වාරණයට විරුද්ධයි.. වර්ගවාදයටත් විරුද්ධයි - තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගෙන් නිවේදනයක් Featured

Published in පුවත්
Monday, 12 March 2018 00:40

පසුගියදා තෙල්දෙණිය ප්‍රදේශයේදී ඇතිවුණු ජාතිවාදී සිදුවීමත් ඉන අනතුරුව එය සම්ජජාල හරහා පැතිරීමේ තිබුණු අවධානමත් නිසාවෙන් රජය මගින් සමජජාලා සහ සමහර පණිවිඩ හුවමාරු විදි ප්‍රමාණයක් (facebook, viber whatsapp වැනි ) රටතුල අවහිර කිරීමට අදාල පියවර ගැනුනි. එම මොහොතේදී එය එම ප්‍රවනතාව නවතාලීමේදී පිටුවහලක් වුවද දැන් එය රජය නිසි අවබෝදයකින් තොරව සිදු කරමින් සිටින නිසා රටට බරපතල හානි සිදුවෙමින් පවතී මෙම ලිපිය එය පිළිබද ලියවුන ලද්දකි.

මුලිකව මෙම සිදුවීම් පෙළ සිදුවීමේදී රජය නිතිය ක්‍රියාත්මක කිරීමේදී දැක්වූ නොහැකියාව නිසා උත්ගත වුවක් මිස සමාජ ජලා තුල මත පමණක් වරද පැටවිය නොහැක.

එලෙසින්ම රජය මෙහිදී සිදුවන ජන ජීවිතයේ බිදවැටීම් ,මානව අයිතිවාසිකම්කඩවීම, රටේ අදායම් බිදවැටීම් ආදිය තක්සේරු කල බවක් නොපෙනේ.

අන්තර්ජාලය සහ ජන ජීවිතය

ශිෂ්ටාචාරයේ දියුණුව පිණිස මානවයා නිර්මාණය කළ අග්‍රගන්‍ය මෙවලමක් වූ අන්තර්ජාලය වත්මන් ලෝකයේ මානව නිදහසේ, ප්‍රජාතන්ත්‍රවාදයේ සහ සන්නිවේදන විප්ලවයේ සංකේතය බඳු වෙයි. වර්තමානයේ යම් රටක් මානව නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට යම් ප්‍රතිපත්තිමය තීරණ ගන්නේද, අන්තර්ජාලයට ප්‍රවිෂ්ට වීමේ නිදහස සහ එම හැකියාව ඉහල නැංවීම එම ප්‍රතිපත්තීන්හි මූලික අරමුණක් වන්නේය.

එවන් මෙවලම් විටෙක බලාපොරොත්තු නොවූ අරමුණු පිණිස ඇතැමුන් යොදා ගත්තද ඒවායින් සමාජ ප්‍රගමනය වෙනුවෙන් සිදු වන මෙහෙවර ප්‍රතික්ෂේප කළ නොහැක.

අන්තර්ජාලයට ප්‍රවිෂ්ට වීමේ නිදහසට එරෙහි වන සහ ඒ සඳහා සීමා පනවන රාජ්‍යයන් බොහෝ විට දුෂණය, වංචාව අතින් පරිහානියට පත් හා ප්‍රජාතන්ත්‍ර විරෝධී මාවතේ ගමන් ගන්නා රාජ්‍යයන් බවට සැලකේ.

ශ්‍රී ලංකාව රාජ්‍යයක් වශයෙන් ආදර්ශයට ගන්නේ මානව නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිගන්නා රාජ්‍යයන් ද එසේ නැතහොත් දුෂිත, ප්‍රජාතන්ත්‍ර විරෝධී රාජ්‍යයන්ද යන්න ප්‍රශ්න කිරීමේ කාලය උදා වී ඇත.

මේ අදුරදර්ශී ක්‍රියාකලාපයන් නිසා ශ්‍රී ලංකාවේ කීර්තිනාමය කෙලෙසීමෙන් සංචාරක ව්‍යාපාරය හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අප රටට හිමිවී තිබෙන කීර්තිනාමය කෙලෙසී ගොස් විශාල ආර්ථික අලාභයන්ට මුහුණ පෑමට සිදුවනු ඇත.

