අගමැතිගේ අභියෝගය ජනපති බාර ගනියිද? නැත්නම් නැට්ට දෙපරැන්දේ ගහ ගනියිද?

Published in පුවත්
Friday, 16 February 2018 18:16

අගමැති රනිල් වික්‍රමසිංහ අද සවස පැවැති මාධ්‍ය හමුවේදී තමන් අගමැතිධුරයෙන් ඉවත් නොවන බවත් ආණ්ඩුව මෙලෙසම පවත්වාගෙන යන බවත් කීවේය.

මේ සිදු කරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අභියෝගයකි. ජනාධිපතිවරයා හා කිලී මහරාජා ඇතුලු නඩය උත්සහ කරමින් සිටියේ ආණ්ඩුවට මොක උනත් අගමැතිවරයා ධුරයෙන් පමණක් නොව එජාප නායකත්වයෙන්ද ඉවත් කිරීමටය.

මීට සතියකට දෙකකට පෙරත් ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂලාගේ හොරකම් ගැනත් දෙන දඬුවම් ගැනත් දැඩි ප්‍රකාශ කළ අතර එම කණ්ඩායම සමඟ තමා කිසිසෙත්ම ආණ්ඩු පිහි‍ටුවන්නේ නැති බවත් කීවේය.එහෙත් මේ වන විට තමන්ගේ දේශපාලන කොන්ද ‍රැක ගැනිමට මහින්ද රාජපක්ෂ පාමුල ඇද වැටීමට ජනාධිපතිවරයාට සිදුව තිබේ.

කෙසේ නමුත් එජාපයේ රනිල්ව ඉවත් කිරීමේ , කිලි මහරාජා මෙහෙයුම තව දුරටත් ක්‍රියත්මක වෙමින් පවතින අතර. ජනාධිපතිවරයාට මහින්ද රාජපක්ෂගේ කොන්දේසි වලට යටත්ව ආණ්ඩුවක් පිහි‍ටුවීමට සිදුව ඇත්තේට කිලී මහරාජාගේ උගුලට ඔහු හසුව සිටින නිසා බවද පැවැසේ. ජනධිපති මෛත්‍රීපාල සිරිසේන හා සමඟ ශ්‍රීලනිප ආණ්ඩුවක් වෙනුවෙන් ඒකාබද්ධ විපකය එකතු වන්නේ . නාමල් රාජපක්ෂට සහ යොෂිත රාජපක්ෂට ඇති අපරාධ නඩුවලින් නිදහස් කරන්නෙ නම් පමණක් බව ජනාධිපතිවරයාට මේ වන විට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිරිස පවසා ඇත.

මීට දින කිහිපයකට පෙරද නාමල් විමල් වාසු වෙල්ගම හා ගම්මන්පිල ජනාධිපතිවරයාව මුණ ගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන බවද දැන ගැනීමට තිබේ.

කෙසේ නමුත් ඉදිරි පාර්ලිමේන්තු වාරයේදී අගමැතිධුරය සම්බන්ධයෙන් තීරණයක් තුනෙන් දෙකේ ඡන්දයෙන් මිස වෙනයම් ආකාරයකින් ලබා ගැනීමේ හැකියාවක් නොමැත.

Last modified on Friday, 16 February 2018 18:39

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us