ජාතිවාදී ගැ‍ටුම් පැතිරවීමට පොලීසියේ සහය ලැබිලා !

Published in පුවත්
Tuesday, 06 March 2018 13:09

තෙල්දෙණිය, දිගන ප්‍රදේශ මුලික කරගෙන පැතිර ගිය සිංහල ජාතිවාදී ප්‍රහාරවලට පොලිසියේ සහය ලැබී තිබෙන බවට මේවන විට තොරතුරු හෙළිව පවතින බව තතු දත් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

වලක්වා ගත හැකිව තිබු ජාතිවාදි ගැ‍ටුමක් මහනුවර දිස්ත්‍රික්කය පුරා පැතිරයාමට සිදුව තිබෙන්නේ පොලිසිය ඒ සම්බන්ධයෙන් නිද්‍රාශිලීව කටයුතු කිරීම නිසා බවත් මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිංහල ජනතාව ප්‍රොකෝප කරවීම සඳහා ඇතැම් නිලධාරීන් උත්සුක වී ඇති බවටත් තොරතුරු හෙළිව තිබේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ලැබී තිබෙන තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මේ වන විට පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරමින් තිබේ.

සිංහල ජාතිවාදී ප්‍රචණ්ඩකාරීන් ගල් මුගුරු රැගෙන ගැ‍ටුමකට සූදනමින් සිටින බව දැන දැනම ඒ විසුරුවා නොහැර සිටිනු දකින්නට ලැබුණු බව එම ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි. එමෙන්ම ප්‍රදේශයේ ගැ‍ටුම් ඇති කිරීම සඳහා පිටස්තර පුද්ගලයන් විශාල වශයෙන් පැමිණ තිබූ බවත් මෙය සංවිධානාත්මකව සිදු කළ වැඩක් බවත් හැඟීයන බවත් ඔවුන් පෙන්වා දෙයි. ඇතැම් චීවරධාරීයෙක් මෙම ගැටුම් ඇති කිරීමට සහය වූ බව ද ඔවුන් පවසයි. උපන් දා පටන් සහොදරත්වයෙන් විසු සිංහල දෙමළ හා මුස්ලිම් ප්‍රජාව දැන් විරසක කර ඇති බවත් යළි මේ සියලු දෙනාගේ හොඳ හිත ඇතිකර ගැනීමකින් තොරව මෙම ප්‍රදේශයේ සිටින සිංහල ජාතිකයන්ටත් ජීවත් වීම ප්‍රශ්නයක් බවත් ප්‍රදේශවාසියෙකු අප හා පැවසීය.

මේ වන විට මෙම ජාතිවාදීන් විසින් ගිනිබත් කොට තිබූ නිවසක තිබී මුස්ලිම් තරුණයකුගේ මළ සිරුරක්ද අද උදෑසන සොයාගෙන තිබෙන බවද වාර්තාවේ.

 

සැබැඳි පුවත් -

රාජ්‍ය බුද්ධි අංශ බුදි ද ?

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us