අන්තර්ජාලය දැන් ජනජීවිතයට අත්‍යාවශ්‍ය අංගයක් වි අවසන්ය. එදිනෙදා ජීවිතයේදී හිත මිතුරන් සමඟ මෙන්ම ව්‍යාපාරික මට්ටමේ සංනිවේදන කටයුතු සඳහා ද, අධ්‍යාපනික කටයුතු, ප්‍රජා සංවිධාන මෙන්ම ව්‍යාපාරික ආයතනද අන්තර්ජාල මාර්ගයෙන් කරගෙන යනව.

අන්තර්ජාල භාවිතයේදි සමාජ ජාල වැදගත් කාර්යය භාරයක් ඉටු කරන අතර, ඉතා පහසුවෙන් සංනිවේදනයට ඇති හැකියාව සහ තමන්ට රුචි විෂයන් පිළිබඳව දැනුම බෙදා ගැනීම, ව්‍යාපාරික ආයතනවල මහජන සම්බන්ධතා සම්බන්ධීකරණය කිරීම වැනි කාරණා සඳහා මෙරට ජනතාව බහුලව සමාජ ජාල භාවිතා කරයි.

සමාජ ජාල පාලනය නිසා ඇති ගැටලු

සමාජ ජාල යන්න අදවන විට හුදෙක් විනෝදාස්වාදය සඳහා හෝ හිත මිතුරැ සම්බන්ධතා පවත්වාගැනීම උදෙසා පමණක් භාවිතා වන්නක් නොවේ. අද ඊට වඩා පුළුල් පරාසයක කටයුතු සඳහා සමාජ ජාල භාවිතා වේ. ඒ හේතුවෙන් මෙවැනි වාරණයන් විවිධ ක්ෂේත්‍ර වල කටයුතු අඩපණ කිරීමට හේතුවේ .

සන්නිවේදනය:

අද වන විට සමාජ ජාල වෙබ් අඩවි යනු හුදෙක් පුද්ගලික අවශ්‍යයතා සඳහා පමණක් බාවිතාවීමෙන් වෙනස්ව, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ගේ සිට විවිධ ක්ශේත්‍රයන්ගේ මහා පරිමාණ ව්‍යාපාර දක්වා ආයතන තමන්ගේ සේවකයන් මෙන්ම සේවාලාභීන් අතරත් සංනිවේදන කටයුතු සහ ක්ෂණිව පණිවිඩ හුවමාරුව සඳහා භාවිතා කරයි. එපමණක්ම නොව රාජ්‍ය ආයතන පවා සංනිවේදන කටයුතු සඳහා සමාජ ජාල භාවිත කරන්නේ එහි ඵළදායිතාවය පිලිබඳව ඇති අවබෝධය නිසාවෙනි.

රටේ ප්‍රධාන අදායම් මාර්ග වන විදේශගත සේවය සැලකුවහොත් ඔවුන් බොහොමයක් තම ගෙදර දොර විස්තර දැනගැනීමටත් බවිතකරන්නේද ලාබදායි සන්නිවේදන ක්‍රම වන මේවායි විශේෂයෙන් කොරියාවේ මැදපෙරදිග වගේ පිටරට වැඩකරන ලංකාවේ ප්‍රධාන විදේශ විනිමය ගෙන කොටසට තමන්ගේ ගෙදර තත්වේ බලා ගන්නවත් බැරි වීම කණගාටුවට කරුණක්.

එමෙන්ම සංචාරක ව්‍යාපාරයේ සැලකුව හොත් අප රටට පැමිණෙන බොහෝ සංචාරකයින්ගේ සන්නිවේදන අවශ්‍යතා හෝටල් ප්‍රවාහන සම්බන්දීකරන කටයුතු සදහාත් සංචාරක ප්‍රවර්ධන කටයුතුත් සිදුවන්නේ සමාජ ජාල හරහායි

වැඩසටහන් සංවිධානය:

විවිධ වූ ආයතන විසින් සිදු කරන වැඩසටහන් පිළිබද තම සේවාලාභියන්/ප්‍රේක්‍ෂකයින් දැණුවත් කිරීමට සමාජ ජාල වටිනා වේදිකාවක්. වැඩසටහන පිළිබඳ තොරතුරු ලබාදීම පමණක් නොව පසුව ඒ ගැන සේවාලාභියන්/ප්‍රේක්‍ෂකයින්ගෙන් පසු අදහස් ලබාගැනීමේ කර්තව්‍ය ද සමාජ ජාල විසින් ඉතා විශාල ලෙස පහසු කර දෙනවා. ඒ හේතුවෙන්ව විවිධ ආයතන මෙන්ම විවිධ සංවිධාන ද තම වැඩසටහන් සංවිධානය කිරීමට සමාජ ජාල භාවිතා කරයි .

