රාජ්‍ය පාලකයා තමන්ගේ බල ලෝබී ව්‍යාපෘතිය සාධාරණීයකරණය කර ගැනීමට සහතිකයක් කොට ගන්නෙ අධිකරණ තීන්දුවය. තමට අවශ්‍ය ලෙස ඊට විනිසුරුවරුන් පත් කිරීම හා තමන්ට අවශ්‍ය තීන්දුව ඔවුන් ලවා ලියවා ගැනීමේ ඉතිහාසයක් මේ ලංකාවේ අපටද තිබේ...

රාජපක්ෂලාගේ ම්ලේච්ඡ පවුල් පාලනය පෙරලා දැමීමට මේ රටේ සිහිබුද්ධියක් ඇති මිනිස්සු තීරණය කළේ ආයෙත් ඒ මජර සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික තත්වයන් එලෙසම තියා ගන්න නොවෙයි. වඩා ශිෂ්ඨ සම්පන්න යුගයක් වෙනුවෙන්.. පැවැති අසික්කිත ආකල්පවලට හුරුවෙලා හිටපු මිනිස්සු එතැනින් එළියට ගෙන මේ රට වඩා යහපත් තැනක් කරන්නටයි.

ශ්‍රීලංකාවට ජේ ආර් ජයවර්ධන හිටපු පාලකයා හඳුන්වා දුන් 1978 ව්‍යවස්ථාවෙන් නිර්මිත විධායක ජනාධිපති ධුරයට බුදු හාමුදුරුවන් පත් කළත් බල තන්හාව ඇති වන බව මේ රටේ මිනිස්සු කට කහනවට වගේ කියති... ඒ කතා එහෙම නිර්මාණය වෙන්නේ,  එම ධුරය ද අහෝසි කරන්නේය.... එම බලගතු බලය පාවිච්චි නොකරන්නේය... කියමින් එන උපාසක රාළලා සයිස් එකේ හොර පූසන් මෙම තනතුරට පත් වූවායෙන් පසුව එම බලතල වැඩි කරගැනීමට දරණ වෙහෙස නිසාය.

මිනිස් ඝාතන අපරාධ හා මුල්‍ය අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන හිටපු ආරක්ෂක ලේකම් වරයා වන ගොඨාබය රාජපක්ෂව එම චෝදනා වලින් නිදහස් කර ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉතා දැනුවත්ව කටයුතු කරමින් සිටින බව බස්නාහිර පාළාත් මහ ඇමැති ඉසුර දේශප්‍රිය විසින් ඊයේ කළ ප්‍රකාශයකින් පැහැදිලි වී තිබේ.

යූරියා පොහොර අර්බුධයක් සම්බන්ධයෙන් පසුගිය සති කිහිපයේ... විවාදාත්මක තත්වයක් ඇති වී තිබුණද එය මේවන විට සමතයකට පත් කිරීමට රජයට හැකිව තිබේ. ඒ කෙසේ නමුත් මෙම යූරියා පොහොර අර්බුධය හා කාබනික දියර පොහොර සම්බන්ධයෙනුත් වන විවේචනාත්මක ප්‍රශ්න කිරීම මෙතෙක් අවසන්ව නොමැත. මේ සම්බන්ධයෙන් පළවන තොරතුරුවල පවතින පරස්පරතා හා අසත්‍ය කරුණු අඩංගුව ඇති බව අප විසින් මීට ඉහතදි පෙන්වා දෙනු ලැබුවේය. (හිතළු ලිවීමේ ගවේශනාත්මක මාධ්‍ය කරණයට අසුවූ පොහොර මා‍ෆියාව)

රථවාහන වැරදි සම්බන්ධයෙන් නිකුත් කරන දඩකොළ අදාළ පුද්ගලයාගේ නිවසට එවීමේ ක්‍රමවේදය පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන බවත් රාජකාරි කරන ස්ථෘනයේ පවතින දුෂ්කරතා සලකා බලා රථවාහන රාජකාරියේ නිරත නිලධාරීන්ට අමතර දීමනාවක් ලබා දීමට කටයුතු කරන බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හා ජාතික රූපවාහිණියේ සේවකයන් වෙනුවෙන් වසර 2ක් පුරා ධාවනයේ යෙදවූ ලංගම බස්රථය, පොලිස් ඇඟිලි සලකුණු අංශයේ පොලිස් පාට් නිසා නවතා ඇතැයි වාර්තා වේ.

ටෙලිවිෂන් සම්මුඛ සාකච්ඡා වැඩසටහන්වලට විචිත්‍ර මානයක් එකතු කරමින්, `OVER THE SHOULDER වෙනස් කතාබහක්` නමින් නව වැඩසටහනක්, ජනවාරි 12 දා සිට සෑම සිකුරාදාවකම රාත්‍රී 7.00 ට විකාශය කිරීමට ස්වාධීන රූපවාහිනිය සූදානම් වෙයි.

අජිත් බංඩාර සහ සිසුන් එක්ව 06 වන වරටත් පවත්වන 'තෙලිතුඩග වසත්සර' චිත්‍ර දැක්ම 2018 ජනවාරි මස 11 වෙනි දින සිට 14 වන දින දක්වා පන්නල නගර ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ' ජනාධිපති බැඳුම්කර කොමිසම් සභා' වාර්තාවේ නිර්දේශයන් හා තොරතුරු සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කිරීමක් කරනු ලැබූවට මීට පෙර ජනාධිපතිවරයා වෙත ලබා දී තිබූ ' බරපතල දූෂණ හා රාජ්‍ය සම්පත් අවභාවිතය කිරීම විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව' විසින් විමර්ශන අවසන් කළ සිදුවීම් 34 ක වාර්තා කිසිවක් සම්බන්ධයෙන් මීක් නොකිව්වේය.

Connet With Us