ජාතිවාදී ත්‍රස්තයන් ගැන දැනුම් දෙන්න...රට සුරකිමු ! Featured

Published in පුවත්
Wednesday, 07 March 2018 23:24

ජාතිවාදය හා ආගම්වාදය දඩමීමා කරගනිමින් කඩාකප්පල්කාරී ක්‍රීයාවන්හි නිරතවන්නන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා පැය 24 පුරාම ක්‍රීයාත්මක සහාය සේවා මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.


''රට තුළ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය පාලනය කීරිමට ගතයුතු සියලු පියවර මේ වන විට රජය විසින් ක්‍රියාත්මක කර ඇත. එසේ වුවද ඇතැම් අවස්ථාවලදී පිරිස විසින් ජාතිවාදය හා ආගම්වාදය දඩමීමා කර ගනිමින් කඩාකප්පල්කාරී ක්‍රීයාවන් හී නිරත වීමට කටයුතු කරමින් සිටින බවද ආරක්ෂක අංශ වෙත තොරතුරු වාර්තා වී ඇත. මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවන්හී නිරතවන හා එවැනි ක්‍රීයාවන් සැලසුම් කරන පුද්ගලයන් හෝ පුද්ගල කණ්ඩායම් පිළිබඳ තොරතුරු ලබාගැනීමටත් එම ක්‍රීයාවන් ක්ෂණිකව මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහාත් සහය සේවා මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇත.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ දවසේ පැය 24 පුරා අඛණ්ඩව ක්‍රීයාත්මක වන මෙම ක්ෂණික සහාය සේවා මධ්‍යස්ථානයේ දුරකථන අංක 0711 261 261 හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් තැපෑල හරහා තොරතුරු ලබාදෙන ලෙසත් , අවශ්‍ය ක්ෂණික සහාය ලබා ගන්නා ලෙසත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී''.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us