තිබුණු බවද මීට පෙර වාර්තා වී තිබිණි.

කෙසේ නමුත් මුදල් ඇමැතිධුරය සම්බන්ධයෙන් වන කඹ ඇදීම නිසා ජනාධිපතිවරයා අපේක්ෂා කරන කැබිනට් මණ්ඩල සංශෝධනය දිනෙන් දින පමාවෙමින් පවතින අතර පසුගිය මැයි දිනයේ ඒකාබද්ධ විපක්ෂයේ ගෝල්ෆේස් රැළියෙන් බලවත්සේ කම්පනයට පත්ව සිටින ජනාධිපතිවරයාගේ උපදේශකයින් වහාම කැබිනට් සංශෝධනයක් සිදුකර, ජනමතය වෙනතකට යොමුකරන දේශපාලන වාසියක් ලබාගැනීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සිටින බව ද වාර්තා වේ.

Leave a comment

ld add copy

Latest News

පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් බරපතළයි

පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් බරපතළයි

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් බරපතළ වී ඇතැයි වතිකානය නිවේදනය කර...

ක්‍රීඩා

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) ක්‍රියාත්මක...

Connet With Us