ප්‍රශ්නේ තියෙන්නේ සමාජ ජාලාවල නෙවෙයි? ..83 මතක නම්...

Published in පුවත්
Wednesday, 07 March 2018 15:40

මහනුවර කේන්ද්‍ර කරගෙන සිංහල බෞද්ධ ජාතිවාදීන් ආරම්බ කළ ප්‍රහාරය නිසා ඇතිව තිබෙන කළඹගෑනිය පාලනය කිරීමට ආණ්ඩුව ගත් දැනෙන පියවර වූයේ සමාජ ජාලා අවහිර කිරීමය. ආණ්ඩුවේ ඇත්තෝ හෝ මේ මෝඩ තීන්දුව ගත් අය හිතන් ඉන්නේ මේ ජාතිවාදි කෝළහලය තිබෙන්නේ සමාජ ජාලා තුල බවය.

සමාජ ජාලා මාධ්‍ය මෙහෙයුම නිසා බලයට පත් වූවා යැයි කියන මේ ආණ්ඩුව පසුගිය කාලයේ තීන්දු තීරන ගත්තෙත් මේ සමාජ ජාල වල පලවන අදහස් අනුව බවද පෙනෙන්ට තිබිණි. අද ආණ්ඩුවට රට ගැන, දේශපාලන උපදෙස් දෙන්නට වී තිබෙනේද මේ සමාජජාලා ක්‍රියාකාරීන්ටය. අද රටේ සමාජ ප්‍රශ්න ගැන රාජ්‍ය මාධ්‍ය තුලට වී ඒ ගැන වඩා සාධනීය සාකච්ඡවලට සහභාගී වන්නට සිදුව තිබෙන්නේද මේ සමාජ ජාලා ක්‍රියාකාරින්ටය.

ඒ නිසා ජාතිවාදී ප්‍රශ්නයත් සමාජ ජලාවලම ප්‍රශ්නයක් බව ආණ්ඩුව කල්පනා කිරීමද එක අතකින් වැරදි නැත.

එක කොහොම වුණත් 1983 රටපුර ඇවිල ගිය ජාතිවාදී කෝලහලය ඇති වූයේ සමාජ ජාලා ගැන තබා අන්තර්ජාලය ගැන අසාවත් නැති යුගයකය. ඒ තනිකරම කටකතා විසින් ඇතිකරලූ තත්වයකි.

ඒක ගැන මතයක් තිබුණෙ නම් සිහි බුද්ධියක් ඇති අයෙක් මේ සමාජ ජාලා තහංචිය දමන්නෙ නැත.

අනෙක් කාරණය සමාජ ජාලා කියන්නේ ජාතීවාදීන්ගේ ආගම්වාදින් ගේ හෝ වෙනත් නරුමයන්ගේ මාධ්‍ය පමණක් නොවන බව නොදන්නා කමය. මේ කාලකන්නි මතවාදයන්ට එරෙහිව දැඩිම බලපෑම එල්ල කරන්නේද මේ සමාජ ජාලා වල ක්‍රියාකාරී බුද්ධිමත් තරුණ තරුණියන්ය. අද මේ තරමින් හෝ රට රැකී තිබෙන්නේ ඒ තරුණ තරුණියන්ගේ මැදිහත් වීමෙන්ය. යහපාලනය ආරක්ෂා වී ඇත්තේ ඔවුන් නිසාය.
ආණ්ඩුව සමාජ ජලා වසා දැමීමෙන් සිදු වූයේ ඒ ප්‍රගතිශීලී මතයද මර්දනය කිරීමකි.

මහින්ද රාජපක්ෂ යුගයේදී විෂ බීජයක් ලෙස පතුරුවා හැරි ජාතිවාදී වෛරසය විනාශ කර දමන්නට වත්මන් යහපාලනය කිසිදු සාධනීය පියවරක් ගෙන තිබුනේ නැත. මහ පොළොවේ තිබුණු ඇත්ත ප්‍රශ්නය විසැඳීම කාලයට බාර දී බලා සිටියේය. එහෙත් ඒ විෂ බීජය පතුරුවන්නට ද නිදැල්ලේ පසු වීමට ඉඩ හැරිණි.

එපමණක් නොවේ... ජනාධිපතිවරයා බොහොම දැනුවත්වම මේ මහින්දට වඩා ජාතිවාදියෙක් වීමට උත්සහ ගත් ආකාරයද දකින්නට ලැබිණි. මහින්දවත් ඒ චින්තනයවත් ඔහු බැහැර කළේ නැත. අගමැතිවරයා හිතුවේ රාජපක්ෂලාව පරාජය කිරීමෙන් පසුව ජාතිවාදයත් පරාජය වූ බවය. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුවද ජාතිවාදයේ අනතුර ගැන පැහැදිලි ලකුණු මතු වූවද ..කිසි ප්‍රශ්නයක් නෑ ජනවාරි 08 මහජන මතය එලෙසම තිබෙනවා.. යැයි කියමි තමන්ව රවටාගෙන බුදිය ගත්තේය.