විවිධ සේවා සඳහා ප්‍රවේශය:

සමාජ ජාල සඳහා වන ගිණුම් භාවිතයෙන් විවිධ වෙබ් අඩවි සඳහා පහසුවෙන් පිවිසීමට අදාල වෙබ් අඩවි තුල පහසුකම් සලසා තිබේ. සමහර වෙබ් අඩවිවල අදහස් (comments) ප්‍රකාශ කිරීම සඳහා පහසුවෙන් තම අනන්‍යතාව පෙන්වීමට ෆේස්බුක් ට්විටර් වැනි සමාජ ජාල සේවා හරහා ලෝග්වීමට ලබාදී ඇති පහසුකම මීට සරල උදාහරණයක්. සමාජ ජාල සඳහා ප්‍රවේශය සීමා කිරීමකදි හෝ අවහිර කිරීමකදි සමාජ ජාල හරහා පිවිසිමට අවස්තාව ලබාදෙන එවැනි වෙබ් අඩවි සඳහා පිවිසුම් හැකියාව ද අවහිර වේ. මෙවැනි වෙබ් අඩවි ඉතා වටිනා ව්‍යාපෘති වන අතර හුදෙක් සේවාලාභින්ගේ (users) ප්‍රවේශනයේ පහසුවට සමාජ ජාල සමඟ සම්බන්ධ කර ඇත.

ව්‍යාපාරික කටයුතු:

බොහෝමයක් සමාජ ජාල හරහා වෙළඳ දැන්වීම් ප්‍රචාරණය සහ ඩිජිටල් අලෙවිකරණ සුලබව දැකිය හැකි දෙයක් මෙන්ම මෙරට සැලකිය යුතු ආයතන ගණනාවක් මෙන්ම තනි පුද්ගල ව්‍යාපාර ද මේ ආශ්‍රීතව මේ වන විට බිහිවී ඈත.

සාම්ප්‍රදායික අපනයන ආදායම් මාර්‍ග කඩා වැටෙන අවදියකදි අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම රටේ ආර්ථීකයට පමණක් නොව සැලකියුතු පිරිසකගේ රැකියා ගැටලුවටද විසදුමක් වී හමාරයි.
ශ්‍රී ලංකාවේ දල වාර්ෂික ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 4000 ක වැනි මට්ටමක එනම් ශ්‍රී ලංකා රුපියල් මිලියන 0.5 වැනි අගයක් ගන්නා මෙකල, ආදායමට වඩා ඇතිවන වියදම ඉතා අධික බව අප කාටත් මනාව අවබෝධවී ඇති කටුක සත්‍යයයි මෙවැනි වාතාවරණයක, අන්තර්ජාල භාවිතයෙන් සිදුකරන අර්ධකාලීන රැකියා මඟින් වැඩිවන වියදම් බර යම් තරමකට හෝ අවම කරගැනීමට ජනතාවට ඇති අවස්ථා ද අන්තර්ජාල පිවිසුමට බාධා පැමිණවීම තුලින් අවාසනාවන්ත ලෙස අහිමි වේ. බදු බරින් පෙලෙන මිරිකෙන ජනතාවකට මෙවැනි අතිරේක ආදායම් උපදවන මාර්ග ඇහිරී යාමට ද ද මෙම කාරණය තුල විශේෂයෙන් VPN එනම් අතත්‍ය පෞද්ගලික ජාල වාරණ ක්‍රියාමාර්ග හේතුවෙන් කටයුතු සැලසීම තුල පාලන තන්ත්‍රය කෙරෙහි ඇති ජනතා අප්‍රසාදය තීව්ර වීමට ද හේතුවිය හැක.

