ජනාධිපතිවරයා වටා සිටින ජීවිතයේ ඇරියස් කවර් කර ගැනීමට නොහැකිවීමෙන් මානසික අවපීඩාවට පත්ව සිටින ගමේ බයියන් ලෙස හැඳින්විය හැකි උපදේශකයන් කිහිපදෙනා ජනාධිපතිවරයාව නොමඟ යැවීමට මීට ප්‍රථමව ද කටයුතු කොට ඇත. මෑතම උදාහරණ ලෙස මයිලො කිරිපැකට්‍ටුවක අතේ තියාගෙන ඉදිරිපත් කළ සෞඛ්‍ය පාඩම. .ග්‍රාම ශක්ති නම් පුස් ආර්ථික වැඩපිලිවෙලක් ප්‍රකාශයට පත් කිරීම, බියර් මිල අඩු කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙමි යන රාජකීය ප්‍රකාශය, බොන අයට ඡන්දය දෙන්න එපා යනුවෙන් කළ අඳෝනාව..යනාදීය හැඳින්විය හැක.
මෙම බැඳුම්කරයේ නිර්දේශයන් ගැනද ජනාධිපතිවරයාව ගොනාට ඇන්ඳවීමක් සිදුකර ඇති බව පැහැදිලිය.
විශ්වකර්ම වැඩේ
එම බැඳුම්කර කොමිසන් සභා වාර්තාව ජනාධිපතිවරයා විසින් අධ්‍යයනය කිරීම හෝ කියවීම හෝ සිදු කළේ නැති බවත් (දින කිහිපයක් ඇතුලත මේ අධ්‍යයනය කළේ නම් එයද විශ්ව කර්ම වැඩකි)
ජනාධිපතිවරයාගේ උපදේශකවරු යැයි කියනු ලබන කිහිප දෙනෙකු එම කොමිසන් සභා නිර්දේශයන් පදනම් කරගෙන මේ මොහොතේදී දේශපාලනික වශයෙන් ජනාධිපතිවරයාගේ පාර්ශ්වය බේරා ගැනීම වෙනුවෙන් හෝ ජනධිපතිවරයාව ගොනාට අන්දවා තමන්ගේ පටු වුවමනාවක් ඉටු කර ගැනීම වෙනුවෙන් හෝ කරුණු විකෘති කර මෙම ප්‍රකාශය නිර්මාණය කර තිබේ. ඒ සනාත කළ හැකි බොහෝ කරුණු මෙහි අඩංගුව තිබේ.
මෙම බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රශ්නය ඇතිවීමට මූලිකම හේතුව වූ 2015 පෙබරවාරි 27 වන දින සිදුවූ බැඳුම්කර ගනුදෙනුවේදී බැඳුම්කර නිකුතු මිලදී ගැනිමට දායක වූ පර්පෙච්චුවල් සමාගමට වැඩි පොලියක් යටතේ එම නිකුතු ලබාදීම සම්බන්ධයෙන් වන ගැටලුවයි.
නමුත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තුල එම ගනු දෙනුව සම්බන්ධයෙන් කොමිසමේ නිර්දේශ ගැන වැඩි මනත් සඳහනක් කර නොමැත."... අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ද, බැංකු නිලධාරින් සහ වෙනත් බාහිර පුද්ගලයින්ගේ ද සහභාගිත්වය හරහා පර්පචුවෙල් ටේරෂරීස් සමාගම විසින් නිත්‍යානුකූල නොවන අන්දමින් මුදල් උපයා ඇති බව මෙහි සදහන් වෙනවා. 2015 පෙබරවාරි මස 27 වන දින පැවත්වූ වෙන්දේසියෙන් පමණක් පර්පචුවල් ටේරෂරීස් සමාගම ලබා ඇති අවම වාසිය රුපියල් මිලියන 688කට වැඩි ප‍්‍රමාණයක් බව සදහන් වෙනවා. මෙම පරීක්ෂණ කාලසීමාව තුළ සොයාගත් තොරතුරු මත මීට වැඩිවීමක් ද සිදුවිය හැකි බව කොමිසන් සභා වාර්තාවේ සදහන් වෙනවා..."
