ගොඨා මෛත්‍රී යාළුකම ගැන ඉසුර කියන්නෙ ඇත්තද? මෛත්‍රී දැන් උත්තර දිය යුතුයි Featured

Published in පුවත්
Friday, 12 January 2018 13:23

මිනිස් ඝාතන අපරාධ හා මුල්‍ය අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන හිටපු ආරක්ෂක ලේකම් වරයා වන ගොඨාබය රාජපක්ෂව එම චෝදනා වලින් නිදහස් කර ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉතා දැනුවත්ව කටයුතු කරමින් සිටින බව බස්නාහිර පාළාත් මහ ඇමැති ඉසුර දේශප්‍රිය විසින් ඊයේ කළ ප්‍රකාශයකින් පැහැදිලි වී තිබේ.

මෙය ඔහුගේ කට වැරදිමක් නිසා සිදුවූවක් බවට දේශපාලන විචාරකයින් හා රාජපක්ෂලාට පක්ෂපාත වෙබ් අඩවි මඟින් ප්‍රචාරයක් ගෙන ගියද මෙම ගොඨා + මෛත්‍රී මිත්‍රත්වය හෙළිදරව් කිරීම ජනාධිපතිවරයාගේ අනුදැනුම මත සිදුව තිබෙන බව දැනගැනීමට තිබේ.

ඉසුර දේශප්‍රිය යනු ජනාධිපතිවරයාගේ දේශපාලන වුවමනාවන් ප්‍රකාශයට පත් කරන මෛත්‍රීගේ ලව්ඩ්ස්පීකරේ බඳු තැනැත්තාය. සතිපතා ඔහුගෙ මූලිකත්වයෙන් වන මාධ්‍ය සාකච්ඡා සංවිධානය කෙරෙන්නේද ඒ අනුවය.

ශ්‍රීලනිපයේ මහින්ද පාර්ශ්වයේ මීළඟ නායකයා ලෙස ගොඨාබය රාජපක්ෂව කරලියට ගෙන ඒම , ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ වුවමනාව වී ඇති අතර ඒ වෙනුවෙන් මේ දෙදෙනා සමීපතම හිතවතුන් බවත් ගෝඨාට එරෙහිව ඇති චෝදනාවලින් ඔහුව බේරාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවට මතය ප්‍රචාරය කිරීමත් ඒ අනුව සිදුවෙමින් තිබේ. නමුත් ගෝඨා සහ ඔහුගේ වියත් මඟ සංවිධානය පැහැදිලිවම මෙවර මැතිවරණයේදී පොහොට්‍ටුවට සහය පළ කරන බව පසුගියදා ප්‍රකාශයට පත් කර සිටියේය.

මීට පෙර අවස්ථාවක ද ගොඨාව අත් අඩංගුවට ගැනිමට පොලිසිය ගත් උත්සාහය ජනාධිපතිවරයා විසින් වැලැක්වූ අතර එම ක්‍රියාදාමය දැඩිව දෝශාරෝපනයට ලක් කළේය. එමෙන්ම මේ වන විට ගොඨාට එරෙහිව තිබෙන චෝදනා සම්බන්ධයෙන් ඔහුව අත් අඩංගුවට ගැනීම නීතිය අනුව සිදු විය යුතු නමුත් ඒ මඟ හැරීමට පොලීසියට සිදුව ඇත්තේද මෙම දේශපාලන බලපෑම මත බව පොලිස් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ගෝඨා සම්බන්ධයෙන් ඉසුර දේවප්‍රිය ඊයේ (11) ප්‍රසිද්ධියේ සිදුකළ ප්‍රකාශය මඟින් මැතිවරණයක් කැඳවා ඇති මේ මොහොතේ ගෝඨාට රටින් පිටව සිටින ලෙස දැනුම් දුන්නේ ජනාධිපතිවරයා යැයි ඔහු පැවැසීය.

සිරගත කිරීම සදහා රාජපක්‍ෂ පවුලේ ඇතැමුන් විසින් විසින් කුමන්ත්‍රණයක් කළ බවත්, මේ බව දැනගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ සම්බන්ධයෙන් ගෝඨා දැනුවත් කළ බවත්, ඒ අනුව ඔහු වහාම රටින් පිටවූ බවත් ඉසුර දේවප්‍රිය එහිදී කියා සිටියේය.

එමගින් රාජපක්ෂ පවුල ඇතැමුන් උත්සාහ කරනු ලැබුවේ ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අපකීර්තියට පත් කිරීමට බවද ඔහු සදහන් කළේය.

කොහොම නමුත් මෙමඟින් රාජපක්ෂ පවුලේ ගැ‍ටුම්කාරිත්වයක් තිබෙන බවත් .එහිදී ගොඨා ඉන්නේ මෛත්‍රී සමඟ බවටත් යනුවෙන් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගැනීමට ගත් උත්සාහය නිසා..අපරාධකරුවකු ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා පැහැදිලිවම මැදිහත්ව ඇති බව වසන් කිරීමට නොහැකි වී තිබේ.
මේ නිසා ඉසුර විසින් සිදු කළ ප්‍රකාශය ගැන දැන් ජනාධිපතිවරයා තමන්ගේ ස්ථාවරය ගැන ජනතාව හමුවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතුය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us