අගමැති විශ්වාසභංගය - ආඬි 7 දෙනාගේ කැඳ හැළිය වගෙයි

Published in පුවත්
Tuesday, 06 March 2018 07:56

ශ්‍රී ලංකා නිදහස් පකෂයේ කොටසක්ද එජාපයේ කොටසකද රාජපක්ෂ කල්ලියද අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙන එන බව කීවද මේ වන විට ඒ කිසිවකුත් ඊට සූදානම් නැති බව පෙනීයයි. අනෙක් පාර්ශ්වයකින් ගෙන එනවා නම් සහය දෙනවා කියමින් මේ සියළු පාර්ශ්ව කටයුතු කරමින් සිටී.

ඒ අනුව අද ගෙන එනවා යැයි කියන විශ්වාසභංග යොජනාව කිසිවකු හො ඉදිරිපත් කළ ද ඊට සුළුතරයකවත් සහය අහිමි වන තත්වයක් පෙනෙන්නට තිබේ.

මේ අතර එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන එන්නේ නැතැයි මේ යෝජනාව ගෙන එන ලබන්නෙක් ලෙස මාධ්‍ය විසින් හැඳින් වූ විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක දිවයින පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන එනවානම් ඊට සහාය දීම හෝ නොදීම පිළිබඳ තීරණය කරනුයේ එහි ඇතුළත් කරුණු පිළිබඳ අවධානය යොමු කළ පසුව බවද සේනානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එමෙන්ම වෙනත් පාර්ශවයක්‌ විසින් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ආවොත් ඊට සහය දීම පිළිබඳ තම පක්‍ෂයේ කණ්‌ඩායම සමග සාකච්ඡා කළ යුතු බවද හෙතෙම පැවසුවේය.

එසේම ඒකාබද්ධ විපක්‍ෂය විසින් අද (06 දා) දවස ඇතුළත අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක්‌ පාර්ලිමේන්තුවේදී කථානායකවරයා වෙත භාරදීමට තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

යම් හෙයකින් එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කණ්‌ඩායම අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ අද ඉදිරිපත් කරන්නේ නම් එහි අඩංගු කරුණු සලකා බලා ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ද ඊට අත්සන් තබන බව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී රංජිත් සොයිසා ඊයේ (05 දා) ප්‍රකාශ කරයි.
දැනටමත් තම විශ්වාසභංග යෝජනාව සඳහා ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් තිහකට අධික සංඛ්‍යාවකගේ අත්සන් ලැබී ඇතැයි පැවසූ රංජිත් සොයිසා මහතා මේ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා මහින්ද රාජපක්‍ෂ ප්‍රධානත්වයෙන් අද උදෑසන සාකච්ඡා කර තීරණයක් ගන්නා බව පවසයි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us