මෙහිදී සිතා මතා 'නිත්‍යානුකූල නොවන' වචනය ජනාධිපතිවරයා ගේ ප්‍රකාශයේ එල්ලා ඇති බව පැහැදිලිය. මන්ද එම ගනු දෙනුව නිත්‍යානූකූල නොවන ආකාරයකින් සිදුවූ බවට කිසිදු සාක්ෂියක් කොමිසම් සභාව ක්‍රියාත්මක වූ කාලයේ ලැබී නොතිබුණු බැවිනි. එසේ වී තිබුණා නම් මේ ප්‍රශ්නය මෙතරම් දුරදිග ඇදගෙන යාමට සිදුවන්නේ නැත.
එමෙන්ම මෙම මිලියන 688 ක ලාබය කියන්නේ අමුතු අයුතු ලාබයක් නොව මුදල් පොලියට ලබා දීමෙන් ලැබෙන ලාබයය, එය 30 වසරකට පසුව එම සමාගමට ලැබෙන ලාබයය.මෙම කරුණම සම්බන්ධයෙන් විගනකාධිපති වාර්තාවේ මීට ඉහල අගයක් සඳහන් කර තිබිණි. දැන් විගනකාධිපතිවරයාත් මේ අනුව බොරුකාරයෙක් වෙනවාද යන්න ගැනද සෙවිය යුතුය.
මෙම ගනුදෙනුව පදනම් කරගෙන පිහිටවූ කොමිසම ඒ හැර වෙනත් අවශේෂ දේ ගැන අවධානය යොමුකිරීම ගැන එම සාක්ෂි විමසීම් කාලයේදීත් පැහැදිලිව පෙනිනි..ඒ අනුව කොමිසම් වාර්තාවේත් ඒ වැල් වටාරම් වලින් පිරී ඇති බවත් උපකල්පනය කළ හැකිය.
මෙම ගනුදෙනුවේදී මහ බැංකුවේ අභ්‍යන්තර තොරතුරු පිට වී ඇත්නම් ..ඒ වරදක් ද ඊට ගත හැකි පියවරයන් මොනවාද ඊට වගකිව යුත්තන් කවුද යන ගැන විශාල පැහැදිලි කිරීමක් විය යුතුව තිබූ නමුත් ජනාධිපතීවරයාගේ දිගු ප්‍රකාශයෙහි ඊට වෙන් කර ඇත්තේ පෙලී කිහිපයක් පමණි. ඒ අනුව බැලු බැල්මට එම ගනුදෙනුව තුල වංචාවක් සිදුව නැති බව හැඟී යයි.
බරපතලම බොරුව
ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ සිදු කර ඇති බරපතලම සාවද්‍ය කරුණ නම් "....පරීක්ෂණයේදී හෙළි වූ තත්ත්වයන් අනුව ද්විතීය වෙළෙදපොළේ ගනුදෙනුවලින් පර්පචුවල් ටේරෂරීස් සමාගම ලබා ඇති වාසිය අවම වශයෙන් මිලියන 11,145 ක් වන අතර ඒ අතරින් සේවක අර්ථසාධක අරමුදල සහ අනෙකුත් රජයේ ආයතනවලට සම්බන්ධ වූ අලාභය රුපියල් මිලියන් 8,529 ක හෙවත් බිලියන් 8.5කට වඩා වැඩිවන බව වාර්තාවේ සදහන් වෙනවා......" යැයි සඳහන් කිරීමය.
මෙම සමාගම විසින් බිලියන 11,145 ක ලාබයක් අත්පත් කරගෙන ඇත්තේ .. ප්‍රශ්නයට තුඩු දුන් පෙබරවාරි 27 වන දින බැඳුම්කර ගනුදෙනුව මඟින් නොවේ. මාස 5 ක පමණ කාලයක් තුල බිලියන හැට හැත්තෑවක ගනුදෙනු සිදු කර අත්පත් කර ගත් ලාබයය. එමෙන්ම ඒ ලාබය වාර්තා කරන්නේ ද්විතීක වෙලඳ පොළ ගනු දෙනුවලිනි. බැඳුම්කර නිකුතු මිලදී ගැනීමේ පසුව එහි උපරීම ලාබය ලැබිය හැකි වන්නේ ද්විතීක වෙළඳ පොළ තුල එය නැවත විකුණා ගැනීම මඟිනි. උපරීම වාසිය ලබා ගැනීමට නම් එම ගනු දෙනු ගැන නියමිත වෙලාවේදී උපරීම පොලියකට එම විකිණීම කිරීම සිදු විය යුතුය. ඊට විශේෂඥ දැනුමක් අවශ්‍යය. මෙය කිසිසේත්ම නීති විරෝධී ව්‍යපාරයක් නොවේ. මහ බැංකුවේ අධික්ෂණය යටෙත් මෙය සිදුවෙයි. රාජ්‍ය අරමුදල් විසින් මෙම බැඳුම්කර නිකුතු මිලදී ගත්තා නම් ඒවා නැවත වෙලඳාම් කර ලාබ ඉපැයීමේ අවස්ථාව තිබේ. මෙය දිගින් දිගටම සිදුවන ක්‍රියාවලියකි. එම ද්විතීක වෙලඳපොල සකසා ඇත්තේ ඒ ක්‍රමවේදය පදනම් කරගෙනය.
