රාජ්‍ය බුද්ධි අංශ බුදි ද ? Featured

Published in පුවත්
Monday, 05 March 2018 18:10

මෙරට රාජ්‍ය බුද්ධි අංශයක් කියා දෙයක් ඉස්සර ක්‍රියාත්මකව තිබිණි. රටේ ඕනෑම කොණක මොන හාවක් හූවක් ගියද වෙන්නේ මොකක්ද, කවුද කින්ද මන්ද කියා දැන ගැනීමේ හැකියාවක් එයට තිබිණි. රාජ්‍යයේ නීතිය හා සාමය පවත්වාගෙන යෑමට එම බුද්ධි අංශ ක්‍රියාකාරිත්වය ඉහල දායකත්වයක් ලබා දී තිබිණි.

ෙසිදුවීමක් වෙන්නට පෙර එය වලක්වාගෙන නැතිනම් රාජ්‍යයට අවම හානියක් වන ලෙස මෙහෙයවා ගැනීමේ හැකියාවක්ද එයට තිබිණි. එසේම පසුගිය රාජපක්ෂ සමයේදී අවශ්‍ය නම් ඕනැම සිදුවීමක් නිර්මාණය කිරීමේ හැකියාවද එයට තිබිණි. රාජපක්ෂවරුන්ගේ ඒකාධිපති මිලිටරි පන්නයේ ආණ්ඩුව පවත්වාගෙන ගියේ බුද්ධි අංශවල තොරතුරු වල සහයෙනි.

පොලීසිය මෙහෙයවන රාජ්‍ය බුද්ධි අංශයට අමතරව ආරක්ෂක අංශ වෙතින්ද බුද්ධි අංශ ගන්නාවක් ක්‍රියාත්මකව තිබිනි. මේ බුද්ධි අංශවලට අනුයුක්තව විසිදහසකට වැඩි පිරිසක් රට පුරා සේවායෙහි යොදවා තිබී ඇත.

ඒත් දැන් බල්ලෙක්වත් මේ සේවයෙහි යෙදී නැති බව සහතික කොට කියන්න පුලුවන් සිදුවීම් රටේ සිදුවෙමින් පවතී. අද මහනුවර ගිනි ගත්තේ ඒ නිසා බව පැහැදිලිය. සිංහල ජාතිවාදීන් මහත් විනාශයකට අර අදින බව ඊයේ පෙරේදා වන විට පැහැදිලි වෙමින් තිබිණි. අද බැරීම තැන මහනුවරට ඇඳිරි නීතිය දමා ගැ‍ටුම් සමතයකට පත් කිරීමට පොලීසියට සිදුව තිබෙන්නේ මේලෝක සංසාරයක දෙයක් කලින් දැනගැනීමට නොහැකි වීම නිසාය.

මෝඩ සිංහල ජාතිවාදීන් ඉතා සුළු පිරිසකගේ නොහික්මුණු ක්‍රියාවන් නිසා අද මහනුවර ජනතාවම පීඩාවට පත්ව සිටී.. එසේම අනෙක් පළාත්වල අන් ජාතිකත්වයන් නියෝජනය කරන පිරිසද මේ වන විට අත්තේ භීතියකින් බව අමුතුවෙන් කිව යුතු නැත. මේ තත්වය මෙරට ආර්ථිකයටද දේශපාලන ස්ථාවරත්වයට අනිසි බලපැම කරන බවත් අමුතුවෙන් කිව යුතු නැත. රටක් ලෙස ලෝකය හමුවේ අපකීර්තියට පත් වීමද සුළු ප‍ටු කාරණයක් නොවේ..

මේ දේශපාලන තත්වයන් නිර්මාණය කිරීම වෙනුවෙන් ඇතැම් දේශපාලන කණ්ඩායම් මේ ජාතිවාදී ගැ‍ටුම් පි‍ටුපස සිටියාද විය හැකිය.

නමුත් රටේ කරුමෙට මේ රාජ්‍ය බුද්ධි අංශ මේවා කලින් දැක තිබුණේ නැත. මේ නිසා මේ සිදුවෙමින් පවතින විනාශයට රාජ්‍ය බුද්ධි අංශ වගකීමෙන් විශාලම කොටස බාර ගත යුතුය.
අද මේ රාජ්‍ය බුද්ධි අංශ පවතින්නේ ජනාධිපතිවරයාගේ සෘජු අධීක්ෂණයේ බව පැවසේ. එසේම මීට වගකිව යුතු ඇමැතිවරයා වන්නෙ නීතිය හා සාමය ඇමැති, අගමැතිවරයාය. ආරක්ෂක මණ්ඩලය යනුවෙන් ද කමි‍ටුවක් රටේ ඇත. මේ අය හවසට හවසට කේක් කෑල්ලයි චයිනීස් රෝල් එකයි ගිලමින් තේ බිබී කතා කරන්නේ මොනවාදැයි සාධාරණ ලෙස අසන්නට සිදුවේ.

අන්තිමටා ගෝඨා තමයි මිනිහා කියන්නට වෙන තැනට රටේ ආරක්ෂාව බල්ලට දමමින් මේ සිදුවන විකාරය ඔවුන්ගේ කුමන්ත්‍රණයක්ද විය හැකියි.

මේ යන විදිහට නම් රටේ ප්‍රශ්න ගැන නන්දොඩවන ජනාධිපතිවරයෙක්, රටේ ප්‍රශ්න ගනන් නොගන්නා අගමැතිවරයෙක්..සහ රටේ ප්‍රශ්න නොව තමන්ගේ ප්‍රශ්න ලොකුකරගත් ඇමැතිවරු රොත්තක් ගැන කතන්දරයකින් නිමා වීමට නියමිත මෙගා ටෙලි නාට්‍යයක් බවට යහපාලනය පත් වෙමින් තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us