ආණ්ඩු වෙනසක් නෑ...එජාපයම තමා. ජනපතිට දෝෂාභියෝගයක අනතුරක්

Published in පුවත්
Thursday, 15 February 2018 12:50

නව ආණ්ඩුවක් පත් කර ගැනීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , සහ කිලී මහරාජා හා ජනාධිපති උපදේශකයො ටික පසුගිය දින කිහිපයේදී කෙතරම් වලිකෑවද ඒ සියලු කුමන්ත්‍රණ මේ වන විට එළිදරව් වී අවසන් වී ඇත.

මේ අනුව එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් යුතු ජාතික ආණ්ඩුව සුපුරුදු ලෙසම ඉදිරියටත් පවතිනු ඇත. එහෙත් පක්ෂයේ ප්‍රතිසංවිධානයක් කිහිපයක් සිදු වනු ඇති අතර. ඊට පක්ෂයේ පාර්ලිමෙන්තු කණ්ඩායමේ සහය මේවන විට ලැබී තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකුගේද සහය ආණ්ඩුවට හිමිවනු ඇතැයි පැවසේ. මහින්ද රාජපක්ෂ කණ්ඩායමට මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව මුලුමනින්ම දේශපාලනික වශයෙන් විනාශ කර දැමීම වන නිසා. මේ මොහොතේ මෛත්‍රීපාර්ශවයේ සියලු දේශපාලන සම්බන්ධතා අවුල් වියවුල් කරමින් සිටී.

මේ අතර එජාප ආණ්ඩුවට එක්වන ශ්‍රීලනීප මන්ත්‍රීන්ට ඇමැතිකම් ලබා ගැනීමට ඉඩ නොදෙන බවට ජනාධිපතිවරයා සිදු කර ඇති ප්‍රකාශය ඉතා සාහසික කුහක ප්‍රකාශයක් බව ශ්‍රීලනීප ජේෂ්ඨයකු අප හා පැවසීය.

ජනාධිපතිවරයා දැන් සිටින්නේ පරාජය දරා ගැනීමට නොහැකිවීමේ දැඩි මානසික ආතතියක බවත් මේ නිසා තමන්ගේ ග්‍රාම්‍ය කුප්පකම් එළියට පනිමින් තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා තව දුරටත් පිස්සු කෙලියොත් ඔහුට එරෙහි ශ්‍රීලනීපයේ මූලිකත්වයෙන්ම දෝෂාභියෝගයක් ඉදිරිපත් විය හැකි බවත් ඔහු අනතුරු හඟවයි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us