හිරු මාධ්‍යවේදියාට පහර දීම: පට්ට පල් බොරුවක්

Published in පුවත්
Monday, 22 May 2017 18:17

අද දින (22) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වැඩ වර්ජනය වාර්තා කිරීමට යැයි කියමින් මාතර රෝහලේ වා‍ට්ටුවකට ඇතුල් වීමට යත්න දැරූ හිරු මාධ්‍යවේදියාට රෝහල් ආරක්ෂක අංශ විසින් පහර දුන් බවට පලවන පුවත් පට්ට පල් බොරුක් බව වාර්තාවේ.

මෙම ප්‍රාදේශිය වාර්තා කරුවා සිතා මතාම සිද්ධියක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් කටයුතු කළ බව මාතර සෙසු ජනමාධ්‍යවේදීන් සඳහන් කරයි. රෝහල් පරිශ්‍රය තුලට ඇතුල් වී මාධ්‍ය වාර්තාකරණයක් සිදු කරන්නෙන් නම් පළමුව ජනමාධ්‍ය වාර්තාකරුවකු විසින් අදල රොහල් ප්‍රධානියාගේ අවසරය ලබා ගත යුතුය. ඒ කිසිවක් සිදු නොකර ජනමාධ්‍ය හැදුනුම්පත ඉදිරිපත් කරමින් තමන්ට ඕනෑම තැනකට ඇතුල් වීමේ අවසරය ඇතැයි කියමින් බලහත්කාරයෙන් රෝහල් පරිශ්‍රයට ඇතුල්වීමට ගත් උත්සාහයේදී ආරක්ෂක අංශ  ක්‍රියාත්මක වී ඔහුව වලක්වා ඇත.

එහෙත් මාධයවේදියා විසින් ආරක්ෂක නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදී පහර දීමක්ද සිදු කොට රෝහල් වාට්‍ටුවට ඇතුල් වී ඇත. මෙහිදී වැඩ වර්ජන මෙහෙයවන වෛද්‍යවරුන්ගේ සහයෝගයද ඔහුට ලැබී ඇති අතර පසුව ඔහුට පහර දිමක් නිසා තුවාල සිදුව යැයි කියමින් රොහලේ 3 වන වාට්‍ටුවෙහි ප්‍රතිකාර පිණිස ඔහු ඇතුලත් වී තිබේ. මෙය වැඩර්ජිත වෛද්‍ය වරුන්ගේද සම්බන්ධයන් සහිතව සිදු කළ කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් විය හැකි බවද මාතර ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පෙන්වා දෙයි. ඒ මෙම සිදුවීම පාදක කර ගනිමින් ආණ්ඩු විරෝධයක් හා සෞඛය ඇමැතිවරයාට විරෝධයක් මතුකර ගැනීමට අවස්ථාවක් තිබෙන බැවිනි.

එසේම තමාට පහර දිමක් සිදුවූ බවට පොලිස් පැමිණිල්ලක්ද මාතර පොලිසියට ඉදිරිපත් කර ඇත. පොලිසිය විසින් වගවභාගයකින් තොරව ආරක්ෂක නිලධාරීන් දෙදෙනකුව අත්අඩංගුවට ගැනිමට කටයුතු කර තිබේ. (කෙසේ නමුත් අදාල පරිශ්‍රයේ CCTV දර්ශන පරීක්ෂා කළ හොත් සිද්ධියේ ඇත්ත තතු පොලිසියට සොයා ගැනීමට හැකි වනු ඇති බව පොලිසියේ පහසුව තකා සටහන් කරමු.) 

වර්තමානයේ ඇතැම් ජඩ මාධ්‍යවේදීන් සිතා සිටින්නේ ජනමාධ්‍ය හැඳුම්පත යනු නීතියට ඉහලින් ක්‍රියාත්මක වීමට ලබා දුන් අවසරයක් බවය. හිරු මාධ්‍යවේදියාද ඒ අනුව කටයුතු කර තිබේ. මේ වන විට හිරු මාධ්‍ය ආයතනයද මෙම සිදුවීම තමන්ගේ මාධ්‍ය කෙරුවාව ගැන උදාන වාක්‍ය ලියන තැනට පත් කරගෙන තිබේ.

කෙසේ නමුත් මෙම මාධ්‍ය චණ්ඩියා ගැන අප කළ සොයා බැලිමකදී හෙළි වූයේ ඔහු ජනප්‍රිය වාමංශික පක්ෂයක මාතර ආසනයේ නිලධාරියකුද වන බවය. මීට පෙරද අවස්ථා ගන්නාවකදී සදාචාර විරෝධී කටයුතු ගනනාවකට මොහු සම්බන්ධ වී ඇති බවට චෝදනා එල්ල වී ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us