දැන දැනම ජනතාව නොමඟ යෑවීමක්
සමාගම උපයා ඇති ලාබය රජය ලබා ගත් 'අලාබයක් ' ලෙස සඳහන් කිරීම මුලුමනින්ම ජනතාව නොමඟ යැවීමකි. ජනාධිපතිවරයා විසින් මෙය අලාබයක් ලෙස ප්‍රකාශයට පත් කළ විට..එය මාධ්‍ය හා තක්කඩි දේශපාලකයන් විසින් එය ' හොරකමක්' ලෙස අර්ථකතනය කර සමාජ ගත කිරීම ඉතා පහසුවෙන් සිදු කරනු ලබයි. .. දැන් පැහැදිලිවම සිදුවෙමින් පවතින්නේ මෙයයි.
එහෙත් සත්‍ය තත්වය නම් ..මෙම ලාබය හොරකමක් බව කොමිසම් වාර්තාවේ සඳහන් බව ජනාධිපතිගේ ප්‍රකාශයේ සඳහන් නැති වීමය. ඊට අනුව කොමිසම කියන්නේ "...සේවක අර්ථසාධක අරමුදලේ මුදල් අවභාවිතයක් සිදුව ඇති බවත්, නියම මුදල් ප‍්‍රමාණය සොයා ගැනීම සදහා වෝහාරික විගණනයක් හා පරීක්ෂණයක් පැවැත්විය යුතු බව සදහන් වෙනවා...." බවය. ඒ කියන්නේ විගණනයක් කරනකම් වැඩේ ෂුවර් නැති බවය.
එමෙන්ම මේ මිලියන් 11 145න් එම සමාගම රජයට සම්බන්ධ අරමුදල් හා ගනුදෙනු කර උපයාගෙන ඇත්තේ මිලියන 8529 ක ප්‍රමාණයකි..ජනාධිපතිවරයාට අනුව රජයේ අලාබය එම මුදලය..එහෙත් දැන් මාධ්‍ය හා විරුද්ධවාදීන් විසින් ප්‍රකාශ කරන්නේ බිලියන් 11 ක් රජයට පාඩු කර ඇති බවය... ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සකස් කළ උපදේශකයන්ට අවශ්‍ය වූයේ ද මෙම බොරුව සමාජ ගත කිරීමටය.
නැවත ගැනීමේ වීරයා
එමෙන්ම ද්විතීක වෙළඳ පොලෙ වෙලඳාම කිරීමෙන් එම සමාගම අත්පත් කරගත් ලාබය රජයට වූ අලාබයක් ලෙස සඳහන් කරමින් ගොඩනගන විකෘති සහගත මතයට අමතරව එම මුදල් නැවත රජයට අත්පත් කර ගන්නා බවට විකාර සහගත ප්‍රකාශයක්ද ජනාධිපතිවරයා ලවා කියවා ඔහුව සමාජය හමුවෙ වීරයකු කිරීමේ තැතක්ද මේ ප්‍රකාශය තුල තිබේ.
"....සිදුවී ඇති අලාභය වන රුපියල් මිලියන 11,145 කට වැඩි මුදල් ප‍්‍රමාණය නැවත අය කර ගැනීමටත්, වැරදිකරුවන්ට දඩුවම් පැමිණවීම සදහා නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමටත් කිසිසේත් මම පසුබට නොවන බව මෙහිදී විශේෂයෙන් සදහන් කළ යුතුයි....සාමාන්‍යයෙන් අදාළ මුදල් අයකර ගැනීම් සිවිල් නීති කෘත්‍යයන් මගින් ඉටුකරගත හැකියි. එහෙත් එය කල්ගතවන කි‍්‍රයාමාර්ගයක්. විකල්පයක් ලෙස මෙම මුදල් අය කර ගැනීමට පාර්ලිමේන්තුවේ පනතක් ඉදිරිපත් කර පාර්ලිමේන්තු සම්මතයෙන් පසු වේගවත්ව අදාළ මුදල් අය කර ගැනීමේ හැකියාවක් ඇති බව කොමිසම යෝජනා කර තිබෙනවා...."
