හොඳ වෙලාවට අධිකරණය දැන් ස්වාධීනයි... Featured

Published in පුවත්
Monday, 15 January 2018 12:01

රාජ්‍ය පාලකයා තමන්ගේ බල ලෝබී ව්‍යාපෘතිය සාධාරණීයකරණය කර ගැනීමට සහතිකයක් කොට ගන්නෙ අධිකරණ තීන්දුවය. තමට අවශ්‍ය ලෙස ඊට විනිසුරුවරුන් පත් කිරීම හා තමන්ට අවශ්‍ය තීන්දුව ඔවුන් ලවා ලියවා ගැනීමේ ඉතිහාසයක් මේ ලංකාවේ අපටද තිබේ...

ඊට එරෙහි වූ විට තනතුරු වලින් එලවා දැමීම ගැන මහින්ද රාජපක්ෂ යුගයේ ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු වරියව ඉවත් කිරීම උදාහරණයකට ගත හැක. ඒ වකවානුවේ ජීවිත තර්ජන හේතුවෙන් රටෙන් පලාගිය විනිසුරුවරුන්ද සිටියහ. තවත් අගවිනිසුරුවරයෙක් වූ සරත් නන්ද සිල්වා තමන්ගේ මිතුරු කමට හෙල්පින් හම්බන්තොට හොරා බේරා ගත් හැටි ප්‍රසිද්ධියේ කීමට තරම් නිර්ලජ්ජිත විය..නීතිය අධිකරණය බල්ලටම ගොස් තිබූ රාජපක්ෂ යුගය පෙරලා දැමීමට එජාපයත් ජවිපෙත් දෙමළ සංධානය මුස්ලිම් පක්ෂ හා අනෙකුත් ප්‍රගතිශීලී කොටස් එක් වී ගත් යොධ පියවරෙහි ප්‍රතිලාබයක් ලෙස අපට ස්වාධීන අධිකරණ පද්ධතුයක් යළි ලැබී තිබේ.. ඊට විධායක ජනාධිපතිවරයාට හෝ ඇගිලි ගැසීමට නොහැකි වන සේ එය ශක්තිමත් කර තිබේ..

එසේ නොවන්නට ජනාධිපතිවරයා තවත් වැඩිපුර වසරක් ධුරයේ රැඳී සිටීමට ගත් බල ලෝබී උත්සාහය පරාජයට පත් වන්නෙ නැත. මෙය ප්‍රජාතන්ත්‍රවාද නීතියේ යහපාලනය පිලිගන්නා ප්‍රගතිශීලි මිනිසුන් ලැබූ ජයග්‍රහණයකි.

එසේම මෙමඟින් හෙළිදරව් වන අනෙක් කරුණක්ද තිබේ.. ඒ බලලොබී දේශපාලකයා කවුරුන්ද යන වගය. ඒ පැන නගින්නේ කොතනින්ද යන බව විමසා බැලිය යුතුව තිබේ.. ගොබ්බ ගෝත්‍රික මතවාද ආකල්ප සමඟ රටේ දේශපාලනය කරන්න යන දේශපාලන පක්ෂ තුලින් පැන නැගෙන මේ බලලොබී ආසාව නිසා රටට තවදුරටත් විය හැකි අනතුරු වැලැක්වීමට නම් මේ වහා පරාජය කළ යුතුව තිබේ.. නුතනවාදී නිදහස් චින්තනයක් සහිත ශිෂ්ඨ සම්පන්න මිනිසුන් මේ රටේ ආණ්ඩුකරණයට පත් විය යුතුය..ගෝත්‍රිකයන් පන්නා දැමිය යුතුය. ඒ අනුව මේ අධිකරණ තීන්දුව ඒ ඓතිහාසික කාර්යබාරයේ වෙනුවෙන් ඉතා හොඳ උත්තෙජනයකි.

බල උන්මාද වැලඳී රාජ්‍ය පාලනය කරන්න යෑම නිසා සදාකාලික ජයග්‍රහණය අත්පත්කර ගත් පාලකයෝ ලෝකයේ කිසිත් නොසිටියහ. මිනිස්සු විසින් ඒ සියලු පාලයකයන් ගල් ගසා පන්නා දැමූහ. ලංකාවේ දේශපාලන ඉතිහාසයට මේවා අලුත් දේවල් නොවේ.

දැන් එහි අලුත්ම සාම්පලය පෙන්වන්නට ලක ලැහැස්ති වෙමින් සිටින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. තමන්ගේ ධුරකාලය තවත් වසරකින් වැඩි කර ගන්නට දැරු තැත ඔහුට වැරදී ගියේය.. මේ ඔහුගේ පරාජයේ සොහොන් ලකුණක් විය හැකිය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us