ජනාධිපති ලේකම් ඉල්ලා අස්වේ ! ලලිත් වීරතුංග හෝ සුරේන් බටගොඩ එතැයි කසු කුසුවක්

Published in පුවත්
Friday, 30 June 2017 19:27

ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ පී බී අබේකෝන් මහතා, තමාගේ දුර්වල සෞඛ්‍ය තත්වය හේතුවෙන් එම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි. මේ වන විටත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවත් දැන ගැනිමට ඇත.

කෙසේ නමුත් මෙම හිස්වන තනතුර සඳහා හිටපු ජනාධිපත ලේකම් ලලිත් වීරතුංග මහතා හෝ මේ වන විට විදුලිබල හා පුනර්ජනන්නීය අමත්‍යංශ ලේකම් ලෙස කටයුතු කරන සුරේන් බටගොඩ මහතා හෝ පත් කෙරෙනු ඇති බවට රාවයක් තිබෙන බවත් එම ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති ලේකම් යනු රාජ්‍ය පරිපාලන සේවයේ ජේෂ්ඨතම තනතුරය. එම තනතුර හෙබවීම පරිපලන සේවයේ විශිෂ්ට සේවා පළපුරුද්දක් මෙන්ම ජේෂ්ඨත්වයද වැදගත්ය.

ඒ කෙසේ නමුත් හිටපු ජනාධිපති ලේකම් වූ ලලිත් වීරතුංග මහතා මෙරට පරිපාලන සේවයේ සිටි දක්ෂ නිලධාරියකු වූවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයේදී සිදු කෙරුණු අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා කිහිපයකම එල්ල වී ඇති අයෙකි. රජයේ මුදල් වැය කර ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුත්තක් ලෙස සිල් රෙදි බෙදා හැරීම ඔහුට විරුද්ධ ඇති චෝදනාවක් වන අතර එය මේ වන විට අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී. එසේම පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිපළවලට බලපෑමක් කිරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිසම මඟින් සිදු කෙරුණු මෙහෙයුමක් සම්බන්ධයෙන්ද ඔහුට චෝද්නා එල්ල වී තිබිණි. කෙසේ නමුත් ලලිත් වීරතුංග මහතාට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහුව අත් අඩංගුවට නොගැනීමට වත්මන් රජයේ ප්‍රබලයන් විසින් වලකා ලූ අතර එයට හේතුව වූයේ රාජ්‍ය පරිපාලන සේවයේ ජේෂ්ඨතමයා අත් අඩංගුවට ගැනිමෙන් සෙසු නිලධාරීන්ගේ විරෝධය එල්ලවනු ඇති බවට වූ බිය නිසා බවටද කරුණු අනාවරණය වී පැවැතිනි.

මේ අතර මෙම තනතුර සඳහා නම කියැවෙන සුරේන් බටගොඩ මහතාද රාජ්‍ය පරිපාලන සේවයේ ජෙෂ්ඨතම නිලධාරියකු වූද ඔහුට එරෙහිවද චෝදනා රැසක් එල්ල වී ඇත. විශේෂයෙන්ම ආන්දොලනයකට තුඩු දුන් ගල් අඟුරු ටෙන්ඩරයේ මහ මොලකරුවා ඔහු බවට බරපතල චෝදනාවක් එල්ල විය. මෙම ගල් අඟුරු ටෙන්ඩරය නිසා මෙරටට රුපියල් බිලියන 2 කට වඩා වැඩි පාඩුවක් සිදුව තිබේ. එසේම පෞද්ගලික ඩීසල් බලාගාර ටෙන්ඩරය මගින්ද බරපතල පාඩුවක් රටට සිදු කළ බවට චෝදනා එල්ල වී ඇත. එහෙත් මේ සම්බන්ධයෙන් කිසිදු විමර්ශන ක්‍රියාමාර්ගයක් වත්මන් රජය විසින් ගත්තේ නැත. මෙම ගනු දෙනු සම්බන්ධයෙන් මාධ්‍යයට අසත්‍ය තොරතුරු සපයනු ලැබූ බවටද ඔහු සම්බන්ධයෙන් විවෙච්න එල්ල විය.

 

Last modified on Friday, 30 June 2017 19:36

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us