හික්‌කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයේ, ආගමික සහජීවනයට විරෝධයක්

Published in පුවත්
Tuesday, 18 July 2017 12:08

හික්‌කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය විද්‍යාලයේ 17 දින පැවති අන්තර් ආගමික සහජීවනය සඳහා සංවිධානය කරන ලද රාමසාන් උත්සව වැඩසටහනක්‌ අතරතුරදී එම විද්‍යාලයේ ආදි සිසුන්ගෙන් එල්ල වූ විරෝධය නිසා උණුසුම් තත්ත්වයක්‌ ඇතිවිය.

අදාළ සහජීවන උත්සවය සඳහා පාසල් 4 කින් සිසුන් 200 ක්‌ පැමිණ සිටි අතර හික්‌කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පතිවරයා ගිංතොට සහිරා විද්‍යාලයට ද එම අවස්‌ථාවට පැමිණෙන ලෙස ආරාධනා කර තිබුණි.

කෙසේ නමුත් එහිදී විද්‍යාලයේ ආදි සිසුන් එම තීරණයට විරෝධය පළ කළේ විද්‍යාලයේ වෙනත් උත්සව නොපවත්වා මෙවැනි උත්සව පැවැත්වීමට එරෙහිවයි. මෙහිදී විදුහල්පතිවරයා පවසා සිටියේ මෙය 8 වසර පොතේ තියෙන සංහිඳියා පාඩමක්‌ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සිදුකරන වැඩක්‌ බවත් එය තේරුම් ගන්නා ලෙසය.

කෙසේ නමුත් විදුහල්පතිවරයාගේ බහට අවනත නොවූ ආදි සිසුන් හා දෙමාපියන් පවසා සිටියේ මෙය සුමංගල හාමුදුරුවන්ගේ ඉස්‌කෝලේ බවත් එහෙම සංහිඳියාවක්‌ අවශ්‍ය නම් මේ වගේ උත්සව මුස්‌ලිම් ඉස්‌කෝලෙක තියන්න තිබුණා යනුවෙනි. ඇති වූ උණුසුම් තත්ත්වයෙන් පසුව ආදි සිසුන් පවසා සිටියේ ගිංතොට සහිරා විද්‍යාලයේ සිසුන් එම අවස්‌ථාවට පැමිණෙන්නේ නම් බුදු පිළිමයට මල් තියා වැඳ උත්සවයට සහභාගි විය යුතු බවයි.

ඒ අනුව ගිංතොට සහිරා විද්‍යාලයේ සිසුන් නොමැතිව අදාළ සංහිඳියා උත්සවය පැවත් වූ බව පැවසූ විදුහල්පති එච්. මොහොට්‌ටි මහතා, පැමිණ සිටි සමහර අය තැනට නුසුදුසු අයුරින් හැසිරෙමින් සියල්ලන් නොමඟ යෑවීමට ක්‍රියා කළ බවත් මෙය අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණයක්‌ බවත් පැවසීය.

හිනිදුම - රවීන්ද්‍ර චන්ද්‍රලාල්
divaina.com

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us