ජාලේ බෙරලා දෙන්නැයි විජිත, මංගලට ලියුම් ලියයි..

Published in පුවත්
Wednesday, 14 March 2018 12:20

සමාජ ජාලා ආණ්ඩුවේ අත් අඩංගුවෙන් මුදවන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර ගෙන් දියාරූ ඉල්ලීමක් කර තිබේ.

සමාජ ජාලා තහනම ජනාධිපතිවරයා විසින් ජාතික ආරක්ෂක මණ්ඩලයේ තීරණයක් ලෙස ගනිමින් සිදුකළ දෙයක් වන අතර එය ජනමාධය ඇමැතිවරයා පවා පසුව දැනගත් බව කියැවේ. ඒ නිසා මේ ලියුම් ජනමාධ්‍ය ඇමැතිවරයාට ලිවීමෙන් පලක් නැත. ඇමැතිවරයාගේ ස්ථාවරයද සමාජ මාධ්‍ය වාරණයකට ලක් නොකළ යුතු බව යැයි වර්තා වී තිබිණි.

ජවිපෙ මංගලගෙන් කරන මෙම දියාරූ ඉල්ලීම හෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට තරම් වුවමනාවක් පෙන්නුම් නොකරන්නේ මෙම තහනම ගැන අනියමින් කැමැත්තක තිබෙන නිසාද යන්න ගැන පැහැදිලි නැත.

 

ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
163, කිරුලපන මාවත,
පොල්හේන්ගොඩ,
කොළඹ 05.

අමාත්‍යතුමනි,

සමාජ මාධ්‍ය ජාල තහනම පිළිබඳවයි

පසුගිය දිනවල මහනුවර ප්‍රදේශය කේන්ද්‍ර ගත කරගනිමින් ඇවිලී ගිය ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් ආශ්‍රිත සිදුවීම් සමාජ ජාලයන් මගින් ව්‍යාප්ත වීමේ ඉඩ ඇති බව පවසමින් ආණ්ඩුව විසින් එම ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් වැනි සමාජ මාධ්‍ය වෙත තිබූ ප්‍රවේශය අවහිර කිරීමට පියවර ගන්නා ලදී.

එහෙත් එම නිශ්චිත මෙහොතේ ගන්නා ලද සමාජ ජාල තහනම පිළිබඳ තීරණය මේ දක්වා ඉවත් කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් එම මාධ්‍ය ප්‍රයෝජනයට ගනිමින් පොදු සන්නිවේදන කටයුතුවල යෙදෙන සහ වෘත්තීමය කටයුතුවලදී භාවිත කරන විශාල පිරිසක් අපහසුතාවයට පත්ව සිටිති. වඩා බරපතළ කරුණ වනුයේ, මෙම තහනම දිග්ගැස්සීම මගින් ආණ්ඩුව තොරතුරු දැනගැනීමේ අයිතිය, අදහස් ප්‍රකාශනයේ අයිතිය වැනි ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් සීමා කිරීමට කූඨ ලෙස උත්සාහ දරමින් සිටින්නේද යන්නය.

සැබැවින්ම ආණ්ඩුව කළ යුතුව තිබුණේ ජාතිවාදය හා ආගම්වාදය වපුරන, වෛරී ප්‍රකාශනයකට ඉඩ නොතබන ලෙසට පූර්වයෙන් පියවර ගැනීමය; ඊට අදාළ නීතිය උපරිම ලෙස ක්‍රියාවේ යෙදවීමය. ක්‍රමයෙන් නිදැල්ලේ වැඩීමට ඉඩ හළ මෙම ප්‍රවණතාවයන් සමාජ ජාල තුළ ව්‍යාප්ත වෙද්දීද ආණ්ඩුව ඒ පිළිබඳව ක්‍රියාත්මක වූයේ නැත. එහෙත් එසේ වැඩුණු ජාතිවාදී ආගම්වාදී අදහස් මානව ක්‍රියාකාරිත්වයක් බවට පත්ව ලේ, ගිනිදළු ලෙසින් කඩාවැදිය හැකි බවත් එහි බරපතළකමත් ආණ්ඩුව දැන සිටිය යුතුව තිබිණි. තිස් වසකට වැඩි ජාතිවාදී යුදමය තත්වයකින් බැට කෑ සමාජ අත්දැකීමට පසුවත් මෙම අවදානම තේරුම් ගැනීමට ආණ්ඩුව අසමත්ද යන්න අපි නොදනිමු.

එහෙත් සැබැවින්ම දැන් ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ, පසුගිය දිනවල අවාසනාවන්ත ලෙස දිගහැරුණු මෙම සිදුවීම්වල පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම වැනි කටයුත්තකි. එවැනි තත්වයක් තුළ දැන් මෙම සමාජ මාධ්‍ය තහනම නඩත්තු කිරීම රටට ප්‍රදර්ශනය වනු ඇත්තේ, ‘ගෙදර ඇති මුව හමට තඩි බෑමකට’ වැඩි දෙයක් ලෙස නොවේ.

විදෙස් ගත විශාල ශ්‍රමික පිරිසක් අඩු වියදමින් තමන්ගේ නිවස සමග සන්නිවේදනය කරගන්නා මාර්ගය වන්නා වූද සංචාරක කර්මාන්තය, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය, දැන්වීම් හා පාරිභෝගික සේවා ආදී ආර්ථික කටයුතුවලට අත්‍යාවශ්‍ය වූද සමාජ ජාල අද වන විට පුළුල් ලෙස ජන ජීවිතය හා බැඳී තිබෙන්නකි. එය හුදු ජාතිවාදී හා ආගම්වාදී වෛරී ප්‍රකාශන සිදුකරන අතළොස්සක් දෙනාගේ ක්‍රියාකාරකම් පදනම් කරගනිමින් ජනතාවගෙන් බැහැර කර තිබිය යුත්තක් නොවේ.

එබැවින් කඩිනමින් අදාළ පියවර ගෙන අන්තර්ජාල සමාජ මාධ්‍ය කඩිනමින් ආණ්ඩුවේ ‘අත්අඩංගුවෙන්’ මුදා හැරීමට පියවර ගන්නා මෙන් දැඩිව ඉල්ලා සිටින අතර ජනතාවගේ පුළුල් ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් උල්ලංඝනය කරන මාධ්‍ය මර්දනයකට මෙමගින් උත්සාහ නොකරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි.

විජිත හේරත්
පාර්ලිමේන්තු මන්ත්‍රී
2018.03.14

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us