විපක්ෂ නායක රනිල්ව එළවන්න බැරිකොට අගමැති රනිල්ව කොහොම එළවන්නද?

Published in පුවත්
Monday, 12 March 2018 13:23

රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායක ධූරයේ කටයුතු කරමින් සිටිය දී පවා ඉවත් කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කළා. නමුත් ඉවත් කර ගැනීමට නොහැකි වුනා. විපක්ෂ නායක ධූරයේ සිටිය දී ඉවත් කර ගැනීමට නොහැකි වූ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයේ සිටිය දී ඉවත් කර ගන්නේ කොහොමද '' යනුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රශ්න කරයි.

පයාගල මලේගොඩ ප්‍රදේශයේ පැවැති උත්සවයකට පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “රජය තුල විවිධ ගැටලු තිබුනත් මහනුවර සහ අම්පාර සිද්ධීන් වල දී මුලු රජයම එකතු වී තීන්දු තීරණ ගනු ලැබුවා. ජාතිවාදය සහ ආගම්වාදය පැතිරවීම සංවිධානාත්මකව සිදු කළ වැඩපිළිවෙලක්. එක්තරා දේශපාලන පක්ෂයක නියෝජිතයින් මෙම ගැටුම් පිටුපස සිටිනවා. ඉදිරි ජනාධිපතිවරණයක දී එම දේශපාලන පක්ෂයේ අපේක්ෂකයාට ජය ගැනීම සදහා ද්‍රවිඩ මුස්ලිම් ඡන්ද ලබාගත යුතුයි. බලය ලබාගැනීමේ අරමුණින් තමයි ඔවුන් රාජ්‍ය විරෝධී වැඩපිළිවෙළක් දියත් කර ඇත්තේ.

දැනට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට හැකියාව තිබෙනවා. විදේශ ආයෝජන ලැබෙමින් රට දියුණුවට පත්වීම බලාගෙන ඉන්න බැරි පිරිසක් තමයි රට ගිනි තැබීමට උත්සාහ කරන්නේ. අපි රට දියුණූ කළ යුතුයි. වත්මන් රජය ලබාදුන් පොරොන්දු පත්‍රය දෙස බලමින් එම පොරොන්දු ඉටු කරමින් තිබෙනවා. ඒ පිළිබදව ජනතාවට නිසි අවබෝධයක් නොමැති බව අපි තේරුම් ගත යුතුයි. කරපු වැඩ කියන්න අපේ රජයේ ඇමැතිවරුත් කටයුතු කරන්නේ නැහැ. අපේ රජයේ එකම අඩුපාඩුව තමයි පසුගිය රජයේ සිදු කළ දුෂණ වංචා පිළිබද පරීක්ෂණ කඩිනම් නොකිරීම. එම ප්‍රශ්ණ වලට ඉදිරියේ දී විසදුම් ලැබෙනවා.”

“අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙනඒමට ඒකාබද්ධ විපක්ෂය සුදානම් වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් නායකයාට විරුද්ධව කටයුතු කරන්නේ නැහැ. සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදා ගන්නවා. අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමේ වැඩපිළීවෙළක් දියත් කළ හොත් එම සටන මාස 06 කට වැඩි කාලයක් සිදු කරගෙන යාමට සිදු වෙනවා. එවිට අපිට ජනතාවට සේවාවන් සළසන්න බැහැ. එහි වාසිය ලැබෙන්නේ විපක්ෂයටයි.” යනුවෙන්ද පැවැසීය.



Last modified on Monday, 12 March 2018 13:28

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us