දරනාගම කුසලධම්ම හිමි ජනපති අන්දවා රාජපක්ෂගේ ප්‍රචාරක වැඩ කරයි

Published in පුවත්
Thursday, 08 June 2017 10:22

පසුගියදා සිදුවූ ආපදා තත්වයේදී එම විපතට පත් වූවන්ට සෙත් පතා (05 )පැවැති කොළඹ සම්බෝධි විහාරය මඟින් සංවිධානය කළ පිරිත් සජ්ඣායනය මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක ව්‍යාපෘතියක් බවට පත්ව තිබූ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම පිරිත් සජ්ඣායන සංවිධානය කිරීම සඳහා ජනාධිපතිවරයයාගේ ආශිර්වාදය හිමිව තිබූ අතර ජනාධිපති ලේකම් කාර්යාලය මේ කටයුත්ත සංවිධානය සඳහා විශේෂ මැදිහත්වීමක්ද සිදු කරනු ලැබීය. මෙම පිරිත් සජ්ඣායන කටයුතු සඳහා සංඝයාවහන්සේට ආරධනා කිරීමද ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබීය.

කෙසේ නමුත් දහසකට ආසන්න සංඝයා වහන්සෙලා කැඳවා සිදු කළ මෙම කටයුතේදී උන් වහන්සෙලාට පූජා කළ පිරිකර වල මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක වැඩ සටහනකට අදාලව සකස් කරන ලද පොත් පත් රැසක් තිබී ඇත. ඒ බව හෙළි වූයේ ජනාධිපති ආරක්ෂක අංශ විසින් කළ පරික්ෂාවකදීය. එම පරිශ්‍රයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කටයුතු කිරීමේදී එම පිරිකර පාර්සලයක් විවෘත කර පරික්ෂා කිරීමේදී මේ බව හෙළිව තිබේ. පසුව තවත් පිරිකර කිහිපයක් විවෘත කල බැලු විටද එම ආකාරයෙන්ම මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක කටයුතු වලට අදාල පොත් පත් තිබී ඇත.

කෙසේ නමුත් බෞද්ධයා නම් රූපවාහිනී නාලිකාව ද පවත්වාගෙන යන සම්බෝධී විහාරය පරිශ්‍රය යනු රාජපක්ෂ වරුන්ගේ දේශපාලන කුමන්ත්‍රණ සංවිධානය කරන ප්‍රධානම මධ්‍යස්ථානය බව එතරම් ප්‍රකට කරුණක් නොවේ. එහෙත් කිසිවකුට රහසින් මෙම විහාරස්ථානයේදි පසුගිය කාලයේ අතිශය රහසිගත් සාකච්ඡා ගනනාවක් පැවැත්වීය. එමෙන්ම රාජපක්ෂවරුන්ට එරෙහිව පැවැති නඩුහබ වලදී ඒ ව්‍යවර්ථ කර ගැනිම වෙනුවෙන් තීරණාත්මක පුද්ගලයන් ගෙන්වා කුමන්ත්‍රණකාරී සාකච්ඡා ගනනාවක්ම මෙම ස්ථානයේදි සිදු කොට ඇති බවත් දැන ගැනීමට ඇත. එහෙත් මේ බව ජනාධිපතිවරයා හෝ ජනාධිපති ලේකම් කාර්යාලය හෝ නොදැන සිටීම විමතියට කරුණකි.

දරනාගම කුසලධම්ම හිමි සභාපතිත්වය දරන බෞද්ධයා රූපවහිනී නාලිකාව පවා ඉතා සීරුවට ක්‍රියාත්මක වන්නේ ආණ්ඩු විරෝධී ප්‍රතිපත්තියක මත පිහිටා බව එම නාලිකාව ඇසුරු කිරීමේදී පෙනී යයි.

ඒ කෙසේ නමුත් මෙම විහාරස්ථානයත් බෞද්ධයා නාලිකාවත් නඩත්තු වන්නේ රජයේ අනුග්‍රහයෙනි. ටෙලිකොම් සභාපති ජනාධිපති සොයුරු කුමරසිංහ සිරිසේන ද මෙම විහාරස්ථානයේ ප්‍රධාන දායකයකු ලෙස කටයුතු කරනු ලබන බව දැන ගැනිමටද ඇත.

පසුගිය කාලයේ සිදුව තිබු අලි ජාවාරමටද මෙම දරනාගම කුසලධම්ම හිමි සම්බන්ධ බවද අනාවරණය වී තිබේ. එම විමර්ශන වලදී පන්නිපිටිය දෙව්රම් වෙහෙර විහාරාධිපති කොලොන්නාවේ සුමංගල හිමි සන්තකයේ සිටි අලි තිදෙනකු මුදල් ගනුදෙනු පියවීම සඳහා සම්බෝධි විහාරාධිපති දරනාගම කුසලධම්ම හිමියන්ට විකුණා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

Last modified on Thursday, 08 June 2017 10:25

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us