රාජ්‍ය අධ්‍යාපනය තුලම විභාග වංචා, ප්‍රශ්ණපත්‍ර අක්‍රමිකතා ආදිය දැන් ඇහැටම දකිය හැකිය. රජයේ වෛද්‍ය ක්ෂේත්‍රය තුල ද වැරදි බෙහෙත් හා බාල බෙහෙත් ලබාදීම් ද ලෙඩුන්ව ආභාධිතයින්ගේ සිට මරණය දක්වා පත් කළ සිදුවීම් ද සුලබය. ඕනෑම ක්ෂේත්‍රයක මේ සියළු වැරදි වාර්තා වන්නේ ඇති හැකි කෙනෙකුට කෙලවුනොත් පමණි. අති බහුතරයක් සිදුවීම් යට කර වසා දමනු ලබයි.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තුල ලකුණු කීපයක් නොව ලකුණු රැසක් මදිවී අසමත් වන ශිෂ්‍යයාත් සමත්වන ශිෂය්‍යාත් අතර දැණුමේ, බුද්ධියේ හෝ විනයේ වෙනසක් නැත. අවසානයේ 'ඉහලට ඉගෙනගත් එකෙකු' හා 'අටපාස් එකෙකු' අතර තාක්ෂණික දැණුම විනා හරයන් හා ජීවන අවබෝධය ආදියේද වෙනසක් අධ්‍යාපනය හරහා පෙන්වන් නැත. එබැවින් ලකුණු කීපයක වෙනසකින් එකෙක් කොයි පාරින් ගියද ඔය කියන ලෙස ගුණාත්මකත්වයකට එය බලපාන් නැත. එසේ වීමට නම් අතිශය දියුණු- තියුණු අධ්‍යාපන යන්ත්‍රයක් තුලින් ඔවුන් පැමිණිය යුතුය.
අධ්‍යපනය සෞඛ්‍යය ආදිය මුදලට විකිණීමට එරෙහි ධනවාදී විරෝධී මූලධර්මවාදී තර්කය එකකි. එහෙත් ධනවාදය තුලම සමහර රටවල් අත්පත් කරගෙන අති ගුණාත්මකත්වයට අපට යාමට නොහැකි වීම තව එකකි. අප ඉන්නේ ධනාවාදයේ ගුණාත්මකත්වය කතා කිරීමට නොහැකි තරම් අන්ත පහල තලයකය. කොටින්ම පුද්ගලික අධ්‍යාපන හා වෛද්‍ය අංශයේ යහපත් සේවය ලබා ගැනීමට තරම් ශ්‍රී ලංකාවට නීරෝගී පරිසරයක් නැත ! සයිටම් ද එකතුවන්නේ අර මහා විනාශයටම වන අතර පවතින ආකාරයටම, වැඩි විනාශය සාමාන්‍ය මිනිසාට හා ලාබ වාසි ඇති හැකි එකාට ද බෙදී යාමේ 'මහා ක්‍රමය' සයිටම්ට පමණක් වෙනස් කළ නොහැකිය. ඒ සියල්ල, කාන්තාවන්ට රැකියා දීමටත් පාරිභෝගිකයාට හොඳ ලිංගික සේවයක් දීමටත් කියා මේ විනාශය තුල ගණිකා වෘතිය නීතිගත කිරීමට සමානය. ඉඳ හිට එකෙකුට අවස්ථාවන් ලැබී 'සාර්ථකවීමේ' කතා කීපයක් තත්වයේ සංකීර්ණත්වය වටාහා ගැනීමට ප්‍රමාණවත් නැත. ගැඹුරු අර්තයේදී සයිටම් ඔය කියන තරම් පවතිනවාට වඩා නරක වෙනසක්ද නැති යහපතක්ද ඇති කරන්නේ නැත. සිදුවන්නේ තියන තත්වයටම තවත් අංගයක් එකතුවී පවතින තත්වයම විශාල වීම පමණි. එයද ශ්‍රී ලංකාවේ මේ වෙනකොට ඇති සමහර දේවල් හා පුද්ගලයින් මෙන් පෙනුමෙන් පමණක් පොෂ් විය හැකිය.
අප මේ කතාතරමින් ඉන්නේ ශ්‍රී ලංකාව වැනි රටවලට අනාදිමත් කාලයක සිට දියුණුවී ගොඩ එන්නට අමාරු සමස්ත ක්‍රමයම බොරුවක්, වංචාවක් හා ජාවාරමක් බවට පත්වී එසේ නොවන ලෙස පෙනෙන මායාවක් දක්වා මනෝමය වශයෙන් මිනිසුන්ව නිර්මාණය කිරීම දක්වා උඩුගොස් ඇති සංකීර්ණ තත්වයයි. අප ඒ මායාවට හසු වීමට ප්‍රධාන හේතුවක් නම් වඩා දියුණු රටවල් ගැන අපට ඇති ආශාව හා ඊෂ්‍යාවයි. අපටත් උසාවි, පාර්ලිමේන්තු, පාසල්, ප්‍රජාතන්ත්‍රවාදය අදිය ඇති බවත් ඒවායේ අඩුපාඩු ඇත්නම් පාර්ලිමේන්තුවේ මේ ඉන්නා ඉත්තන් ටිකම වෙනස්කර හදාගන්නට හැකි බවත් අපි සිතන්නට ආසා මායාවකි. එය ළමා චින්තනයකි. එහෙත් යථාර්තයනම්, එවා පවතින්නේ අපි හිතනවාට වඩා මුලුමනින්ම විනාශ වී ගොස් ඇති මුලු ක්‍රමය උඩු යටිකුරු කර සංශෝදනය කළ යුතු තරම් අතිශය භිහිසුණු, බරපතල් තත්වයකය. ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති වලට නිතරම ආදර්ශ ලබා ගන්නේ බටහිරෙන්, බටහිර ෆැන්ටසිය කරගෙන වුවද ඒවා ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ සංකීර්ණ සන්දර්භය ගැඹුර අධ්‍යයනයකට ලක් නොවීම බොහෝ සංවර්ධන ව්‍යාපෘති අසාර්තක වීමට ප්‍රධාන හේතුවකි.
- ධනංජය කරුණාරත්න
FB පිටුවෙන් උපුටා ගන්නා ලදී