මෙය හදිසි ගංවතුරක් හේතුවෙන් වන වගා විනාශය නිසා තම ජීවිකාව අහිමිවන ගොවියකු මුහුණ දෙන ගැටලුව වගේම බරපතළ ගැටලුවක්. මක් නිසාද, විදේශීය ආයතන හෝ පුද්ගලයින් ඔවුන් මෙරට වෘතිකයින්ට ලබා දුන් ව්‍යාපෘති අසාර්ථක වීමට දේශීයව ඈති වන ගැටලු වලින් වන බලපෑම සලකා බලන්නේ නැහැ. මෙම නිසා මෙරට වෘතිකයින්ට යම් අවදානමක් පවතිනව.

සමාජ ජාල නොවන අනෙකුත් අන්තර්ජාල සේවා

සන්නිවේදන මාධ්‍ය

Viber, WhatsApp ආදී සංනිවේදන මාධ්‍ය හරහා තම හිතවතුන් සමග සංනිවේදනයේ යෙදෙන අයගේ සිට විදෙස් රටවල් සමඟ සම්බන්ධතා පැවැත්වීම වෙනුවෙන් කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර කරන පුද්ගලයින් සහ ආයතන ඇත. සංචාරක, මෙන්ම කුඩා සහ මධ්‍යම පරිමාණයෙන් තම නිෂ්පාදන විදෙස් රටවල අපනයනය කරන ව්‍යාපාරිකයන් ද මේ අතර වේ. තාක්ෂණික දැනුම වෙනත් රටවල් වල ආයතන වලට ලබා දෙමින් නිවෙස්වල සිට මෙන්ම විශාල පරිමාණයේ ආයතන මඟින් මෙවන් සේවා ලබා දෙමින් අප රටට විදේශ විනිමය ලබා දෙන අයවලුන්ගේ සේවා සැපයුමට ද මෙවැනි වාරණ මඟින් සැලකියයුතු මට්ටමේ අපහසුතා සිදුවේ.

පසුගිය දිනවල රට තුළ ඇතිවූ කලබලකාරී තත්වය ඔස්සේ ශ්‍රී ලංකාව තුල ලක්ෂ 59ක් භාවිතා කරන මුහුණු පොතත් (facebook), Viber, WhatsApp සංනිවේදන තහනම හේතුවෙන් විදේශීය රටවලට සේවාවන් ලබාදෙන තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට සිය සේවාවන් පවත්වාගෙන යාමට බාධා පැමිණීම නිසා ඔවුන්ගේ රැකියා අහිමිවීමේ අවදානමක් ඇතිව ඇතැයි වාර්තා වේ.

එම තත්ත්වය හේතුවෙන් Fiverr, upwork, freelancer වැනි නොබැදි වෘත්තීමය සේවාවන් සපයන, එම වෙබ් අඩවි ඔස්සේ රටට විදේශ විනිමය ගෙනෙන තරුණ තරුණියන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව පැවසේ.

ඔවුන් බහුතරය තම පාරිභෝගිකයන් අමතන්නේ facebook, Viber හා WhatsApp තාක්ෂණය ඔස්සේය.

එම මාධ්‍ය බිඳවැටීම හේතුවෙන් රටට ලැබෙන්න ඩොලර් ආදායම අහිමි වෙමින් ඇති අතර, තාක්ෂණය දන්න අය facebook සේවාව පවත්වාගෙන යාමට වෙනත් ක්‍රම භාවිතා කළද එයත් 100% සාර්ථක නැති බවද වාර්තා වේ.


මෘදුකාංග සංවර්ධනය

මෘදුකාංග සංවර්ධනය සඳහා තාක්ෂණික භාවිතා (NPM/ php.net ආදි) ක්‍රියාත්මක නොවීම ද මේ ආශ්‍රිතව ඇතිවන වඩාත් තාක්ෂණික මට්ටමේ ගැටලුවකි. ගූගල් වැනි ජාත්‍යන්තර සමාගම් මඟින් ලබාදෙන DNS සේවා අවහිරය වැනි හේතුවල සිට වෘත්තීය මට්ටමේ මෘදුකාංග සංවර්ධන සහ වෙනත් ආයතන කටයුතු සඳහා යොදාගැනෙන VPN ජාල පවත්වාගෙන යාමට විවිධ අවහිරතා ඇතිවීම දක්වාවන පුළුල් පරාසයක විහිදෙන දුෂ්කරතාවන් මෘදුකාංග සංවර්ධනය ආශ්‍රිත ව්‍යාපාර ආයතන සඳහා මෙවැනි වාරණ හේතුවෙන් ඇතිවේ.

