රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

Published in Gossip
Sunday, 26 February 2017 17:41

අගමැති රනිල් වික්‍රමසිංහගේ සොහොයුරෙකුගේ පුත්‍රයකු යැයි කියන වන තිස්ස නිර්මාන් වික්‍රමසිංහ යන අය අද අලුයම 1.00ට පමණ හිල්ටන් හෝටලයේදී බිමත්ව සිදුකල පහරදීමකින් අබ්දුල් නමැති පුද්ගලයකු තුවාල ලබා ඇති බව වාර්තාවේ.

එම පහරදීම සිදුකල විසි හත් හැවිරිදි තිස්ස නමැති තරුණයා කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතත්, ඇමැතිවරයකුගේ මැදිහත්වීම මත පොලිසිය විසින් වහාම නිදහස් කර තිබේ.

මේ අතර රාජ්‍ය ඇමැති පාලිත රංගෙ බණ්ඩාරගේ පුතෙක් මරදාන 'ක්ලික්' රාත්‍රී සමාජ ශාලාව තුලදී තරුණියන් දෙදෙනෙනෙකුට පහරදී තිබේ.

අද උදැසන 3.30 පමණ සිදුකර ඇති මෙම පහරදීමෙන් තුවාල ලැබූ එක් තරුණියක් හිටපු හිටපු ඇමතිනි රෝසි සේනානයකගේ සොයුරියකගේ දියණියක් බව ද වාර්තාවේ. එම පහරදීමෙන් තරුණියන් දෙදෙනාගේ මුහුණට තුවාල සිදුව ඇතැයි ද පැවසේ.

පොලිසිය මේ සම්බන්ධයෙන් ද මෙතෙක් නිසි පියවරක් ගෙන නොමැති බව වැඩිදුරටත් වාර්තාවේ.

Last modified on Sunday, 26 February 2017 17:43

Leave a comment

ld add copy

Latest News

ආපදා මරණ 69ක් ! 34ක් අතුරුදන්

ආපදා මරණ 69ක් ! 34ක් අතුරුදන්

මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා මරණ 69ක් වාර්තා වී ඇ...

Connet With Us