නීති නොමැති නම් ඒ වරදක් නොවේ
රටේ පවතින නීතිමය ප්‍රතිපාදනවල වරදක් ලෙස හඳුන්වා නැති කිසිවක් නීතිය හමුවේ වරදක් වන්නෙ නැත....බැඳුම්කරය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ගනනාවක් නීතිමය ප්‍රතිපාදන අනුව වරදවල් නොවේ..නිත්‍යානුකූල ක්‍රමවේදයක් අනුව ගෙවනු ලැබු මුදල් අය කරගැනිම සම්බන්ධයෙන් වූවද මෙරට නීති පද්ධතිය දුර්වලය..එසේ කියා අලුතෙන් නීති පනවා පැරණි ගනුදෙනුවලට අදාල මුදල් නැවත අය කර ගැනීම සිදු කිරීම නිත්‍යානුකූල පියවරක් වන්නෙ නැත. මන්ද අතීතයට බලපාන පරිදි නීති සකස් කිරීම සිදු නොකළ යුතු බවට වන ජාත්‍යන්තර සම්මුතිය ශ්‍රී ලංකාවද පිලිගන්නා බැවිනි. ඇතැම් විට කොමිසම යෝජනා කරනවා ඇත්තේ මින් ඉදිරියට විය හැකි වැරදි වලක්වා ගැනීම ගැන වියයුතුයි. මේ නිසා ජනාධිපතිවරයගේ බොළඳ කතා මෙන්ම මෙම බිලියන් 11 අලාබ කතාවද ජනාධිපතිවරයාව බුද්ධිමත් ජනතාව හමුවේ ගොනාට ඇන්දවීමකි.
ඒ බව ජනාධිපතිවරයා නොදන්නවාට සැක නැත.. මන්ද මෙවැනි අත්දැකීම් රැසකට මීට පෙරද ජනාධිපතිවරයා මුහුණ දී ඇති බැවිනි...ඒවා ඔහුට ගානක් නැත. ...මන්ද ඔහු හිතන්නේ පතන්නේ ඉගෙන ගත් දැන උගත් විශ්වාස කරන චින්නතනය අනුව වීමය.
නඩු නැතිව මඩ පමණක් ඇතිවීම
කොහොම නමුත් මෙම කොමිසම් සභා නිර්දේශ යනු අධිකරණ තීන්දුවක් නොවේ. යම් තොරතුරු විමසුමක් අනුව , නඩු විභාගයකින් තොරව විනිසුරුවරු විසින් බැලු බැල්මට පෙනෙන තත්වයන් ගැන කළ නිර්දේශයන් කිහිපයක් පමණි. වරදක් හෝ වරදකරුවන් හෝ නිශ්චිතවම ප්‍රකාශයට පත් කිරීමට නම් මේ සම්බධයෙන් අධිකරණය හමුවේ නඩු පවරා විභාග කිරීමෙන් පසුව තීන්දුවක් ලබා දිය යුතුය. එහෙත් හැකි ඉක්මනින් මේ ගැටලුව අධිකරණය හමුවට පත් කරන්නෙ නම් මේ නඩත්තු කරන බොරුව හෙළිදරව්වීම ඉක්මනින් සිදුවනු ඇත.
නමුත් එවැන්නක් සිදුවීමේ සම්භාවිතාව ඉතා අඩුය. සමහර විට දේශපාලන තක්කඩිකම් වලට , මේ කොමිසම් සභා වාර්තාව ප්‍රමාණවත් විය හැකිය. එය ඕනෑ ඕනෑ විදිහට අර්තකතනය කළ හැකි තොරතුරු පවතින නිසා කොමිසන් වාර්තාව අල්ලාගෙන දිගින් දිගටම අනෙක් පාර්ශ්වට අවලාද නැඟීමේ හැකියාවක් තිබේ.