එමෙන් ම, මෙවැනි ජාත්‍යන්තරය සමඟ නිරතුරුව ගනුදෙනු කරන ව්‍යාපාර ආයතන සඳහා ස්ථාවර මට්ටමේ සන්නාම ප්‍රවර්ධන හැකියාවක් (Brand presence) තරඟකාරී මෘදුකාංග නිෂ්පාද න වෙළඳපොල තුල පැවතීම ඒවායේ පැවැත්මට අත්‍යාවශ්‍ය වේ. සමාජ ජාල පදනම් කරගත් යෙදවුම්/ වෙළදාම් (social media marketing) වලට ඇතිවන බාධාවන් සහ ඒ නිසා සිදුවන මූල්‍යයම පාඩු ද මෙහිලා ප්‍රධාන වශයෙන් අවධානයට ලක්විය යුතුය.


විකල්ප විසදුම් භාවිතය

සමාජ ජාල අවහිර වීමත් සමඟම බොහෝ පිරිස් විවිධ වූ විකල්ප භාවිතය ට යොමු විය. මේ අවස්ථාවේදි තමන් භාවිත කරන විකල්ප විසදුම් කොතරම් දුරට ආරක්‍ෂිතද යන්න තැකීමකට ලක් නොකිරීම තුලින් මෙතෙක් අන්තර්ජාල ආශ්‍රිත ආරක්ෂාව සම්බන්ධ ශ්‍රී ලාංකික පාරිබෝගිකයින්හට නොපැවතුනු ගැටළු රැසක් ඇතිකිරීමට ද හේතුවිය හැක. විශේෂයෙන් අන්තර්ජාල ගිණුම් ආශ්‍රිත මුරපද (log-ins and passwords) ආදිය යම් අයුරකින් විදේශීය සර්වර් හිමිකරුවන් හෝ ඒ ආශ්‍රිත වෙනත් අයුතු ව්‍යාපාරවල යෙදෙන පාර්ශව සතුවුවහොත් ජනතාවගේ පුද්ගලිකත්වයට සිදුවන හානිය ද අතිමහත් ය.

Adware / spyware වැනි මෘදුකාංග මෙම විකල්ප උපක්‍රම සමඟ එම විකල්ප භාවිත

කරන ජනතාවගේ පරිගණක හා ස්මාට් උපාංග තුලට ඇතුලත්වීමෙන් වඩා බරපතල හානිදායක තත්වයන් ඇතිවිය හැක.

මෙවන් තත්වයන් හේතුකොට ගෙන පුරවැසියන් මුහුණ පෑ හැකි අනතුරු පිළිබඳව හානි ඇගයීමක් (impact assesment) සිදු කිරීම මෙවැනි පියවර ගැනීමට ප්‍රථම සිදු කළ යුතුය.

නැතහොත් සිදුවන්නේ පුරවැසියන් වශයෙන් විකල්පයන් සෙවීමට යාමේදී ඩිජිටල් දත්ත හා බුද්ධිමය දේපළ අන්සතුවීම හා ට්‍රෝජන් ආකාරයේ මෘදුකාංග ස්ථාපනය වීම මගින් ආපසු හැරවිය නොහැකි අනතුරු රැසකට ලක්වීම ය.

අපි වාරණයකින් තොරව තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් ‌පෙනී සිටිමු. නිදහස සහ සමානාත්මතාවය අගය කරමු. වර්ගවාදය ප්‍රතික්ශේප කරමු. එහෙත් කුමන ආකාරයේ හෝ තොරතුරු වාරණයකට එකඟ නොවෙමු.


- අන්තර්ජාල නිදහස සඳහා වූ ව්‍යාපාරය

   තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගෙන් සැදුම්ලත්  සංවිධානයකි.

 

Last modified on Monday, 12 March 2018 02:10

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us