ඇත්ත ප්‍රශ්න විසැඳීමට ගෙවුණු වසර 3 තුල කිසිදු පියවරක් ගත්තේ නැතැයි කීම වඩා සාධාරණය. වේදිකා මත සිට ජාතිවාදය පට්ට ගැසුවාට වැඩක් නැති බව නිරන්තරයෙන් මේ ප්‍රශ්නය ගැන කත කරන මංගල සමරවීරටද දැන් අවබෝධ විය යුතුය. මාධ්‍යයේ ද දේශපාලන ගේම්වලද කෙරුම් කාරයෙක් යැයි ප්‍රචලිත නමුත් ඔහු අසමත් බව මේ පසුගිය වසර 3 දී පැහැදිලි විය.

කොහොම නමුත් තව දුරටත් ගොං තකතීරු කතන්දර නොදොඩා ඇත්ත ප්‍රශ්නයට මුහුණ දීමට ආණ්ඩුව සුදානම් විය යුතුය. එසේ නොවුණහොත් අති දැවන්ත විනාශයක් අත ලඟය.


දැන් මේ මොහොතේ වඩා භයානක වන්නේ වැරදි මතයට එරෙහිව , නිවැරදි මතය සමාජ ගත නොවී. බොරු කටකතා පැතිර යාමය. ඒවාට ප්‍රති උත්තර දෙන්නට ක්‍රමයක් නැත. කඩු පොලු මුගුරු රැගත් ජාතිවාදී ප්‍රකාශකයාව කටවචනයෙන් නැවැත්විය හැකි නොවේ.


සමාජ ජාලා අවහිර කිරීම ගැන වෙබ් මාධ්‍ය වේදින්ගේ සංගමයේ කැඳවුම් කරු කළ ප්‍රකාශයක් පහත දැක්වේ.

“ FB වැසීමෙන් ආණ්ඩුවේ බැරිකම ප්‍රදර්ශනය වුණා"

ප්‍රකෝපකාරී ප්‍රකාශ බෙදාහැරීම වැලැක්වීමට යැයි කියමින් ෆේස්බුක් ඇතුළු සමාජ ජාල පිවිසුම් අවහිර කිරීමෙන් ආණ්ඩුවට සැබෑ ප්‍රශ්නය විසඳා ගැනීමට ඇති නොහැකියාව ප්‍රදර්ශනය කරන බව වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ෆ්‍රෙඩී ගමගේ මහතා කියයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීකදී ඔහු මේ බව කියා සිටියේ.

පොලිසිය, බුද්ධි අංශය හා රජයේ අනෙකුත් අංශවල ඇති අකර්මන්‍ය බව වසා ගැනීමට සමාජ මාධ්‍ය ජාල දඩයම අනුමත කළ නොහැකි බවද ඔහු සඳහන් කළේය.

සමාජ ජාල තුළ ජාතිවාදය වපුරන්නන් කොටුකර ගැනීමට තාක්ෂණික විධික්‍රම ඇති බවත්, එම උපක්‍රම රජයේ බුද්ධි අංශ සතුබව අප දන්නා බවත්, එසේ අදාළ විෂ වපුරන්න් කොටුකර ගැනීමට කෙටි මඟවල් තිබියදී මෙය යම් දීර්ඝ කාලීන මාධ්‍ය දඩයමක ආරම්භයක් දැයි සැක සහිත බවද ඔහු කීය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් ඉදිරියේ නිකුත් කරන බවද ඔහු සඳහන් කළේය.

මේ වැඩෙන් රෙදි ගැලවුණේ ආණ්ඩුවේ සෝෂල් මීඩියා නඩයෙයි !

පසුගිය පාලන සමයේදී පත්තර හා විද්‍යුත් මාධ්‍ය බියගුළු මාධ්‍ය කලාවක යෙදෙද්දී පැවැතුණු ආණ්ඩුව වෙනස්කරමින් යහ පාලන ආණ්ඩුවක් රැගෙන ආවේ පැවැති මාධ්‍ය නිදහසටත් වඩා සුභවාදී නිදහසක් බලා පොරොත්තුවෙන් බවත්, රාජපක්ෂ රෙජීමය සිය අවුරුදු 10ට ම නොකළ සමාජ ජාල වාරණය යහපාලන ආණ්ඩුව වසර තුනක පමණ කෙටිකාලයකදී ක්‍රියාවට නැංවීම කිසිසේත්ම අනුමත නොකරණ බව වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් කැළුම් ශිවන්ත මහතා පැවසීය.

පසුගිය කාලයේ ආණ්ඩු තැනීමට මෙන්ම ආණ්ඩු පෙරළීමට ද සමාජ මාධ්‍ය හවුල්වූ අබව කී ඔහු රජයේ සමාජ මාධ්‍යවලට අදාළ ප්‍රශ්නය සම්බන්ධයෙන් මතයක් ගොඩ නැගීමට ඇති නොහැකියාවද මින් ඔප්පු වන බව ඔහු කියා සිටියේය.

ඇත්තටම මේ වැඩෙන් රෙදි ගැලවුණේ ආණ්ඩුවේ සෝෂල් මීඩියා නඩයේ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ජාතිවාදයට මෙන්ම ජාතිවාදය ඇවිස්සීම සම්බන්ධ පුවත් වලටද සිය සංගමයේ වෙබ් අඩවි දැඩිව විරෝධය දක්වන බවත්, පසුගිය කාලයේදී සිය සංගමය කටයුතු කරනු ලැබුවේ ජාතීන් අතර සංහිඳියාව හා සහයෝගය වර්ධනය කිරීමේ එකඟතා රාමුවක බවද කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us