සිංහල නොදන්නාකම අපගේ ප්‍රශ්නයක් නොවේ - සීඅයිඩීය හිතන හැටි Featured

Monday, 12 June 2017 19:50

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 06 වන දින යාපනයේ පදිංචි ප්‍රාදේශීය මාධ්‍යවේදියකු වන වසන්ත රූබන් මහතාට විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කොළඹ එම දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස නියෝගයක් යවා ඇත. එහෙත් දෙමළ භාෂාවෙන් කටයුතු කරන මාධ්‍යවේදී රූබන් මහතාට එම නියෝගය යවා ඇත්තේ සිංහල භාෂාවෙනි.

වසන්ත රූබන් මහතාගේ පදිංචි ලිපිනයද ඔහු දන්නා තොරතුරු ගැනද අවබොධයක් ඇති පොලීසියට රූබන් මහතා සිංහල නොදන්නා බව නොදැන සිටීම පුදුම සහගත සිදුවීමකට වඩා හාස්‍ය ජනක සිදුවීමක් ලෙස සැලකිය හැකිය. මන්ද රහස් පොලිසියේ විමර්ශන වල තරම ඉන් සිතා ගත හැකි බැවිනි.

මේ සම්බන්ධයෙන් අදාල මාධ්‍යවේදියාට යොමු කරනු ලැබු ලිපිය ප්‍රකාරව, ඔහුට මේ සිංහල නොතේරුන ද අද දිනයේ දී (12) වන දින රහස් පොලීසිය හමුවේ පෙනී නොසිටිය හොත් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 172 වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි බවත් සැලකිය යුතු වග සඳහන් කර තිබේ.

දැන් දෙමළා සිංහල නොදන්නා කම, නීතිය නොදැන සිටීමට හේතුවක් නොවේ යැයි කියමින් රූබන් මහතාව අත් අඩංගුවට ගෙන දඬුකඳේ ගැසීමට රහස් පොලීසියට හැකිය. මන්ද රුබන් මහතා අද කොළඹ ආවේ නැති බැවිනි. එහෙත් දෙමළාගේ ප්‍රශ්නය කුමක්ද යන්න ගැන සිංහලයාට කියන්න, ඔහු අවස්ථාවක් උදා කොට දී ඇත.

උතුරේ දෙමළා දෙමළ වීම නිසා ඔවුන්ට ඇති සුවිශේෂී ප්‍රශ්න මොනවාදැයි ප්‍රශ්න කරන දකුණ සිංහල මහත්වරුන්ටත් නෝනාවරුන්ටත් මේ සුළු ගැටළුවෙහි හෝ ඇති බරපතල බව වටහා ගැනීමට අබ ඇටෙක තරම්වත් බුද්ධිය පහළ වේ නම් ඒ ද මේ යුගයේ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි තරම් සුවිශාල කරුණකි. මන්ද මෙතරම් වර්ගවාදී ලෙස රටේ පුරවැසියා බේද බින්නවී අනෙකා ගේ අයිතිය නොසලකමින් අනෙකා විනාශ කළ යුතු යැයි කල්පනා කරන යුගයක් මෙරට නොතිබුණු බැවිනි.

යහපාලන රජය බලයට පත් කිරීමට රටේ සිහි බුද්ධියක් ඇති ජනතාව තීරණය කළේ මේ මුග්ධ බවේ අගාධයට වැටෙමින් තිබූ දේශය යළි ගොඩනැංවීමටය. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව වැනි වගකිව යුතු ආයතනයක් මෙතරම් නොසැලකිලිමත්ව කටයුතු කිරීම විය යුතු දෙයක් නොවේ.

එසේම මේ යාපනයේ පදිංචි අයෙකු කොළඹට කැඳවා ප්‍රශ්න කරන්න තීරණය කිරීම හැර ඔහු වෙතට ගොස් ඒ කටයුත්ත කිරීමේ හැකියාව පොලීසියට නොහැකි වීම තවත් ගැටලුවකි. ඔහු චූදිතයෙකු නොවේ. පොලිසියට අවශ්‍යව ඇත්තේ ඔහු සතුව ඇති තොරතුරු කිහිපයකි. ඒ වෙනුවෙන් මේ මාධ්‍යවේදියා යාපනයේ සිට කොළඹට පැමිණිය යුතුද? මීට වඩා සරල පහසු විශ්වාසදායක මාර්ගයක් පොලීසිය සතුව නොමැතිද යන්න කෙරෙහි පොලීසිය අවදානය යොමුකරන්නේ නම් නීතිය යනු ජනතාව පෙලන්නට තිබෙන අවියක් නොව ජනතාවගේම පහසුව තකා බව සිතන්නට ජනතාව පෙළඹෙනුද ඇත.

Sinhala letter to Wasantha

Leave a comment

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us